(තිළිණි ද සිල්වා)
විදේශ රටවල සේවයේ සිටියදී මියගිය ශ්‍රී ලාංකිකයින්ගේ පවුල්වලට රුපියල් කෝටි තුනක වන්දි මුදල් ලබා දීමට කටයුතු කළ බව විදේශ අමාත්‍යාංශය පවසයි.
මැදපෙරදිග ඇතුළු විවිධ රටවලදී සේවය කරමින් සිටියදී මියගිය ලාංකිකයින්ගේ පවුල් වෙත මෙම වන්දි මුදල් හිමිවන අතර මැද පෙරදිග රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල සහාය ඇතිව, එම රුපියල් කෝටි තුනක වන්දි, වැටුප් හිඟ මුදල් සහ වෙනත් සහන ලබා ගැනීමට අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයට හැකි වූ බවද එම අමාත්‍යාංශය කියයි.
විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය විසින් මියගිය ශ්‍රී ලාංකිකයින්ගේ පවුලේ සාමාජිකයින්ට අදාළ වන්දි ප්‍රදානය කීරිමේ නිල ලිපි බාර දීම විදේශ අමාත්‍යංශයේදී පැවැත්විණි.
විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා , විදේශ ලේකම් අද්මිරාල් (මහාචාර්ය) ජයනාත් කොළඹගේ මහතා, කොන්සියුලර් කටයුතු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්වනාත් අපොන්සු මහතා, සංක්‍රමණ පිළිබඳ ජාත්‍යන්තර සංවිධානයේ ප්‍රධානී සරට් ඩෑෂ් මහතා සහ, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ශ්‍රි ලංකා අධ්‍යක්ෂ සිම්රින් සිං මහත්මිය විසින් මියගිය සංක්‍රමණික සේවකයන්ගේ පවුලේ සාමාජිකයින්ට වන්දි මුදල් සහිත ලිපි භාර දෙන ලදී.
බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරි සිරිදත් ධම්මික මහතා ඝාතනය කිරිමට ඝාතකයන් පැමිණි බවට සැලකෙන යතුරුපැදි දෙකක් යක්කලමුල්ල තල්ගහව
හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.
වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද
සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු
අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
එතෙරදී මියගිය ලාංකික ශ්‍රමිකයන්ගේ පවුල්වලට කෝටි තුනක වන්දි
කිරි පුතා Friday, 18 June 2021 10:48 AM
හොඳ ආයතනයක වැඩ කළා නම් , ජීවිත රක්ෂණයක් තිබුණා නම් , මිය ගිය කෙනෙකුට සෑහෙන වන්දියක් ලැබෙනවා. ලංකාවේ තානාපති අංශ නම් කරන දෙයක් නෑ. අපි පස්සෙන් පන්නලා ඒ මුදල් ගැන හොයන්න ඕනෑ. නැත්නම් ඒකටත් සොරි. අත්දැකීමෙන් කියන්නේ...!!!
Mr,Don Friday, 18 June 2021 11:50 AM
නිකන් බොරු කියන්න එපා. නුඹලා දාන වන්දි...