බිඟුන් මේනක ගමගේ
A 350 ගුවන් යානා ගනුදෙනුව සම්බන්ධ එයාර්බස් ආයතනයට අදාළව විදේශයන්හි පවත්වන පරීක්ෂණ ශ්‍රී ලංකා ජනතාවගේ හා රජයේ විශේෂ අවධානය යොමු විය යුතු යැයි ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය පවසයි.
2018 ජුනි මාසයේදී තමන් ප්‍රංශය, ඉන්දුනීසියාව, තූනිසියාව, එක්සත් රාජධානිය හා අමෙරිකා එක්සත් ජනපදයේ සිවිල් සමාජ සංවිධාන කිහිපයක් සමග එක්ව එක්සත් රාජධානියේ දැවැන්ත වංචා විමර්ශන කාර්යාලයටත්, ප්‍රංශයේ ‘පාර්ක්වේ නැසියෝනාල් ෆිනැන්සියර්’ ආයතනයටත්, ඇමෙරිකාවේ යුක්ති දෙපාර්තමේන්තුවට හා OECD හෙවත් ආර්ථික සහයෝගිතා හා සංවර්ධන සංවිධානයටත් ඒකාබද්ධ ලිපියක් යොමු කරමින් එයාර්බස් ගුවන් යානා ප්‍රසම්පාදන ක්‍රියාවලියේ එල්ල වී ඇති දූෂණ චෝදනා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ පවත්වන ලෙසත්, අදාළ අවස්ථාවන්හිදී නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කරන ලෙසත් ඉල්ලා සිටියේ යැයි ද ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය අවධාරණය කරයි.
ඉන්පසුව එයාර්බස් ආයතනය හා ඊට සම්බන්ධ පාර්ශවකරුවන්ට එල්ල වී ඇති දුෂණ චෝදනා විදහා දක්වමින් ‘කරප්ෂන් වොච් UK’ ආයතනය වාර්තාවක් සම්පාදනය කළේ යැයි ද එය සිය සංවිධානය විසින් ජනපති කොමිසමට දෙනු ලැබුවේ යැයිද එහි විධායක අධ්‍යක්ෂ අසෝක ඔබේසේකර මහතා කීය.
A350 ගුවන් යානා සැපයුම් ගනුදෙනුව උල්ලංඝණය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා රජය රුපියල් බිලියන 15ට අධික මුදලක් ගෙවා ඇති නමුත් ජාත්‍යන්තර එකඟතා අනුව එම මුදල් නැවත අයකරගැනීමට හැකියාව ඇතැයිද ඔබේසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
එයාර්බස් ගනුදෙනුවේ විදෙස් පරීක්ෂණ ගැනත් හොයන්නැයි ඉල්ලයි