IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


එස්.බී.ගේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට

(රංජිත් රාජපක්ෂ සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතාගේ ඇමති ආරක්ෂක අංශයේ පොලිස්  නිලධාරීන් දෙදෙනෙකු අද (07) සැක පිට අත්අඩංගුවට ගත් බව ගිනිගත්හේන පොලිසිය පැවසීය.
 
ගිනිගත්හේන පොලිස් වසමට අයත්  කොත්තැල්ලෙන ප්‍රදේශයේ ජනාධිපතිවරණ ප්‍රචාරක පොකුරු රැස්වීම්වලට සහභාගී වී එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා ඇතුළු ආරක්ෂක නිලධාරීන් ගිනිගත්හේන පොල්පිටිය මාර්ගය හරහා වාහනවලින්  ඊයේ (06) රාත්‍රියේ ගමන් කරමින් සිටියදී, වෑන් රථයක් ආරක්ෂක අංශයේ වෑන් රථයේ ඉදිරිපස පැති කණ්ණාඩියක ගැටී ඇත.
 
එය විවාහ මංගල උත්සවයකට සහභාගී වී නාවලපිටියේ සිට පොල්පිටිය හරහා මිනුවන්දෙණිය දක්වා ගමන් කරමින් සිටි තරුණයන් සිව්දෙනෙකු රැගත් වෑන් රථයකි.
 
අනතුරත් සමග ඇමති ආරක්ෂක අංශයේ නිලධාරීන් සහ තරුණයන් පිරිස අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් පසු එම ස්ථානය පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා එම ස්ථානයට පැමිණ සිද්ධිය සමථයකට පත් කර පිටව ගියේය. ඒ සමග ඇමති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරීන් තමන්ට සහ තම මිතුරෙකුට පිස්තෝලයකින් වෙඩි තැබූ බව වෙඩිවැදීමෙන් තුවාල ලැබූ අයෙක් කියා සිටියේය.

තමන්ගේ දකුණු අතට වෙඩි වැදුණු බවත්, තම මිතුරාගේ වම් පාදයට වෙඩි වැදුණු බවත්, පසුව දෙදෙනාම කිතුල්ගල තැලිගම  ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කළ බවත් ඔහු පැවසීය. පසුව ඔවුන්ව ගිනිගත්හේන ප්‍රාදේශීය රෝහලට සහ කරවනැල්ල මූලික රෝහලට මාරු කර යවා ඇත.

තලාතුඔය පොලිසියට ලැබුණු පැමිණිල්ලක් අනුව ඇමති ආරක්ෂක අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
 
අත්අඩංගුවට ගත් ආරක්ෂන නිලධාරීන් දෙදෙනා, වෑන් රථය සහ  වෙඩි තැබීමට උපයෝගි කරගත් යැයි කියන පිස්තෝල දෙක හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද (07) ඉදිරිපත් කිරීමට නියමිත අතර, සැකකරුවන් දෙදෙනා හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කරන බව  ගිනිගත්හේන පොලිසිය පැවසීය.

(ඡායාරූප - රංජිත් රාජපක්ෂ)



අදහස් (16)

එස්.බී.ගේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට

සේන Thursday, 07 November 2019 05:21 AM

මහ මගදී සිදුවන කිසිම අණතුරකදී කළහකාරී ලෙස හැසිරීම ඉතා අසංවර ය. ඉන් කිසිඳු ප්‍රයෝජනයක් නැත. මම රැකියාව කරන රටේ එහෙම අණතුරක් වුණාම පොලීසිය පැමිණෙනතුරු අණතුරට පත් දෙපාර්ෂයම සුහදව කතා කරමින් සිටී. එයයි සිදුවිය යුත්තේ.

:       52       405

sumithThursday, 07 November 2019 06:04 AM

ඔබතුම ඉන්න රටේදී ලංකාවේ වගේ ගල කඩාගත්තු හරක් වගේ වාහන එලවන්නේවත් පොලිසිය මාර්ග නීති කඩන එක දැකල අහක බල ගන්නෙවත් නැතිව ඇති. අනික දේශපාලුවෝ අරගෙන යන වාහන පිස්සෝ වගේ යන්නෙත් නැතිව ඇති. එව්වා හදන්නේ නැතිව ඔය රටවල තියෙන සුහද කතා ප්‍රායෝගික නැහැ .

