එල්.ටී.ටී.ඊ. සංවිධානය අපරාධ සංවිධානයක් නොවන බව සඳහන් කරමින් එම සංවිධානයට අරමුදල් රැස් කළ බවට චෝදනා ලැබ සිටි 12 දෙනකු නිදහස් කිරීමට ස්විට්සර්ලන්ත ෆෙඩරල් අධිකරණය විසින් අද (3) නියෝග කරනු ලැබීය.
ස්විට්සර්ලන්ත දණ්ඩ නීති සංග්‍රහය උල්ලංඝණය කළ බවට චෝදනා කරමින් එරට නීතිපතිවරයාගේ කාර්යාලය සැකකරුවන් 12 දෙනාට අධිචෝදනා ගොනු කර තිබිණි.
1999 වසරේ සිට 2009 වසර දක්වා ඔවුන් එලෙස එල්.ටී.ටී.ඊ. සංවිධානයට අරමුදල් රැස්කළ බවට චෝදනා එල්ල වී තිබිණි.
ස්විට්සර්ලන්ත නීතිපතිවරයාගේ කාර්යාලය මේ සම්බන්ධයෙන් අවුරුදු නවයක් මුළුල්ලේ විමර්ශන පැවැත්වූ අතර සැකකරුවන් 12 දෙනා ‘ලෝක දෙමළ සම්බන්ධීකරණ කමිටුව (ඩබ්ලිව්.ටී.සී.සී)’ වෙත මූල්‍ය සහාය ලබා දී ඇතැයි ද චෝදනා කළේය.
එහෙත් එල්.ටී.ටී.ඊ. සංවිධානය සහ ඩබ්ලිව්.ටී.සී.සී අතර සම්බන්ධයක් නැතැයි 2018 වසරේ ජූනි මාසයේදී ස්විට්සර්ලන්තයේ ෆෙඩරල් අධිකරණය විසින් අනාවරණය කරගනු ලැබීය. එල්.ටී.ටී.ඊ. සංවිධානය අපරාධ සංවිධානයක් ලෙස සැලකීමට ප්‍රමාණවත් සාක්ෂි නැති බව ද විනිසුරුවරුන්ට එම අවස්ථාවේදී හැඟී ගොස් තිබේ.
පසුගිය අප්‍රේල් මාසයේදී ස්විට්සර්ලන්තයේ නීතිපතිවරයාගේ කාර්යාලය අදාළ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළ අතර චූදිතයන් අපරාධ සංවිධානයකට සහාය දක්වා ඇතැයි ද එම කාර්යාලය එහිදි සඳහන් කළේය.
අභියාචනය සැලකිල්ලට ගත් ස්විට්සර්ලන්ත ෆෙඩරල් අධිකරණය එරට දණ්ඩ නීති සංග්‍රහයේ 260 වගන්තිය පිළිබඳව සඳහනක් ද කරමින් කලින් දුන් නියෝගය අද (3) නැවත තහවුරු කර තිබේ.
‘මාෆියා’ ආකාරයේ සංවිධානාත්මක අපරාධ මැඩලීමට ස්විට්සර්ලන්ත දණ්ඩ නීති සංග්‍රහයේ 260 වගන්තිය නිර්මාණය කර තිබෙන අතර මීට පෙර අවස්ථාවලදී එම නීතිය අල්කයිඩා සහ අයි.එස් යනාදී ත්‍රස්තවාදී සංවිධානවලට එරෙහිව ද යොදාගෙන තිබේ.
අරමුදල් රැස් කරන සමයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය අපරාධ සංවිධානයක් ලෙස නොසැලකූ බව ද ෆෙඩරල් අධිකරණය තීන්දුව දෙමින් ප්‍රකාශ කර ඇත.
ස්විට්සර්ලන්තයේ දී එල්.ටී.ටී.ඊ. සංවිධානයට මුදල් සපයාදුන් පිරිසට ඔවුන් පසුකාලීනව නීතිය උල්ලංඝණය කරනු ඇතැයි උපකල්පනය කිරීමට හැකියාවක් නොතිබූ බව ද අධිකරණය සඳහන් කර තිබේ. එල්.ටී.ටී.ඊ. සංවිධානය ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල කළ ද එම සංවිධානයේ මූලික අරමුණ වී තිබූණේ ස්වාධීන නිදහස් වාර්ගික ජන ප්‍රජාවක් ලෙස හඳුනාගැනීම යැයි ද සඳහන්ව තිබේ.
‘ස්විස්ඉන්ෆෝ’ ඇසුරිනි
055
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට
ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සෞදි අරාබි බාහිර වෙළඳ දූත පිරිසක් සමඟ සාර්ථක වැඩසටහනක් පසුගියදා පැව
ලුණු මිල හෙට (6) සිට වැඩි කිරීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ.
