IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


‘‘එන්නත් සෙවීමට පෙර රෝගය පාලනයට පියවර ගන්න‘‘

(අංජුල මහික වීරරත්න)
කොරෝනා වසංගත තත්ත්වය අතිශය උග්‍ර වී තිබෙන මේ අවස්ථාවේ කළ යුතු වන්නේ එන්නත් සෙවීම සඳහා කාලය වැය කිරීම නොව රෝග ව්‍යපෘතිය පාලනයට පියවර ගැනීම යැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
කොරෝනා වසංගතය පැතිරීම නතර කර ගැනීම සඳහා එංගලන්තය  මාසයක් වසා තැබූ බව සිහිපත් කළ රනිල් වික්‍රමසිංහ මහතා වෛරසය ශරීරගත වී තව කෙනෙකුට බෝවිය හැකි සති දෙකක කාල සීමාව වත් අඩුම තරමින් රට වැසීමට ක්‍රියාකළ යුතුව ඇතැයිද කියා සිටියේය.
ආර්ථිකය කඩා වැටෙනවා යැයි කියමින් රට නොවසා සිටීමෙන් පලක් නොවෙතියි ද දැනටමත් ලංකාවේ ආර්ථිකය දරුණු කඩාවැටීමකට ලක්ව ඇතැයි ද කියූ රනිල් වික්‍රමසිංහ මහතා දැන් රජය බැලිය යුත්තේ රුපියල් ශත ගැන ද නැතිනම් ජීවිත ගැන දැයි කියා තීරණය කළ යුතුව ඇතැයි සඳහන් කළේය.
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයන්  සමග පැවති සාකච්ඡාවකදී ය.දිනෙන් දින උග්‍ර වන කොරෝනා වසංගත තත්ත්වය පිළිබඳව හිටපු අග්‍රාමාත්‍යවරයා මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු විස්තර කළේය.
රට වසා දැමූයේ උවමනා නැති කාලයේ දී බවත් දැන් රට වසන්නට අවශ්‍ය කාලයේදී  විවෘත කරගෙන සිටීමෙන් කිසිදු ප්‍රයෝජනයක් අත්වන්නේ  නැතැයි ද වික්‍රමසිංහ මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.
ඇමෙරිකා ඩොලරය රුපියල් දෙසීයට ගියේ කොරෝනා වසංගතය නිසා නොවන බව පෙන්වා දුන් රනිල් වික්‍රමසිංහ මහතා පළමුව වසංගතයේ පැතිරීම කෙසේ හෝ නතර කරගත යුතුව ඇතැයිද කියා සිටියේය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.
කොරෝනා වසංගතය ශීඝ්‍රයෙන් පැතිර යන විට කළ යුත්තේ ආසාදිතයන් අඩු කරගැනීමට පියවර ගැනීමයි. එන්නත් සෙවීමට කාලය නාස්ති කර දැන් පලක් නැහැ. වහ වහා කළ යුත්තේ රෝග ව්‍යාප්තිය පාලනය කිරීමයි. වසංගතයේ පැතිරී යාම නවතා ගැනීමට නම් අඩුම තරමින් සති දෙකක්වත් රට වසා තැබිය යුතුයි. එලෙස රට වසා තබන කාලය අතරතුර සෞඛ්‍ය අංශ උපදෙස් අනුව එක් දිනයක් රට විවෘත කිරීමේ වරදක් නැහැ. එංගලන්තය වසංගතය පැතිරීම නවතා ගත්තේ එකදිගටම රට මාසයක් වසා තැබීමෙනුයි.
වෛරසය තව කෙනෙකුට බෝ වීමට ගතවන සති දෙකක කාලය සැලකිල්ලට ගෙන රට වසා තබන කාලය තීරණය කළ හැකියි.රට වසා තැබුවා යැයි කියා ආර්ථිකය අමුතුවෙන් කඩා වැටෙන්නට දෙයක් නැහැ. අද ලංකාවේ ආර්ථිකය කොහොමත් කඩා වැටී ඉවරයි.
මා ප්‍රකාශ කළ ආකාරයට ජනවාරි පෙබරවාරි මාස වල එන්නත ඇණවුම් කළා නම් මේ වන විට ඒවා විද අවසන් කරන්න තිබුණා.ඇමරිකාව ඇස්ට්‍රා සෙනිකා එන්නත් මිලියන හැටක් අනෙක් රටවල් වලට ලබා දී තිබෙනවා.
මොඩානා සහ ෆයිසර් එන්නත් මිලියන විස්සක් ද මෙලෙස ලබා දී තිබෙනවා. ඇමරිකාව සියලු එන්නත් දුන්නේ නොමිලේ. චීනය එන්නත් මිලියන 250ක් එක්කෝ පරිත්‍යාග කළා. නැතිනම් අලෙවි කළා .චීනයේ එන්නත් නිෂ්පාදනය කෝටි 65 ක් වනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ  පර්යේෂණාගාරයේ හලාල් සහතිකය සහිතව එන්නත් නිෂ්පාදනය කරනවා.
මියන්මාරය සහ බංග්ලාදේශය යන රටවල් කලින්ම එන්නත ඇනවුම්  කළ නිසා ඒවාට එන්නත් තොග ලැබුණා .වැඩ පිළිවෙළක් නැති රජයට එන්නත් ටිකවත් නිසි වේලාවට ඇනවුම් කරන්න බැරි වුණා .ආර්ථිකයට පහර වැදීම රටවල් ගණනාවකට සිදුවී තිබෙනවා .මේ අවස්ථාවේ කළ යුත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එක්ව වැඩ කිරීමයි. රාජපක්ෂ ආණ්ඩුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සලකාවිදැයි කියා නම් මට කියන්න බැහැ. මෙරට එන්නත දීමට නියමිත ජනගහනයට එන්නත  දෙන්න වැය වන්නේ ඩොලර් මිලියන 200යි. ඒ මුදල සොයා ගැනීම රජයේ වගකීමයි යනුවෙන් ද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (14)

‘‘එන්නත් සෙවීමට පෙර රෝගය පාලනයට පියවර ගන්න‘‘

අනුර Thursday, 20 May 2021 08:45 AM

බලේ තියනකොට මොලේ නෑ.. මොලේ තියනකොට බලේ නෑ..

