IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


“එන්නත් තේරීමෙන් කිසිදු පලක් නෑ’’

(සුජිත් හේවාජුලිගේ )

ලැබෙන එන්නත  කුමක් වුවත් තේරීමකින්  තොරව ඉතාම ඉක්මනින් ලබාගන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මෙතෙක් එන්නත ලබාගෙන නැති ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

එන්නත්  තේරීමෙන් කිසිදු පලක් නැතැයිද ඔහු පැවසුවේය.

වයස 60ට වැඩි සියළුම පුද්ගලයන් ළඟම ඇති එන්නත්කරණ  මධ්‍යස්ථානයට පැමිණ එන්නත ලබා ගන්නැයිද  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා   ඉල්ලා සිටියේය.

කොවිඩ්  ආසාදනයවී  මියගිය  පිරිසෙන් සියයට 70ත් 80ත් අතර සංඛ්‍යාවක්  එන්නත් මාත්‍රා එකක් හෝ ලබා නොගත් අය බව හෙළිවී ඇතැයි පැවසූ  ගුණවර්ධන මහතා   එන්නත ලබා ගැනීමේ වැදගත්කම එමගින් හොඳින් පෙන්නුම් කෙරෙන බවද සඳහන් කළේය.

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලසීමාවේදී  එන්නත්කරණ  වැඩපිළිවෙළ වේගවත් කර ඇතැයිද ඔහු පැවසුවේය.

මේ අතර  ලබන සැප්තැම්බර් මස අවසන් වීමට පෙර  මෙරට ජනතාවගෙන් බහුතරයකට එන්නත ලබාදී අවසන් කිරීමට රජය බලාපොරොත්තු වෙයි.

වයස 60ට  වැඩි පුද්ගලයන්ට කොරෝනා මර්දන එන්නත නිවසටම පැමිණ ලබාදීමේ වැඩපිළිවෙලක්ද යුදහමුදාව  විසින් ආරම්භ කරනු ලැබ ඇත.



අදහස් (2)

“එන්නත් තේරීමෙන් කිසිදු පලක් නෑ’’

නිකං ජනතාව Sunday, 22 August 2021 02:49 PM

අපි නම් තෝරන්න ගියේ නෑ. ඒත් බස්නාහිර පළාතේත් සයිනෝෆාම් දෙවන මාත්‍රාව දියයුතු අයට දෙන්න එන්නත් නැති නිසා හැරී ආවා. පුත්තලම් දිස්ත්‍රික්කයේ පෞද්ගලික රෝහල්වල සහ රජයේ රෝහල්වල PCR සහ ඇන්ටිජන් පොසිටිව් වෙනහැටි දැක්කාම පුදුමයිලු. වෛද්‍යවරුන් ඉතා අපහසුවෙන් සෙනග පාලනය කරගෙන ප්‍රතිකාර කරන්නේ... එනමුත් එන්නත් දීම ඉතා සෙමින් සහ අවිධිමත්ලු... මීට වඩා මෙය නියාමනය හා කාර්යක්ෂම වූයේනම් හුඟාක් ජීවිත අකාලයේ මිය යාම වළකන්න තිබ්බා. මෙය විරුද්ධ පක්ෂය තරහාට කියනවා කියල හිතන්නේ නැතිව බස්නාහිර පළාතේ අය පුත්තලම් දිස්ත්‍රික්කයේ ඉන්න නෑදෑයින්ගේ ජීවිතාරක්ෂාව ගැන සිතා ලියූ දෙයක් බව සිතන්න. දත්ත පරීක්ෂාකොට කරුණු තහවුරු කරගන්න. කොරෝනා ඩෙල්ටා ප්‍රභේදයට අගනුවර සහ ඈත පළාත් කියලා වෙනසක් නෑ වගෙයි...

:       2       12

Sri Lanka Sunday, 22 August 2021 08:14 PM

කතාව ඇත්ත... ආණ්ඩුවට ඕනෙ විදිහට ගෙන්වන්නේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

බදුල්ල නගරවැසියන්න මුඛ ආවරණ පළදින්න උපදෙස්
2025 පෙබරවාරි මස 05 149 0

බදුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාකර දී.ඇති හෙයින් මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකර


රුවන්ඩා මහ කොමසාරිස් අගමැතිනිය හමුවෙයි
2025 පෙබරවාරි මස 05 88 0

ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි රුවන්ඩා මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ රුවන්ඩා ජනරජයේ මහ කොමසාරිස් ජැක්කුලින් මුකන්රියා මහත්මිය අග්‍රාම


ජපානය ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දෙයි
2025 පෙබරවාරි මස 05 122 0

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය අකිකෝ ඉකුයිනා මහත්මිය අතර හමුවක් අරලියගහ මන්දිරය


මාතරටත් අලුත් දිසාපති කෙනෙක්
2025 පෙබරවාරි මස 05 361 0

මාතර පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


හැටන් නගරයට රතු නිවේදන
2025 පෙබරවාරි මස 05 534 1

හැටන් දික්ඔය නගර සභා සිමාවේ ව්‍යාපාරිකයන්ට, පදිංචිකරුවන්ට, නගරයට පිවිසෙන පාරිභෝගිකයන්ට හැටන් පොලිසිය සහ හැටන් දික්ඔය නගර සභාව එක්ව අද (05) රතු නිවේදනය ස


බුද්ධිමය දේපල පනත සංශෝධනයට
2025 පෙබරවාරි මස 05 185 0

බුද්ධිමය දේපළ පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 88 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 767 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site