IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


එන්නත් නැවත පිරවීමේ කර්මාන්තශාලාවක් ලංකාවේ අරඹන්නැයි ඉල්ලයි

( තිළිණි ද සිල්වා )

කොවිඩ්-19 මර්දන එන්නත නැවත පිරවීමේ කර්මාන්ත ශාලාවක් ශ්‍රී ලංකාවේ පිහිටුවන්නැයි චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා සයිනොෆාම් එන්නත් නිෂ්පාදන සමාගමෙන් ඉල්ලීමක් කර ඇත.

සයිනොෆාම් කොවිඩ් එන්නත නිෂ්පාදනය කරන සීමාසහිත සයිනොෆාර්ම් බීජිං ජීව නිෂ්පාදන ආයතනයට ප්‍රධාන කාර්යාලය වෙත ගිය ශ්‍රී ලංකා තානාපතිවරයා එම සමාගමේ කළමනාකාරීත්වයෙන් මෙම ඉල්ලීම කළ බව චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.

වාණිජමය වශයෙන් ශ්‍රී ලංකාවට එන්නත් මාත්‍රාවන් මිලියන 23 ක් ලබා දීම පිළිබඳව තානාපතිවරයා සයිනොෆාම් ආයතනයට සිය කෘතඥතාවයද  පළ කළේය.

එම සමාගමේ නිරීක්ෂණ චාරිකාවකට පැමිණෙන්නැයි ශ්‍රී ලංකා තානාපතිවරයාට කළ ආරාධනයකට අනුව ආචාර්ය කොහොන මහතා මෙම සමාගම් ප්‍රධන කාර්යාලයට ගොසු ඇත.

සයිනොෆාම් මූලස්ථානයේ උප සභාපති ෂි ෂෙංයී මහතා, ජීව විද්‍යාත්මක නිෂ්පාදන අංශයේ සභාපති ෂු ජිංජින් මහතා සහ ජාත්‍යන්තර අංශයේ උප සභාපති යාන් බිං මහතා තානාපතිවරයා පිළිගත් අතර, නියෝජිත පිරිස සමඟ අතිවිශාල කර්මාන්ත ශාලාව නැරඹීම සඳහා සංචාරය කළහ.

ශ්‍රී ලංකා තානාපතිවරයා, මධ්‍යම පාලක මැදිරිය සහ වසරකට මාත්‍රා බිලියන පහක් නිෂ්පාදනය කළ හැකි එන්නත් නිෂ්පාදන කම්හල නැරඹීය.

1919 දී සිදු වූ ආරම්භයේ සිට, එහි වර්තමාන අති නවීන පහසුකම් දක්වා වූසීමාසහිත සයිනොෆාර්ම් බීජිං ජීව නිෂ්පාදන ආයතනයේ ක්‍රමික ප්‍රගතිය පිළිබඳව ශ්‍රී ලංකා තානාපති ඇතුළු නියෝජිත පිරිස දැනුවත් කරන ලදි.

මෙම කර්මාන්ත ශාලාව නිරීක්ෂනය කිරීමේදී   කොවිඩ්-19 එන්නත නැවත පිරවීමේ කර්මාන්ත ශාලාවක් ශ්‍රී ලංකාවේ දී ස්ථාපිත කිරීමේ වාසිය පෙන්වා දුන් ආචාර්ය  පාලිත කොහොන මහතා ශ්‍රී ලංකාවේ එන්නත් නැවත පිරවීමේ කම්හලක් පිහිටුවීම සඳහා සයිනොෆාම් සමාගමයේ කළමනාකාරීත්වයෙන්  ඉල්ලීමක් කළේය.

මෙම එන්නත සදහා දේශීය වෙළෙඳපොළ අවස්ථා සහ කලාපය තුළ පවතින පුළුල් වෙළෙඳපොළ ප්‍රවේශය පිළිබඳව ද ශ්‍රී ලංකා තානාපතිවරයා කරුණු පෙන්වා දුන්නේය.

සයිනොෆාම් හි කළමනාකරණය ඊට යහපත් ප්‍රතිචාරයක් දැක්වූ බවද චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.

මීට පෙර 07 වැනිදා ශ්‍රී ලංකා තානාපතිවරයා සයිනොෆාම් ආයතනය වෙත සංචාරය කළ අතර, එහි දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් ලිපියක් සමාගමේ සභාපති ලියු ජින්ග්සන් මහතා වෙත භාර දුන්නේය.

 

 

 



අදහස් (0)

එන්නත් නැවත පිරවීමේ කර්මාන්තශාලාවක් ලංකාවේ අරඹන්නැයි ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 627 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 176 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 512 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 129 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1757 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 184 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site