IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ඔක්සිජන් ඇණවුම ඉන්දියාවට බාරදෙයි

(සුජිත් හේවාජුලිගේ)

ඉන්දියාවෙන් සතියකට ඔක්සිජන් මෙට්ට්‍රික් ටොන් 100 බැගින් ආනයනය කිරීමට ඇණවුම් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

රෝහල්වලට දිනකට අවශ්‍ය කෙරෙන ඔක්සිජන් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 70-72 අතර ප්‍රමාණයක් දක්වා වැඩිවී ඇතැයිද එම අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙයට අමතරව සිංගප්පූරුවෙන්ද ඔක්සිජන් ගෙන්වීමට රජයේ අවධානය යොමු වී ඇත.

දිවයින පුරා රෝහල්වල ඔක්සිජන් අවශ්‍ය කෙරෙන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ආරංචි මාර්ග පවසයි.

ඔක්සිජන් අවශ්‍ය කෙරෙන රෝගීන් සංඛ්‍යාව 500 ඉක්මවා ඇතැයිද දැනගන්නට ඇත.

 



අදහස් (14)

ඔක්සිජන් ඇණවුම ඉන්දියාවට බාරදෙයි

Sri Lanka Saturday, 14 August 2021 04:49 PM

කොරෝනාවලින් වාසි පිටරටට... ඔක්කොම ගේන්නේ රටින්..., කොරෝනා ආවෙත් රටින්..., අදහස් රටින්... මේකෙන් බේරෙන්න නම් අපේම අදහස් ක්‍රියාත්මක කරන්න ඕනේ... නැතිනම් ගොඩ එනවා බොරු...

:       0       18

ඔනිල්Saturday, 14 August 2021 05:37 PM

පැණිය වගේද?

:       2       24

gamageSaturday, 14 August 2021 08:34 PM

ඇයි අපිව ගොඩදාන්න ආපු මොල 07 ගොයියත් ගෙන්නුවේ රටින්නේ...

:       0       0

chandima Saturday, 14 August 2021 05:41 PM

ඇස්ට්‍රාසෙනෙකා වලට කරපු වැඩේම කරයි... පරිස්සමෙන්..!!!

:       0       27

de silva Saturday, 14 August 2021 06:32 PM

ඉන්දියන් කාරයාගේ වචන ශුවර් නැත. එමනිසා අත්‍යාවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය ඉන්දියාවෙන් ඇණවුම් කරන එකභයානක දෙයකි. ඇස්ට්‍රාසෙනෙකා අපට පොරොන්දු වුණු විදිහට දුන්නා නම් අද අපට මෙහෙම වෙන්නේ නැත. වැඩි මිලක් ගෙවලා හරි බටහිර රටකින් හෝ ආසියාවේ වෙනත් රටකින් හෝ... මේවා ඇණවුම් කරන එක අත්‍යාවශ්‍ය කාරණාවකි.

:       5       18

SUNILSaturday, 14 August 2021 10:06 PM

සිල්වා, නොමිලයේ ඉන්දියාවෙන් ලැබුණු 1990 ගිලන්රථ සේවාව ගැන ලොකු කතා දුන්නට ඉන්දියාවෙන් ලැබෙන වෙනත් දේවල් ගැන නම් වැඩි විශ්වාසයක් නැතිවා වගේ. සමහරවිට සිල්වාට ලකුණු නොලැබෙන නිසා වෙන්නට ඇත..

:       0       1

Don Saturday, 14 August 2021 08:00 PM

සිංගප්පූරුවෙන් ඔක්සිජනුත් ගේන්න වුණා එහෙනම්...!!!

:       0       0

lakvidu Saturday, 14 August 2021 09:02 PM

ඔක්සිජන් අවශ්‍ය කෙරෙන රෝගීන් සංඛ්‍යාව 500 ඉක්මවා ඇතැයිද දැනගන්නට ඇත. මේ මොන කතාවක්ද? නිකං කාලෙකටත් දවසකට දහස් ගණනක් රෝගීන්ට ඔක්සිජන් අවශ්‍ය වෙනවා.. !!!