:       2       111

සේනThursday, 07 November 2019 09:02 AM

මහත්මයා අපට රටේ තියෙන පහසුකම් වෙනස්කරන්න බෑ. අපට පුලුවන් වෙනස් වෙන්න. මම ලංකාවෙ ඉන්නකොට යතුරු පැදියක් මගේ වාහනේ පිටුපස වැදී වැටුණා. පළමුව මම කළේ බිම වැටී සිට් මිනිසා ගැන සොයා බැලීම. ඔහුට ඉතා සුහදව කතා කිරීම. මගේ වාහනයේ පාඩුව රක්ෂණ ආයතනයෙන් සුළු වෙලාවකින් මට ලැබුණා. අපි මාන්නයෙන්, අනිකා අබිබවා පාරෙ යනවා. එතනයි මේ ප්‍රශ්න. මෛත්‍රී සිතෙන් ඉමු. ජීවිතේ කොයි වෙලේ නැතිවෙයිද දන්නෙ නෑ.

:       1       129

chathurangaThursday, 07 November 2019 06:19 AM

හරියටම හරි සේන. දියුණු රටවල සුලු අනතුරකදී අඩුම තරමින් පොලීසිය මැදිහත්වීමක්වත් වෙන්නෙ නෑ. වරද කරපු කෙනා ඒක පිලිගන්නවා. ඊට පස්සෙ වරද කරපු කෙනාගෙ ඉන්සුරන්ස් කම්පැණි එකෙන් පහසුවෙන්ම මුදල් ලබා ගන්න පුලුවන්. ලංකාවෙ තුන්වන පාර්ෂවයේ ඉන්සුරන්ස් අනිවාර්ය උනාට ඒකෙන් සල්ලි ගන්නනම් උසාවි යන්න වෙනවා.

:       1       16

Chanak los angelesThursday, 07 November 2019 06:55 PM

ඕන නම් ඔය සමහර කඩේ යන නාලිකා වලට දේශපාලුවන්ගේ කුණු හෝදන්නේ නැතිව දියුණු රටවල මෙවන් අනතුරු වලදී කොහොමද දෙපාර්ශවය කටයුතු කරන ආකාරය පිළිබඳව දැනුවත් කිරීමට නොහැක්කක් නොමැත. වාහන අනතුරකට වඩා දරුණු අපරාධයක් මෙන්ම මිලේච්චත්වයක් අනතුරෙන් පසුව දෙපාර්ශය විසින් ඇතිකරගන්න ගුටි බැට හුවමාරුව

:       1       1

මහසෙන් Thursday, 07 November 2019 06:09 AM

සේන මහත්මයා..මොකක්ද ඒ රට..ඉන්න හිතෙන රටක්!

:       1       13

Praba Thursday, 07 November 2019 06:28 AM

ආයෙ ටික දවසකින් ඇමති ආරක්ෂක, ඇමති පුතා ආරක්ෂක, ඇමති පුතාගෙ නෝනා ආරක්ෂක වාහන පෙරහරවල් පාරවල් බදු ගනීවි.

:       26       252

WasudewaThursday, 07 November 2019 10:45 AM

මේ පටන් ගත්ත විතරයි... බලය ගත්තොත් බලමුකෝ... අපිට මතකයි දළදා මාලිගාවේ කාර් රේස් පැද්ද හැටි. මහනායක හාමුදුරුවෝ එපා කියලත් සත පහකට ගණන් ගත්තේ නැහැ. ඉතින් ඡන්දෙ දානකොට හරි කෙනාට කතිරේ ගහන්න.

:       3       362

seneshka Thursday, 07 November 2019 06:28 AM

දැන් ඉතින් ඕකට ගෝඨාභය සමාව ගත්තා නේද ? දැන් ඔක්කොම හරිනේ.

:       220       14

KANDEPOLA Thursday, 07 November 2019 07:11 AM

'මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ?

:       1       2

sumudu Thursday, 07 November 2019 08:11 AM

වහල් දේශයක ලක්ෂණ. මේවා ජනතාව කැමැත්තෙන් තෝරගත්ත දේවල්නේ. ඡන්දෙන් ඊලඟට ආයෙත් ඔය වහල් ක්‍රමයක් තෝරාගමු. වහල් හිමියෝ පාරේ යනකොට වහල්ලු පාරෙන් අයින් වෙන්න ඕනේ.

