IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


එන්නතට ටෝකන් දෙන්න ආ පුත්තලම මන්ත්‍රි හරවා යවයි

(සුජිත් හේවාජුලිගේ සහ හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පුත්තලම සහිරා ජාතික පාසලේ පැවැති කොරෝනා එන්නත් ලබාදීමේ මධ්‍යස්ථානයට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා එන්නත් ලබා ගැනීම සඳහා ජනතාවට "ටෝකන් " ලබා දෙන ලදැයි කියන සිද්ධියක් හේතුවෙන් එහි නොසන්සුන් තත්වයක් ඇති විය.

මේ අවස්ථාවේදී එහි පැමිණි පුත්තලම පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් තත්වය පාලනය කර මන්ත්‍රීවරයා එම ස්ථානය ඉවත් කිරීමට කටයුතු කර ඇතැයි වාර්තා වෙයි.

එන්නත් ලබා ගැනීමට පැමිණ සිටි පිරිසට මන්ත්‍රීවරයා ලබාදී ඇත්තේ පුත්තලම ජුම්මා දේවස්ථානයෙන් නිකුත් කළ ටෝකන් පත්‍රයක් බවත් මන්ත්‍රීවරයා එය සුළු පිරිසකට බෙදද්දී එහි පැමිණි කණ්ඩායමක් එම ක්‍රියාවට දැඩි විරෝධය පළ කර එන්නත්කරණ මධ්‍යස්ථානය අසල කලබලකාරී ලෙස හැසිරී ඇත.

සිද්ධිය පාලනය කිරීමට පොලීසියට මැදිහත් වීමට සිදු වූයේ මේ අවස්ථාවේදීය.

මධ්‍යස්ථානයේ රාජකාරි කටයුතු සෞඛ්‍ය අංශ ,යුද හමුදාව ඇතුළු රාජ්‍ය නිලධාරීන් කරන හෙයින් ටෝකන් වැඩපිළිවෙළින් අවුලක් විය හැකි බව මෙහිදී මන්ත්‍රීවරයාට කරුණු පෙන්වා දී ඇති පුත්තලම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ආර්.ඒ වන්නිආරච්චි මහතා ඔහු එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කළේය.

රට වසා තිබූ අවස්ථාවක විවිධ ප්‍රදේශවලට ගමන් කිරීමට අවසර පත් ලබා දෙන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්ද මෙම මන්ත්‍රීවරයාට මෙයට පෙර චෝදනා එල්ල වූ බව ප්‍රදේශවාසීහු පවසති.

මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මෙම ටෝකන් වැඩපිළිවෙල ක්‍රියාත්මක කළේ දිස්ත්‍රික් ලේකම්වරයාගේද අනුමැතිය ඇතිව බවයි.

එම ටෝකන් පත් ලබා දුන්නේ ප්‍රමුඛත්වය ලබාදී එන්නත් ලබාදීම සඳහා නොව ජනතාව එකවර එක් රොක් වීම වැලැක්වීමේ පියවරක් ලෙස එන්නත් ගැනීම සඳහා වේලාවන් වෙන් කිරීම සඳහා බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 



අදහස් (12)

එන්නතට ටෝකන් දෙන්න ආ පුත්තලම මන්ත්‍රි හරවා යවයි

Sunil Saturday, 28 August 2021 08:22 AM

මේ අය කවදාවත්ම පාඩම් ඉගෙනගන්නේ නැහැ.

:       0       14

Raveeendra Saturday, 28 August 2021 08:42 AM

මේ මිනිස්සු අවුරුදු ගණන් පුරුදු වෙච්ච විදිහ තමයි මේ.

:       2       13

කිරි පුතා Saturday, 28 August 2021 10:46 AM

හිතා ගන්න පුලුවන් නෙ. කියන්න අවශ්‍ය නෑ.

:       1       12

Raveendra Saturday, 28 August 2021 10:49 AM

මොන පක්ෂය වුනත් මෙවන් අය එලවා පන්නා දැමිය යුතුය...

:       1       16

Raveendra Saturday, 28 August 2021 12:09 PM

පක්ෂය කුමක් වුවත් මේවගෙ අයට දෙන එක දිය යුතුයි අමතක නොවෙන්නට..... දෙන්නට බැරි නම් එවැනිම සංග්‍රහයක්....... නැවතත් හැසිරෙයි නේද අවණිතව හැම තැනම...