:       0       1

Chana Saturday, 14 August 2021 09:14 PM

කතන්දර මොනවා වුණත් මීට මාස දෙකකට පෙර කෝවිඩ් රෝගීන් ලක්ෂ ගාණක් වාර්තා වෙලා ඉන්දියාවට අවශ්‍ය ඔක්සිජන්වත් හදාගන්න බැරුව හිටපු අය දැන් පිටරට වලටත් විකුණනවා. අපි ඒවා බල බලා ඉඳලා දැන් ඊටත් හුඟක් පහළ තැනකට වැටිලා ඉන්නවා. රටක පරිපාලන හැකියාව හොඳින් පේනවා. පහුගිය ආණ්ඩුව තිබුණත් මීට වඩා වෙනසක් නෑ.. දැනුත් රට වැටෙන්න ඕනෑ උපරිමයෙන් වැටිලා තියෙන්නේ... සමහරු කියනවා හිස් භාණ්ඩාගාරයක් ලැබුණේ කියලා. පිරිච්ච භාණ්ඩාගාරයක සල්ලි වියදම් කරන්න ඔස්තාර්ලා ඕනෙ නෑ. සෝබන කතාවල නම් ඉවරයක් නෑ. හැබැයි කහ විතරක් ඉන්දියාවෙන් ගේන්න බෑ හොඳේ...

:       0       1

sg Saturday, 14 August 2021 11:27 PM

ඇස්ට්‍රා සෙනෙකා එන්නත දෙන්න එපා කියලා දෙන්න එපා කියලා ලෝකේ අනික් රටවල්වලට කිව්වේ කවුද දන්නේ නැහැ නේද?

:       0       1

Perera Sunday, 15 August 2021 05:13 AM

ඉන්දියාවටත් ඔක්සිජන් මදිවෙලා තියෙන වෙලාවේ ලංකාවට එවාවිද? 

:       0       2

සිරිබිරිස් Sunday, 15 August 2021 07:09 AM

ඔය පැත්තේ ඉන්න රාජ්‍ය ඇමතියෙක් හෝ ඔහුගේ ගෝලයෙක් ඇහුවා නේද ඔක්සිජන් කන්නද කියලා? එහෙම නම් මේ කරන්නේ මොනවාද?

:       0       1

සිරි Sunday, 15 August 2021 10:40 AM

ඉන්දියාවට මොකක් හරි බිස්නස් එකක් දෙන්නනේ බැලුවේ. දැන් ඒකත් හරි... ඕනෙම වෙලාවට කියයිද දන්නේ නැහැ. ඔක්සිජන් හදන ෆැක්ටරි එකේ ප්‍රශ්නයක්. ඒ නිසා සපයන්න බැහැ කියලා...

:       0       1

සිල්වා Sunday, 15 August 2021 11:06 AM

ඉන්දියාවේ තත්වය භයානකයි. ඉන්දියාවේ ඇස්ට්‍රා එන්නත් වගේම ඔක්සිජන් හිඟයක් ද පැවතුණා. එම නිසා ඉන්දියාව විශ්වාස කරන්න එපා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

දියත

ලසන්ත ඝාතනය ගැන නීතිපති මතය අධ්‍යනයට
2025 පෙබරවාරි මස 05 118 0

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සම්බන්ධයෙන් නීතිපතිවරයා දී ඇති තීන්දුව සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය


ගම් - නගර එකට සංවර්ධනය කරන්න ව්‍යාපෘතියක්
2025 පෙබරවාරි මස 05 161 0

ඒකාබද්ධ ග්‍රාම - නගර සංවර්ධන සහ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සුකර උණෙන් ඌරන් 1600ක් මැරිලා
2025 පෙබරවාරි මස 05 141 0

රටපුරා පැතිරි යමින් ඇති සූකර ඌණට ලක්ව ඌරන් 1600 ක් මේ වන විට මිය ගොස් ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ


බදුල්ල නගරය ආශ්‍රිත වැසියන්ට මුඛ ආවරණ පළදින්න උපදෙස්
2025 පෙබරවාරි මස 05 337 1

බදුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාකර දී.ඇති හෙයින් මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකර


රුවන්ඩා මහ කොමසාරිස් අගමැතිනිය හමුවෙයි
2025 පෙබරවාරි මස 05 194 2

ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි රුවන්ඩා මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ රුවන්ඩා ජනරජයේ මහ කොමසාරිස් ජැක්කුලින් මුකන්රියා මහත්මිය අග්‍රාම


ජපානය ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දෙයි
2025 පෙබරවාරි මස 05 243 0

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය අකිකෝ ඉකුයිනා මහත්මිය අතර හමුවක් අරලියගහ මන්දිරය


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 88 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 769 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site