IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


එතෙර සිට එන අයගේ නිරෝධායන කාලය අඩුවන ලකුණු

(සුජිත් හේවාජූලිගේ)

විදේශගත ශ්‍රී ලාංකිකයන් මෙරටට පැමිණීමේදී නිරෝධායනය කාලය දින හතක් දක්වා අඩු කිරීමට අනුමැතිය දෙන්නැයි සෞඛ්‍ය අංශ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරන බව කෝවිඩ් -19 පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල්  ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ගේ තීරණය  හෙට ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි ද යුද හමුදපතිවරයා සඳහන් කරයි.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට පැමිණීමේදී ඔවුන් හෝටල්වල හෝ නිරෝධායන මධ්‍යස්ථානයන් හි  දින 14ක් නිරෝධායනයට යොමු කෙරිණි.

මෙම දිගු නිරෝධායනය  තමන්ට දැඩි පීඩාවක් බව විශාල පිරිසක් රජයට හා ආරක්ෂක අංශ ප්‍රධානීන්ට පැමිණිලි කර තිබිණි.



අදහස් (17)

එතෙර සිට එන අයගේ නිරෝධායන කාලය අඩුවන ලකුණු

Pradeep Sunday, 14 March 2021 07:58 AM

මහත්තයෝ හරියටම තීරණය කරලා එක දෙයක් කියනවද..? කලින් කිව්වා එන්නත ලබාගෙන පැමිණෙන විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට තම නිවාස වලම නිරෝධායනය වෙන්න පුළුවන් කියලා. දැන් කියනවා දවස් 07ක් හෝටල්වල නිරෝධායනය කරන්න යනවා කියලා. ඇත්තටම මොකක්ද කරන්න යන්නේ..? කලාපයේ බොහෝ රටවල් මේ වනවිටත් තම විදෙස් ශ්‍රමිකයින්ට නිවාස නිරෝධායනය ලබාදෙනවා. නමුත් අපේ අය තවම ඒ ගැන සලකා බලනවා.

:       0       0

පිටිගල මිලානෝ Sunday, 14 March 2021 08:18 AM

එන්නත් දෙකම විදගෙන එන අයට මොකද කරන්නේ..?

:       0       0

Dr.Sagara Sunday, 14 March 2021 08:37 AM

හොඳ යෝජනාවක්... ‘‘ගසා කෑවා හොඳටම ඇති. දැන්වත් නතර කරමු. ‘‘අහිංසක පිටරට මිනිස්සුන්ගෙන් ගන්න මුදල්.. කෝ විදේශ සේවා කාර්යාංශය...? මොනවද කළේ රට විරුවන්ට..? ‘‘දැන්වත් ගසාකෑම හොඳටම ඇති... නතර කරමු..‘‘

:       0       0

ruwan Sunday, 14 March 2021 08:38 AM

ඡන්දේ ඉවර වෙනකන් ඕක ඇඳන් යට...

:       0       0

SamanthaK Sunday, 14 March 2021 08:45 AM

ඊයේ කිව්වේ රටින් එන අය ගෙදරම නිරෝධායනයට කියලා... අද නිරෝධායන කාලය දින 07ක් දක්වා අඩු කිරීමට අනුමැතිය ඉල්ලයි කියනවා. බෙහෙත් විදපු අයට නිවෙස් නිරෝධායනය දෙන්න. ලොකු කාලයක් නිවාඩු දෙන්නේ නැහැ. ආයතන වලින් මෙහෙම එන්න නම් රස්සාවල් දාලා එන්න ඕනෑ. දැන් ඔය ඇති අපට එන්න දෙන්න අපේ රටට...

:       0       0

pathirana Sunday, 14 March 2021 08:45 AM

දැන් ඔයා කියන්නේ එන්නත් ලබාගත්ත කට්ටියත් නිරෝධායනය වෙන්න ඕනෑ කියන එකද? නැතිනම් ඊයේ කිව්වා වගේ එන්නත් ගත්ත කට්ටියට ගෙදර නිරෝධායනය වෙන්න ඉඩදෙනවද?

:       0       0

SamanthaK Sunday, 14 March 2021 09:10 AM

එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඩුබායිවල එදිනෙදා සාමාන්‍ය ජීවන රටාව ගෙවන අපට ඇයි අපේ රටට ඇවිත් PCR එකක් කරන් එහෙම ඉන්න බැරි...? නිවෙස් නිරෝධායනය දෙන්න... දැන් ඔය ඇති අපට එන්න දෙන්න අපේ රටට... අවුරුද්දටම නිවාඩු ලැබෙන්නේ පොඩි කාලයක් අපට අපේ පවුලේ අයත් එක්ක ඉන්න...

