IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


එන්නතට පෙර ලියාපදිංචි වන පෝරමයත් විකුණලා

(බන්දු තඹවිට)

කොරෝනා එන්නත දීමට පෙර පිරවිය යුතු පෝරමය මතුගම ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථාන දෙකක් රුපියල් 20 කට අලෙවි කිරීමේ පුවතක් මතුගම ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

වෙන් වෙන් වශයෙන් ග්‍රාමනිලධාරී වසම් වල පදිංචිකරුවන්ට සහ රාජ්‍ය ආයතන වල කාර්යමණ්ඩල වලට තද බදයකින් තොරව එන්නත ලබාගැනීමට හැකිවන පරිදි සෞඛ්‍ය අංශ කටයුතු සංවිධානය කර තිබුණි.

ඊට අවශ්‍ය කලින් පිරවිය යුතු පෝරම ද අවශ්‍ය ප්‍රමාණයට බොදා දීමට සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත.

නමුත් බලාපොරොත්තු නොවූ ආකාරයට විශාල පිරිසක් එන්නත ලබාගැනීමට පැමිණීම නිසා සෞඛ්‍ය කාර්ය මණ්ඩල මෙන්ම එන්නත ලබාගැනීමට පැමිණි ජනතාවද විශාල අපහසුතාවයට පත්ව තිබූ අතර ඔවුනට මහත් සැකයක් ඇති විය.

සෞඛ්‍ය කාර්යාලයෙන් ලබා දෙන පෝරමවලට වඩා විශාල පිරිසක් එන්නත් කර ගැනීමට පැමිණීම ඔවුනට දැඩි ගැටළුවක් විය මේ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළේය.

මේ සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව සොයා බැලූ පොලිසියට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් ලබාදෙන තොරතුරු සටහන් පෝරම මතුගම අලුත්ගම පාරේ පිහිටි කොමිනිකේෂන් ආයතන දෙකකින් පිටපත් කර රුපියල් 20 ක මිලකට අලෙවිකර ඇති බවට හෙළි වී ඇත.

අනතුරුව එම ව්‍යාපාරිකයන්ට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පරාක්‍රම උඩවත්ත මහතා විසින් නැවත මෙවැනි දේ නොකරන ලෙසටත් නැවත එවැනි දෙයක් සිදුකළහොත් නීතියෙන් කටයුතු කරන බවටත් තරයේ අවවාද කළ බව වාර්තා වෙයි.

 



අදහස් (1)

එන්නතට පෙර ලියාපදිංචි වන පෝරමයත් විකුණලා

SL Thursday, 20 May 2021 11:03 AM

රාජ්‍ය සේවකයින් වැඩකරන්නේ ගෙවල්වල..., ඔවුන්ට ඉන්ජෙක්ෂන් දෙන්න තිබුණු උනන්දුව පුද්ගලික අංශයේ සේවකයින්ට දෙන්න තිබ්බේ නැහැ. කොළඹ අවට වැඩකරන, හැමදාම වැඩට එන 99%කට වඩා පුද්ගලික අංශයේ සේවකයින්ට තවම කෝවිඩ් එන්නත නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

වී සහතික මිල එළියට
2025 පෙබරවාරි මස 05 372 0

වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.


යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී චන්දන වික්‍රමසිංහ
2025 පෙබරවාරි මස 05 250 0

ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.


නාන්න ගිහින් වීරවිල වැවේ සැඟවෙයි
2025 පෙබරවාරි මස 05 152 0

බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .


‘කුෂ්‘සමඟ මගියා ගුවන්තොටේදී මාට්ටු
2025 පෙබරවාරි මස 05 167 0

රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා


පුංචි ඡන්දෙ ගැන තීන්දුව තවම ලැබී නෑ
2025 පෙබරවාරි මස 05 336 0

පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප


වී මිල ගැන නිල ප්‍රකාශයක්
2025 පෙබරවාරි මස 05 2037 2

රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 737 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site