:       1       15

මුණසිංහ Saturday, 28 August 2021 12:52 PM

මෙයා රිෂාඩ් අංක 2 වෙන්න උත්සාහ කරන්නේ . ඒවා ට නම් සූදානම් වෙන්න එපා.

:       1       8

Prabha Saturday, 28 August 2021 01:37 PM

අපරාදෙ පොලිසිය මැදිහත් වුණේ... මිනිස්සු වටවෙලා නෙලන කල් ඉන්න තිබුණේ...

:       0       7

RaveendraSaturday, 28 August 2021 03:35 PM

ඇත්තෙන්ම ඔබ නිවැරදියි. මුගේ රූපකාය වෙනස් වෙන්නම නෙලන්න තිබුනේ. පුද්ගලික අරක්ෂකයන්ටත් උන ගැනෙන්න. ඇත්තටම දියවන්නාවේ ඉක්මනින්ම නීතියක් සම්මත කරගන්න පුළුවන් නම් කිසියම් හෝ මහජන නියෝජිතයකුට ලබාදිඇති ආරක්ෂකයන් තමන් ආරක්ෂ කරන මහජන නියෝජිතයා නීතියට පටහැනි, නීති විරෝධී කටයුත්තක යෙදෙන්න උත්සහ කරන අවස්ථාවේදීම එම පුද්ගලික ආරක්ෂකයන් ඒ නියෝජිතාගෙන් ඉක්මනින්ම ඈතිවී එම මහජන නියෝජිතයා කියන මිහරකාව තනිකරයාම. මෙම අදහස් ඍජුවම රටේ මුල්පුරවසියාට කියවීමට හැකි වේවා...

:       1       7

Prabha Saturday, 28 August 2021 07:47 PM

දැන් යන විදිහට එහෙම නීතියක් ආවොත් ඉස්සෙල්ලම හම්බෙන්නේ මුල් පුරවැසියාට වෙන්නත් පුළුවන්

:       0       0

de silva Saturday, 28 August 2021 01:57 PM

බලධාරීන්ට‌ මොනවා වෙලාද? ඡන්දහිමි නාමලේඛනයට මේක දුනනනම් පිළිවෙලයි නේද?

:       0       6

මහසෙන් Saturday, 28 August 2021 02:18 PM

තවම අපේ මහදැන මුත්තා නොදන්න වා ඇති.නැත්නම් මෙලහකට නිවේදනයක් දාලා.

:       0       6

සැමට එක නීතිය Saturday, 28 August 2021 05:03 PM

රටේ මොනයම් වැඩක් කරගැනීමට දැන ඇඳුනුම් කමක් අවශ්‍ය යයි කියා ජනතාව සිතන තාක් මේ වගේ සහ දෙහිවල ඇතිවූ වැනි සිද්ධින් දිගටම සිදුවේ. මෙවැනි ක්‍රියා ජනතාව පිළිකුලෙන් විරෝධය පා ප්‍රතික්ෂේප කිරීමෙන් එවැනි ක්‍රියා ක්‍රමයෙන් අඩුවී ජනතා නියෝජිතයින්ද, සමාජයද, බහුතර ජනයාද නිවැරදි මාවතට අවතීරණවීම ඉක්මන් වේ. ජනතාව වංචාවට රුකුලක් දෙන තාක් මෙම නියෝජිතයන්ගේ අකටයුතුකම් සෑම රජයකදීම අඩු නැතිව අපට දක්නට ලැබෙනු ඇත....

:       0       3

ඔබේ අදහස් එවන්න

 

දියත

රැකියා දෙන්න අල්ලස් ගත් යුවළක් මාට්ටු
2025 මාර්තු මස 14 173 0

රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම


ඇල්ල - වැල්ලවාය මාර්ගය අද රාත්‍රියේ වසයි
2025 මාර්තු මස 14 117 0

ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ


වෛද්‍යවරිය අපයෝජකයාගේ නිවෙසින් අත් බෝම්බයක් හමු වේ
2025 මාර්තු මස 14 579 1

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.


ඇමෙරිකන් සටන් විරාමයට පුටින්ගේ අකමැත්තක් නැහැ
2025 මාර්තු මස 14 294 0

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.


ඇමෙරිකන් ගුවන් යානයක ගින්නක්
2025 මාර්තු මස 14 296 0

ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග


අඳුරු කාමරයක සිරගත කෙරුණු බටලන්ද අද හිරු එළිය දුටුවා
2025 මාර්තු මස 14 1648 4

ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 220 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 514 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 247 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site