(තිළිණි ද සිල්වා)
මඩකලපුව එරාවුර් ප්‍රදේශයේ නව නිදහස් වෙළඳ කලාපයක් ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබෙන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
මේ සඳහා ඉඩම් අක්කර 200 ක් දැනටමත් හඳුනාගෙන ඇති බවත්, ඒ සඳහා ආයෝජකයන් සෙවීමේ කටයුතු ද මේ වන විට සිදුකරමින් පවතින්නේ යැයිද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියා සිටී.
මෙම නව නිදහස් වෙළඳ කලාපය සැකසීමට අදාළ පරිසර ඇගයිම් වාර්තා ලබා ගැනීමට මේවන විටත් අවශ්‍ය පියවර ගෙන ඇතැයිද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
නව නිදහස් වඳ කලාපය ස්ථාපිත කළ පසු ඊට අදාළ යටිතල පහසුකම් රජය විසින් ලබා දෙන බවද කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යවරයා කියා සිටී.
මේවන විට දිවයින පුරා ආයෝජන මණ්ඩලයට අයත් කටුනායක, බියගම, කොග්ගලසීතාවකපුර, බිංගිරිය හා වගවත්ත ආදි ප්‍රදේශවල නිදහස් කලාප 15 ක් ස්ථාපනය කර තිබෙන අතර එම නිදහස් වෙළඳ කලාප හා අපනයන සැකසුම් කලාපවල යටිතල පහසුකම් නැංවීමේ කඩිනම් වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව එම නිදහස් වෙළඳ කලාප ආශ්‍රිතව පානීය ජලය ඇතුළු වෙනත් පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා රජයේ අවධානය යොමුව ඇති අතර , දැනටමත් එම අවශ්‍යතා හඳුනාගෙන අමාත්‍යංශයට ඒ පිළිබඳ තමන්ට වාර්තාවක් ලබා දෙනලෙස අදාළ අංශවලට උපදෙස් දී ඇති බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියා සිටී.
හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.
වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද
සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු
අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ
මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
එරාවුර්හි නිදහස් වෙළඳ කලාපයක් ඇරඹීමට යයි
Sriyani Tuesday, 04 February 2020 08:49 AM
ඇමතිතුමනි, මෙය හොඳින් අධ්‍යයනය කර ක්‍රියාත්මක කළයුතු ප්‍රතිපත්තියකි. මෙවන් කර්මාන්ත පුරවලට ශ්‍රම ශක්තිය රටට තිබෙද්දී හොඳින් සොයා බලන්න...
කපුරුහාමි Tuesday, 04 February 2020 09:18 AM
මෙයා යමක් කිව්වොත් එ්කේ ආයේ අහන්න දෙයක් නැහැ.