වී මිලදී ගැනීම සඳහා භාණ්ඩාරයෙන් රුපියල් කෝටි 500 ක මුදලක් වෙන්කර ඇති බවත් එම මුදලින් කොටසක් කෘෂිකර්ම අමාත්‍යංශයට යොමු කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩ
ආණ්ඩුව වී සඳහා නියම කළ මිල සමඟ එකඟ නොවන බවත් මිල නියම කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ වියදම් පිළිබඳව අවදානය යොමුකර නොමැති බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
එල්.ටී.ටී.ඊ. සංවිධානයට අරමුදල් රැස් කළ 12 ක් ස්විස් අධිකරණය නිදහස් කරයි
කපිල වසන්ත Tuesday, 03 December 2019 06:04 PM
එල්.ටී.ටී.ඊ. සංවිධානය අපරාධ සංවිධානයක් ලෙස සැලකීමට ප්‍රමාණවත් සාක්ෂි නැති බව ද විනිසුරුවරුන්ට එම අවස්ථාවේදී හැඟී ගොස් තිබේ. ඒක දන්නෙ ලංකාවේ හිටපු අපි මිසක් එයාලා නෙවේනේ. ගම් වලට පැනල කපලා මරපුවා, බස් වලට බෝම්බ තියලා මිනිස්සු මරපුවා වගේ කොයි තරම් දේවල් කළාද?
Nandalal DE SILVA - France Tuesday, 03 December 2019 10:18 PM
යුරෝපයේ සිටින මුළු මහත් දෙමළ ඩයස්පෝරාවටම, රතික්ඥා දල්වමින් වීදිපුරා ජයගෝෂා පැවැත්වීමට කදිම අවස්ථාවක් ස්විස් අධිකරණය ලබාදී තිබෙනවා. මෙහි දැනට තිබෙන සීත කාලගුණය නොවෙන්නට දමිළ ජනතාව එළිමහනේ කිරිබත් සංග්‍රහයක් යුරෝපියන්ට කරනවා නොඅනුමානයි. මේ අධිකරණ තීන්දුවත්, කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ "නිලධාරිනියක් පැහැරගෙන ගොස් ප්‍රශ්න කරා" කියන අද්භූත සිද්ධියත්, ගෝඨාගේ සති තුනකටත් අඩු ළදරු පාලනයටත් අහිතකර කළු පැල්ලම් වෙනවා නොඅනුමානයි.
උනලියේ ගන්දස්සාර Wednesday, 04 December 2019 11:29 AM
කව්ද ළදරුවා ? එතුමාට එහෙම කියන්න තමන්ට ඇති අයිතිය කුමක්ද? මට හිතෙන්නේ තමාත් දෙමල ඩයස්පෝරාවට සහය දෙන්නෙක් බවයි. ප්‍රවේශමෙන්. ඉස්සර වගේ සෙල්ලම් කරන්න බැහැ දැන්. යුරෝපය නොවෙයි මොන හස්තිරාජයා ආවත් මේ සිංහ ලේ තියෙන අභීත ජාතිය බය නැති බව දැනගන්න.
රජින්ද Tuesday, 03 December 2019 10:45 PM
ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් වලට මුවාවී ලංකාව වැනි නැගී ඒමට උත්සාහ දරන රටවල් නිර්දය ලෙස මෙල්ල කිරීමටත් අපේ රටවලට අන්තවාදය සහ බෙදුම්වාදය පැතිරවීමට ඉඩදී ඒ රටවල වෙසෙන දෙමල ප්‍රජාවගේ ඡන්ද ලබා ගැනීමත් පිණිස මොවුන් මේ කරනු ලබන පහත් නින්දිත ක්‍රියාවට සුදුසු දඬුවම් ස්වභාවයේ ධර්මතාවයන් තුල පවත්නා යුක්තිය විසින් යථා කාලයේදී ඔවුන්ට ලබාදෙනු ඇත. එහෙත් ඊට පෙර උතුර සහ නැගෙනහිර ජනතාවට ඒ ඒ ප්‍රදේශවල දෙමල සන්ධානය සමග මුසු නොවී මධ්‍යම රජයෙන් ඍජුවම සහන හා සංවර්ධනය ලැබෙන සේ ප්‍රතිපාදන වෙන් කල යුතුය. යුද්ධයෙන් පසුව ගත යුතුව තිබුණු බොහෝ සංවේදී හා වැදගත් තීන්දු තීරණ එවක මහින්ද ජනපති ගත්තේ නැත. එහෙත් ගෝඨාභය ජනපති ගැන අපේ විශාල පැහැදීමක් ඇත්තේ ඔහු බුද්ධිමත්ව ගැටුම් කළමනාකරණය කිරීමේ ජගතෙකු බැවිනි.
අභය Tuesday, 03 December 2019 11:38 PM
අනතුර පැහැදිලියි. ලෝක බලතුලනයේ මධ්‍යස්තව සිටිය නොහැකියි. එක් බලකදවුරකට සහය පළ කළ යුතුයි . බටහිර කවදත් ඩයස්පෝරවට හිතවත්.