:       0       0

Janaka Sunday, 14 March 2021 09:15 AM

ඩුබායි ගිය නාමල් ඇමැතිතුමා ආපසු ලංකාවට එන්න කලින් නිරෝධායන කාලය දින 7කට හෙටම අඩුකරන එක හොඳයි. ආ අමතක වුණා. ඒ ගමන්ම ගෙදර නිරෝධායනයටත් හෙටම අවසර දෙන්න. ඔබතුමා වෙලාවට ඔය වැඩ ටික කරලා තිබ්බේ නැත්නම් එතුමා ලංකාවට ආවට පස්සේ එතුමාට තරහා ගිහින් හෙන විජ්ජුම්බරයක් වෙයි. එතුමා ලංකාවට ඇවිත් දින 7ක් ගෙදරට වෙලා නිරෝධායනය වුණාට පස්සේ නැවත පරණ නීති ටික අපි ලංකාවට එනකොට අපිට පනවන්න. තවත් දෙයක්, ඊයේ ඇමෙරිකාවේ නාසා ආයතනයෙන් අලුතෙන් හොයාගෙන තියෙනවා ලංකාවට එන කොරෝනා වයිරසයේ පමණක් බීජව්සන කාලය දින 14 නෙමෙයි දින 7ක් කියලා. අපරාදේ මෙච්චර කල් අපිව දින 14ක් නිරෝධායනය කෙරෙව්වේ... එ්කත් ඔය ගමන්ම මාධ්‍ය සාකච්ඡාවකදී කියලා දාන්න. ඔබට ජය...

:       0       0

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Sunday, 14 March 2021 09:18 AM

අගමැතිතුමාට ලබන සිකුරාදා බංග්ලාදේශයට යන්න ඕනෑ. එයාටත් අැවිල්ලා දවස් 14ක් නිරෝධායනය විය යුතු නිසා මේ නීති වෙනස් වෙනවා.

:       0       0

Sas Sunday, 14 March 2021 09:48 AM

ඊයෙ කිව්වා නිරෝධායනය අවලංගු කරන්න ඉල්ලුම් කළා කියලා, අද කියනවා නිරෝධායන සීමාව අඩු කරන්න ඉල්ලුම් කළා කියලා... හෝටල් වලින් ඇමතුම් එන්න ඇති.

:       0       0

බද්රානි Sunday, 14 March 2021 10:19 AM

දැනට අයකරන දිනක මිල දෙකෙන් වැඩි කරලා දින ගණන දෙකෙන් බෙදුවා නම්, තමයි නියම ලාභය හෝටල් මුදලාලිලාට ලැබෙන්නේ. අන්න එහෙම තමයි මහත්තයෝ අපේ රටේ වැඩකටයුතු සිද්ධ විය යුත්තේ. ඔය දේශප්‍රේමී රට විරුවන්ට වුණත් මුදලට වඩා කාලයනේ වටින්නේ? අනික ඒ අයට දැන් නිවාඩුවට එන්න ඒ ගොල්ලන්ගේම කියලා රටක් ඉතුරු වෙලා තියනවනේ? පහුගිය කාලේ එහෙම රටක් තිබුණේ නැහැ කියලනේ ඔය නාහෙන් අඬ අඬා හිටියේ. යන්තම් ඇති, දැන් ඒ අසනීපෙත් සුවයි...

:       0       0

සේනක~ඉතාලිය Sunday, 14 March 2021 11:25 AM

අහිංසක මිනිස්සුන්ගේ සල්ලි ගසා කන හොර තක්කඩින්ට මාර වැඩේ වෙන්නේ. දැන් ඉතින් වෙන උප්පර වැටිටියක් සොයා ගනිල්ලා සොරා කන්න. අපේ එවුන්.., අපේ එවුන්ගෙන්ම මංකොල්ල කාලා ජීවත් වෙන අයනේ... ඒක මම හිතන්නේ අපේ ජාතියෙ හැටිද කොහෙද?....

:       0       0

Siro Sunday, 14 March 2021 11:59 AM

අද නේද ලොකුපුතා අපහු එන්න තියෙන්නේ?

:       0       0

mihira Sunday, 14 March 2021 12:15 PM

පළාත් සභා ළංවෙනකොට තව දින අඩුවෙයි.

:       0       0

Kasun Sunday, 14 March 2021 12:30 PM

ඔහේට තේරෙනකොට පෙරහැර ගිහින් ඉවරයි. අනික මේක මහා විකාරයක්. කිසිම විද්‍යාත්මක පදනමක් නැහැ. අන්තිමට කියන්න තියෙන්නේ දැන් ඔක්කොම ඇණගෙන හත්පොළේ ගාගෙන ඉන්නේ. ඒකයි මේ ඔක්කොම. මතකයිනේ කොරෝනා නීතියෙන් රිංගපු හැටි..

:       0       0

GAMUNU Sunday, 14 March 2021 03:20 PM

විදේශගත ශ්‍රී ලාංකිකයන් මෙරටට පැමිණීමේදී ඔවුන්ට එන්නත් දෙකම ලැබී ඇතිබවට සහතික කළ ලිය කියවිලි ඇත්නම් ලංකාවට පැමිණ යලිත් නිරෝධායනය කිරීමට කිසිසේත්ම අවශ්‍ය නැත. රජය කළයුතු වන්නේ එන්නත් ලැබී සති දෙකකට පසුව පැමිණෙන ලෙස ඔවුන්ට දන්වා සිටීම හෝ රජයේ ප්‍රකාශයක් නිකුත් කිරීම පමණි.

:       0       0

sanjaya Monday, 15 March 2021 02:41 AM

එතෙර සිටින අපි ජාතික කොඩි ගහගෙන ඇවිත් මෙයාලට ඡන්දය දුන්නේ. ලංකාවට හැර අනෙක් සියලු රටවල නිවෙස් නිරෝධායනය පුළුවන්. හෝටල්වලින් ගසාකන්න රට විරුවන්ගේ රීරි මාංශය උරාබොන වැඩ පිළිවෙළක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 418 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 142 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 153 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 607 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 201 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 639 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 774 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 745 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site