:       0       0

Sunil Milano Thursday, 20 May 2021 08:58 AM

අම්මට සිරි මෙයා ගියපු දුරක්...!!! 

:       0       1

Rasika Thursday, 20 May 2021 10:41 AM

ඇමරිකාව අැස්ට්‍රාසෙනිකා මිලියන 60 වෙන රටවලට දුන්නා කියන එක බොරුවක්... දෙන්න ඕනෑ කියලා බයිඩ්න් මාසෙකට කලින් කිව්වට තාම එක රටකටවත් දීලා නැහැ.

:       0       0

nimal Thursday, 20 May 2021 10:41 AM

රනිල්ට බලේ නැති කොට මොලේ ඇත, අපේ සර්ට බලේ ඇතිකොට මොලේ නැත....

:       0       0

Bandara Thursday, 20 May 2021 10:55 AM

අනේ කට වහගෙන ඉන්න බැරිද? ඔය කළ හරිය හොඳටම ඇති...

:       0       1

nimal Thursday, 20 May 2021 11:01 AM

මේ සියල්ල සිදුව තිබෙන්නේ රජයේ නායකයන්ගේ සහ තීන්දු තීරණ ගැනීමේදී ඔවුන්ගේ නොදැනුවත්කම සහ උපදෙස් පිළිනොපැදීම නිසා නොවේද? රජයේ සෞඛ්‍ය අංශයන්හි කිසිම කණ්ඩායමක හැඟීමක් නොමැතිව ක්‍රියාකිරීමත්, ඔවුන් අතර තිබෙන්නා වූ අර්බුද නිසා රටේ ජනතාව මේවන විට සෑම අතින්ම දුකට පත්ව සිටියි.

:       0       0

Sanka Thursday, 20 May 2021 11:12 AM

ඔබතුමාට දුර පෙනුණා.. කිව්ව දේවල් ඇත්ත වෙනවා... දැන් ඉන්න අයියලාට... ඔහොම තේරුම් ගන්න මොලයක් නෑ.

:       0       0

sumithra dharmasena Thursday, 20 May 2021 11:15 AM

රෝගය පාලනය කරන්න බැහැ. දුප්පතුන්ට වැසිකිළි නැහැ. ඒ අයට වුවමනාවක් නැහැ ඒවා හදාගන්න. මේ නිසා මේ ප්‍රශ්නයට ගම්මට්ටමේ පී.එච්.අයි. ලා විසින් සමීක්ෂණය කරලා හැම නිවසකම ඉතාම නවීන තාක්ෂණිකව වැසිකිළි සාදා දීමක් පිළිබඳ යෝජනාවක් සහ හැම නිවසකම ක්‍රියාත්මක විය යුතුවේ.

:       0       0

jagath Thursday, 20 May 2021 11:53 AM

මොන පාට, පක්ෂයක සිටියත් ඇත්තෙන්ම මෙතුමා පාර්ලිමේන්තුවේ සිටිය යුතුම චරිතයකි.

:       0       0

sunil Thursday, 20 May 2021 12:12 PM

බල්ලෝ බුරති..

:       0       0

Sri Lanka Thursday, 20 May 2021 12:34 PM

ඔබතුමා කටවහගෙන ඉන්නවද අපිට කීයක් හරි හොයාගන්න. එන්නත ඩොලර් 05ට ගෙනැල්ලා ඩොලර් 10ට දෙනවා කියලා සජිත් පාර්ලිමේන්තුවේදී කිව්වා. අපිටත් කීයක් හරි හොයාගන්න උදව් කරන්න. ඔබතුමාගේ මහ බැංකු කේස් එකයි, පාස්කු කේස් එකයි දෙකම අපි ශේප් කළානේ. දේශපාලනයේ හතුරොත් නෑ. මිතුරොත් නැහැ..

:       0       0

Raveendra Thursday, 20 May 2021 02:34 PM

සූත්තර පුංචාත් අපේ පුතාණෝ වගේ දොස්තර විභාගේ පාස් වෙලා නේද? සූත්තර පුංචාත් හරි ළමයා තමයි... අපිට නිකමටවත් කිව්වද "කොන්" දොස්තර විභාගේ පාස් කියලා... ඕකනේ කියන්නේ ඉගෙනීමට, විභාග සමත්වීමට වයස බලපාන්නේ නැහැ කියලා..

:       2       1

Luckey Thursday, 20 May 2021 04:56 PM

මෙතුමා කියන කතාවම දැන් දොස්තරලත් කියනවා. වෙන කරන්න දෙයක් නෑ. සති දෙකකට රට වහන්නම වෙනවා කොච්චර අපහසු වුනත් රටේ අනාගතය ගැන හිතල.

:       0       1

Kumara Friday, 21 May 2021 02:44 AM

ඔබට සුබ සිහින වේවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 393 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 140 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 151 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 596 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 200 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 632 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 774 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 745 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site