:       14       234

GalaparaFriday, 08 November 2019 03:11 AM

එස්.බී. ව සීට් එකෙනුත් පරද්දලා මිනිස්සු ගෙදර යවලා තිබුනේ... ජනාධිපතිතුමා තමයි ලිස්ට් එකෙන් පාර්ලිමේන්තුවට ගත්තේ... ඉතින් තව මොනවද කතා?

:       1       19

bandula ekanayake Thursday, 07 November 2019 11:17 AM

එස්.බී. මෙලෙස හැසිරෙන්න ගත්තම සාමාන්‍ය මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ. අපිට පාරවල් වල යන්න බැරිද. ඒ ය අපේ සල්ලි වලින් නටනවා. බලය ලබා දුන්නොත් කොහොම කරයිද.?

:       1       227

Rumesh Thursday, 07 November 2019 11:23 AM

මන්ත්‍රී තුමා සමතයකට පත්කර ගියායින් පසුවයි වෙඩි තැබීම සිදුවී තිබෙන්නේ. දේශපාලකයාටත් වඩා හෙන්චයියන්ගේ ගෙම්බර් බැලීමට මහජනයාට සිදුවී තිබෙනවා.

:       3       212

ATHULA Thursday, 07 November 2019 12:58 PM

මේක සිද්ධියක් විතරක් කියලා ගන්නේ ඔය වගේ අපේ ඡන්දෙ ඉල්ලගෙන නැහැ. හිගා කන අය දිනුවහම උන්ගේ අය සේරම මෙහෙම තමයි. ඉතින් මේක වෙනස් කරන්න නම් මේ දෙගොල්ලම හිරගෙදරටම දක්කන්න ඕනේ. ඒක කරන්න පුළුවන් එක පක්ෂයයි. වෙන කවුරු ආවත් මේවා නතර වෙන්නේ නැහැ.

:       1       2

Chanak los angeles Thursday, 07 November 2019 06:41 PM

වාහන අනතුරකදී කරන්න ඕනේ එකිකෙනාට පහර දී ගැනීමද ? අපිනම් කරන්නේ පළමුව තුවාල ලබපු පුද්ගලයන් ඉන්නවානම් ඔවුන්ට මූලික ප්‍රතිකාර ලබාදී ඉන් අනතුරුව අනතුර පිළිබඳව නීති රෙගුලාසි ක්‍රියාත්මක කිරීමයි. පසුව දෙපාර්ශවයන් පිටවී යන්නේ අතට අතදී ඉතාමත් සුහදවයි. ඒක නිසයි අපි නිතරම කියන්නේ සාටකයන්ගේ වහලුන් මේ රටට අධිරාජ්‍ය වාදයක් වපුරමින් මොන විදියට චෝදනා කළත් අපි එතරම් වාසනාවන්තයි සුපිරිසිඳු නීතියක් සහිත මෙවන් රටක ඉන්න ලැබීම කියා. අපි දන්නවා ලංකාව මේ අතින් පසුවෙන්නේ ඉතාම අඩු බුද්ධි මානසිකත්වයකින් කියා. එය සිදුවී තිබෙන්නේ ධනවාදය, කුලවාදය, ඇති නැති බව දේශපාලනය බලය රටේ අස්සක් මුල්ලක් නෑර ව්‍යාප්ත වී ඇති නිසාය.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

දියත

රැකියා දෙන්න අල්ලස් ගත් යුවළක් මාට්ටු
2025 මාර්තු මස 14 132 0

රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම


ඇල්ල - වැල්ලවාය මාර්ගය අද රාත්‍රියේ වසයි
2025 මාර්තු මස 14 85 0

ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ


වෛද්‍යවරිය අපයෝජකයාගේ නිවෙසින් අත් බෝම්බයක් හමු වේ
2025 මාර්තු මස 14 430 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.


ඇමෙරිකන් සටන් විරාමයට පුටින්ගේ අකමැත්තක් නැහැ
2025 මාර්තු මස 14 224 0

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.


ඇමෙරිකන් ගුවන් යානයක ගින්නක්
2025 මාර්තු මස 14 236 0

ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග


අඳුරු කාමරයක සිරගත කෙරුණු බටලන්ද අද හිරු එළිය දුටුවා
2025 මාර්තු මස 14 1409 2

ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 219 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 512 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 246 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site