IMG-LOGO

2024 දෙසැම්බර් මස 21 වන සෙනසුරාදා


එන්නත් මාත්‍රා දෙකම එකවර ලබා දීමේ සිද්ධියේ පරීක්ෂණ වාර්තාව හෙට

(සුජිත් හේවාජුලිගේ

උඩපේරාදෙණිය ප්‍රදේශයේ කාන්තාවකට එන්නත් මාත්‍රා දෙක එකවර ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණයේ වාර්තාව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට හෙට (24) බාරදීමට නියමිතය .

එම පරීක්ෂණය පවත්වනු ලබන්නේ මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසිනි.

සිද්ධියේ  පරීක්ෂණ වාර්තාව ලැබුණු පසු ඒ සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග තමා ගන්නා බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය මහතා ලංකාදීපයට පැවැසීය.

මෙවැනි සිදුවීම් නැවත ඇතිවීම වැළැක්වීමට මධ්‍යම පළාතේ එන්නත් මධ්‍යස්ථානවල  පූර්ව ආරක්ෂක ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇතැයිද  හෙතෙම සඳහන් කළේය .

මේ අතර පළාතේ සියලුම එන්නත් මධ්‍යස්ථානවල කටයුතු නිසි පරිදි අධීක්ෂණයට ලක් කරන්නැයි   පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

උඩ පේරාදෙණියේ සිද්ධියෙන් පසු   එවැනි වෙනත් කිසිදු සිද්ධියක් මෙතෙක් වාර්තා වී නැති බවත්  පළාතේ එන්නත්කරණ කටයුතු සාර්ථකව සිදුවෙමින් පවතින බවත් වෛද්‍ය නිහාල් වීරසූරිය මහතා ප්‍රකාශ කළේය .

මධ්‍යම පළාතේ  නවලක්ෂ අනූ හත්  දහස්පන් සිය තිස් පහකට ඊයේ (22)දිනය වන විට එන්නතේ පළමු හා දෙවෙනි මාත්‍රාව ලබාදී අවසන්ව  ඇති බව පැවසූ  පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාද හෙට (24) දිනය වන විට එන්නත් කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් වනු ඇති බවද  සඳහන් කළේය.


මධ්‍යම පළාතේ එන්නත්කරණ  වැඩසටහන සඳහා ලැබී ඇති එන්නත් මාත්‍රා සංඛ්‍යාව එකොළොස් ලක්ෂ හැත්තෑ පන් දහසකි .



අදහස් (2)

එන්නත් මාත්‍රා දෙකම එකවර ලබා දීමේ සිද්ධියේ පරීක්ෂණ වාර්තාව හෙට

Kapila Friday, 23 July 2021 09:17 PM

නිවුස් එක දැක්කා ටීවි එකෙන්.. නමුත් කොළඹ සිට පත්තරයෙන් නිවුස් එක කරලා වගේ...

:       2       0

lal Saturday, 24 July 2021 04:23 AM

එන්නත් මාත්‍රා දෙකම එකවර ලබාගත්තේ සිහිමද පුද්ගලයෙක්ද? ගොළු පුද්ගලයෙක්ද?

:       0       162

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ගේ හාද්ද සමාජ මාධ්‍ය කළඹයි
2024 දෙසැම්බර් මස 21 139 0

ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් එළැඹෙන 20 වැනිදා දිවුරුම් දීමට නියමිතව තිබියදී ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ බිරිඳ වන සුරූපී මෙලනියා ට්‍ර


කඩුගන්නාවේදී බසයක් ගසක වැදී 9ක් රෝහලට
2024 දෙසැම්බර් මස 21 474 2

තෙල්දෙණිය සිට මහනුවර බලා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් පාලනය කර ගැනීමට නොහැකිව කඩුගන්නාව ප්‍රදේශයේදී අඹ ගසක හැපී සිදුවූූ අනතුරක


නීතියට පයින් ගැසූ අපේක්ෂකයන්ගේ ලැයිස්තු පොලිසියට
2024 දෙසැම්බර් මස 21 284 0

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වී මෙතෙක් අදායම් වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයින්ගේ ලැයිස්තු අද හෙටම පොලිසියට ලබා දීමට මැතිවරණ කොමිෂන් සභා


ජනපති ලබන මස චීනයට
2024 දෙසැම්බර් මස 21 615 3

ලබන ජනවාරි මාසයේ මැද තමා චීනයේ සංචාරයක යෙදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


බසයක් පෙරළී තුනක් මරුට:46ක් රෝහලට
2024 දෙසැම්බර් මස 21 2010 0

හැටන් සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද (21) මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් තිදෙනකු මිය ගොස් ඇති බව හැටන් පොලිසිය පවසය


හිටපු ඇමැති 15 ක් රට ඇතුළේ උඩින් ගිහින්
2024 දෙසැම්බර් මස 21 2639 8

හිටපු ඇමතිවරුන් 15 දෙනකු පසුගිය කාලයේදී විවිධ සංචාර සහ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ ගුවන් යානා යොදාගෙන තිබූ බව ශ්‍රී ලංකා ග


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 25 0
ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 25 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 131 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site