ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට අගනුවර වන කැන්බරා දක්වා ගමන්ගත් ගුවන් යානයක් ගොඩබැස්වීමට යාමේදී එහි එන්ජින් දෙකම ක්‍රියා විරහිත වී තිබේ. එහෙත් පුදුමයකට මෙන්ම එම එන්ජින් දෙකම තත්ත්පර කිහිපයට පසුව නැවතත් ස්වංක්‍රීයවම පණගැන්වීම නිසා ගුවන් යානය නිරුපද්‍රිතව ගොඩබැස්වීමට ගුවන් නියමුවන්ට හැකිවී ඇත.
දැඩි වර්ෂාව මැද ඇතිවන්නට ගිය මෙම අනතුර සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ ගුවන් ගමන් ආරක්‍ෂණ කාර්යාංශය පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ.
‘වර්ජින්’ ගුවන් සේවයට අයත් ඒ.ටී.ආර්. 72-600 වර්ගයේ මෙම ගුවන් යානය එන්ජින් දෙකකින් සමන්විතය. එය අඩි 11,000 පමණ ඉහළ අහසේ සිට පහළට එද්දී එහි දකුණු එන්ජිමේ ක්‍රියාකාරීත්වය ඇණහිටි අතර ගිනිදළු කිහිපයක් විහිදී ගියේය. මෙවන් ගිනිදළු පැන නගින්නේ එහි ඉන්ධන දහනය වන කොටසේ ගිනිදළු ඇතිවීමේදීය. එවන් අවස්ථාවකදී එය එන්ජිම ඉබේම ක්‍රියාවිරහිත වූ සුළං පෙති කරකැවීම නවතා දමයි.
තත්ත්පර 5 කට පසුව එන්ජිම ස්වංක්‍රීයවම පණගැන්විණි. ඒ වන විට අඩි 10,000 මට්ටමේ තිබුණ ගුවන් යානය උපද්‍රවයකින් තොරව පහතට එන්නට විය. ඒ සමගම වාගේ වම් පස එන්ජිමද ක්‍රියා විරහිත වී නැවතත් ස්වයංක්‍රීයව පණගැන්විණි. වහාම ක්‍රියාත්මක වූ ගුවන් නියමුවෝ ස්වයංක්‍රීය නොවන එන්ජිම පණගන්වා ගනිමින් යානය නිරුපද්‍රිතව කැන්බරා ගුවන් තොටුපොළට ගොඩබැස්වූහ.
වර්ජින් ඕස්ට්‍රේලියා ගුවන් සේවයේ ප්‍රකාශිකාවක් කියා සිටියේ එන්ජිමේ ඇතිවූ ප්‍රශ්නයක් හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ ගුවන් ගමන් ආරක්‍ෂණ කාර්යාංශය පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති බවයි.
“මෙම ගුවන් යානය සිඞ්නි සිට කැන්බරා දක්වා ගිය එකක්. එය කිසිම ප්‍රශ්නයකින් තොරව ගොඩබාලා තියෙනවා. මගීන් කිසිවකුට එයින් බලපෑමක් ඇතිවී නෑ” යයි ඇය කීවාය.
(63226 )
මොරටුව, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, සඛරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල වල අතරමග නවත්වනු ලැබ ඇති ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කැබිනට්
‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
එන්ජින් දෙකම නැවතී - පණගැන්වුණ ගුවන් යානය නිරුපද්‍රිතව ගොඩබස්වයි
සෙනෙවි Tuesday, 18 December 2018 12:52 PM
සිදුවීමට ගිය කණගාටුදාායක සිදුවීම අහඹු ආකාරයට වැළකීයාම සතුටුදායකයි. අහඹු සිදුවීම් නිතර සිදු නොවන බැවින් දෝශ නිරවුල් කිරීම සිදුවිය යුතුය
පිටිගල මිලානෝ Tuesday, 18 December 2018 04:15 PM
ඉන්ධන සමග ඉතා සුළු ප්‍රතිශතයක් ජලය මිශ්‍ර වී තිබෙනවා. ඉහල අහසේ ඇති ඉතා අඩු උෂ්ණත්වයේදී මෙම ජලය අයිස් බවට පත්වෙන නමුත් එම අයිස් දහන කුටියට යාම වැලක්වීමට විවිධ ෆිල්ටර වර්ග යොදාගැනෙනවා. මෙම අයිස් මුළු ෆිල්ටරයම අවහිර කලොත් දහනය සඳහා තෙල් නොමැතිවීමෙන් එන්ජින් තාවකාලිකව ක්‍රියා විරහිත වෙනවා. එසේත් නැත්නම් ඉහල අහසේදී ගිනිකඳු වලින් නිකුත්වූ අළු ඉන්ජින් තුලට ගියාමත් මෙසේ වෙනවා.
raviTuesday, 18 December 2018 06:07 PM
පිටිගල, ගුවන්යානා ඉන්ධන ටැංකි තුලට ජලය කොහෙත්ම ඇතුළු වෙන්නේ නැහැ. ඇතුලු වෙනවානම් වෙන්න අධික පීඩනයක් තියෙන "පොලොව මට්ටමේයි " අහසේදී අඩු පිඩනයකදී මෙය කවමදාකවත් නොවෙන්නකි.
LalTuesday, 18 December 2018 10:04 PM
රවී, පිටිගල අදහස් කලේ වතුර ඉහල අහසේදී එකතු වෙනවා කියන එක නෙවෙයි ඉන්ධනවල ඇති සුළු ජල ප්‍රතිශතයයි. රවිත් ඉතාලියේ වගෙයි පෙනෙන්නේ දන්නා තරම ගැන හිතනකොට නම්.
ප්‍රියන්ත Wednesday, 19 December 2018 04:29 AM
RAVI, කරුණු දැක්වීම හරියට කියවන්න ඊට පසුව උත්තර දෙන්න!!!
Saman Tuesday, 18 December 2018 10:31 PM
රවීගේ ටිකිරි මොලේ!!!!!
Lusena Wednesday, 19 December 2018 06:10 AM
ඔය ප්ල්නේ එක ලංකාවට එවන්න දියවන්නාවේ කට්ටිය යවන්න.