Bamunuarachchi Wednesday, 04 December 2019 12:17 AM
දැනට වෙන සිදුවීම් අනුව ස්විස් රජය ලංකාවට එරෙහි රජයක් ලෙස සැලකීමට කාලය පැමිණ තිබේ.
මුණසිංහ Wednesday, 04 December 2019 12:34 AM
මට නම් පෙනෙන හැටියට ස්විට්සර්ලන්තය ස්වාධීන රටක් ලෙස තව දුරටත් පිළිගන්න බැහැ. ස්වාධීන හන්වඩුව ගහගෙන අන්තවාදීන්ට-ත්‍රස්තයන්ට සහයෝගය දෙනවා.
හිරිකිත - ලන්තේ Wednesday, 04 December 2019 01:38 AM
ඔය එලියට එන්නේ.. කෝ අර පැහැරගත් කාන්තාව? හිරිකිතයි තොපේ වැඩ. ඔය ඔඩොක්කුවේ දා ගත්ත නයි කනකොට තමා සැප හොදේ.
අනාත නොවු අනාතයා Wednesday, 04 December 2019 02:34 AM
ඔහොම හිතලා තමයි අපිත් අවුරුදු 30ක් කෙලෝගත්තේ ! ඔහොම යං ලගදීම ඊලමක් ඔහේ ඇතිවෙයි! මොකද මෙහෙ ඔය සෙල්ලන් දැන් වානා. හරියේ !
lalithm Wednesday, 04 December 2019 03:06 AM
මේජර් අජිත් ප්‍රසන්නට තව උපවාසයක් ආරම්භ කරන්න පුළුවන්. මේකත් යූ.ඇන්. පී කුමන්ත්‍රණයක්!!!
thushara Wednesday, 04 December 2019 04:47 AM
ඔය ගමන්ම ස්විස්ටර්ලන්තෙන් කෑල්ලකුත් ඊලම හදාගන්න දුන්නයි කියලා අපේ කිසිම විරුද්ධත්වයක් නෑ.
Bamunuarachchi Wednesday, 04 December 2019 05:47 AM
අපේ ගෝඨාභය සර් ඉන්නකම් ඔය කට්ටියට ඉසගහන්න දෙන්නේ නැහැ.
sharm warn Wednesday, 04 December 2019 05:59 AM
ඔව් ඉතින් ස්විට්සර්ලන්තේ මුල ඉදලම කත් ඇද්දේ ත්‍රස්තවාදීන්ට තමයි. මොකද ලෝකේ ඉන්න හැම හොර අරමුදලක්ම තියෙන්නේ ස්විස් බැංකු වලනේ. එකනේ ඒ රටේ ත්‍රස්ත විපත් හෝ සිවිල් කෝලාහල නැත්තේ. කවුරුවත් ඒ රටට අත තියන්නේ නැහැ. අඩු ගානේ මුදල් විශුද්ධිකරණ හොයන අයවත්.....දවසක ඊලම එහෙ හදා ගනීවි. එදාට තමයි ස්විස්කාරයා ඇල්ප්ස් කන්දෙන් බිමට පනින්නේ.
ලන්කෝනිස් Wednesday, 04 December 2019 06:09 AM
එකට එක කෙරුවාවත්ද ?
ඉන්දික Wednesday, 04 December 2019 07:19 AM
නියමයි. දැන් අයි.එස්.අයි.එස් එහෙ වැඩ කරන්න පුලුවන්. එයාලත් කරන්නේ වෙනම රටක් හදන්න සටනක්නේ.
sam Wednesday, 04 December 2019 08:49 AM
කොහොමහරි ඔහේ ඊළමක් ඉල්ලලා කැරැල්ලක් ගහපු දවසට තමයි ඔහේ ඔන්න පිට කට්ටුවගේ ඉහ මොළ රත්වෙන්නේ.
කුමුදු Wednesday, 04 December 2019 09:13 AM
ආණ්ඩු පෙරලියක් බයියෝ ඉල්ලුවේ ඕවාටනේ.
wimal Wednesday, 04 December 2019 09:30 AM
දෙමල අයගේ කපටිකමයි, බොරුවයි තමුන්ගේ ජාතිය වෙනුවෙන් ලෝකෙම රවට්ටනවා. අපේ සිංහල ජාතියේ පුළුවන් මිනිහා කවදාවත් කැපවෙන්නේ නැහැ තමුන්ගේ අය වෙනුවෙන්. ගොඩක් තියෙන්නේ පවා දීම්. රටවල් වල තානාපතිවරු කිසිම හැකියාවක්, කථිකත්වයක් තියෙන කිසිම කෙනෙක් අපි දකින්නේ නැහැ. ගෝඨාභය අපේ ජනාධිපතිතුමනි, මෙහෙම අය විදෙස් රටවලට යවන්න එපා.