සිඩ්නි නුවරදීය (එන්.ඩී.ටීවි)
වැඩියෙන් ජලය පානය කිරීමේ වරදට, ඕස්ට්‍රේලියාවේ වියළි ශුෂ්ක ප්‍රදේශවල නිදැල්ලේ ජීවත් වන ඔටුවන් 10,000 ක් මරා දැමීමට ඕස්ට්‍රේලියානු රජය ඊයේ (8) තීරණය කළේය.
ඒ අනුව, ඔටුවන් මරා දැමීමේ පස් දින වැඩසටහනක් ආරම්භවුණු අතර, ඒ සඳහා හෙලිකොප්ටර් යානා යෙදවිණි.
ඔටුවන් මරා දැමීමට ඕස්ට්‍රේලියා රජය තීරණය කළේ ‘කැන්යිප්’ ඇබොරිජින්ල් ප්‍රජාව කළ ඉල්ලීමකට අනුවය.
ඇබොරිජින්ල් යනු ඕස්ට්‍රේලියාවේ මුල් පදිංචිකරුවන් හෙවත් එරට ස්වදේශික වැසියෝය.
ඔටුවනට ජලය නොමැතිව දින ගණනක් සිටිය හැකි වුවද විශාල ජල ප්‍රමාණයක් එකවර පානය කරති.
වියළි කාලගුණයත්, පැතිර යන ළැව් ගිනි තත්ත්වයත් හේතුවෙන් කැන්යිප් ඇබොරිජින්ල් වැසියන් ජීවත්වන පළාතේ ජලාශ සහ පොකුණුවල ජලය තවත් අඩු වී ඇත.
වනසතුන් බොහෝ දෙනකු මේ වන විට ජලය නොමැතිව මියගොස් ඇතැයිද පැවැසේ.
මධ්‍යම සහ බටහිර ඕස්ට්‍රේලියාවේත්, උතුරු පළාත්වලත්, දකුණු ඕස්ට්‍රේලියාවේත්, ක්වීන්ස්ලන්ඞ් ප්‍රාන්තයේත් ශුෂ්ක කාන්තාරබද ප්‍රදේශවලත් ඔටුවෝ නිදැල්ලේ වාසය කරති.
මේ අතර, ලැව් ගිනිවලට කොටුවීමෙන් මියගොස් ඇතැයි පැවැසෙන ඕස්ට්‍රේලියාවට පමණක් ආවේණික සතුන් ගණන මිලියන 480 ක් බවද ඕස්ට්‍රේලියා මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත.
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම
ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ඕස්ට්‍රේලියාවේ ඔටුවන් 10,000 ක් මැරීමට තීරණයක්
bandara Thursday, 09 January 2020 06:40 AM
මෙහෙමත් පව්කාර තීරණයක් ........!
Dilan Thursday, 09 January 2020 06:54 AM
මෙම සියලු කාළගුණික විපර්යාස වලට හේතුව නිර්මාණය කළ සතුන්ට බීමට පවා ජලය නැති තත්වයක් ඇතිකළ සහ මිහිපිට ඉතිරිව ඇති ස්වල්පයක් වූ ජල ප්‍රමාණයත් දූෂණය කළ මිනිසාට දඬුවම් නැත්තේ ඇයි? ඇබොර්ජින්වරුන්ට ජීවත්වීමට පරිසරය, බීමට ජලය අහිමිකළේ සුදු ජාතිකයන් මිස ඔටුවන් නොවේ.
NuwanThursday, 09 January 2020 08:57 AM
මගේ එකම පැතුම නැවත ඩයිනසෝරයන් හෝ වෙනත් මිනිසුන් පමණක් ආහාරයට ගන්න විකෘති භයානක ,ලෙහෙසියෙන් විනාශ කල නොහැකි ජීවියෙක් විද්‍යාවේ අත්වැරදීමකින් හෝ මෙලොව ඇතිවී පාලනය කල නොහැකි ලෙස පැතිරේවා කියලා. අන්න එදාට මිනිසා කියන ආත්මර්තකමියාට තේරුම් යයි මරණ භය.
lalithm Thursday, 09 January 2020 07:05 AM
ලංකාවේ වගා පාලුකරන ඉත්තෑවන් දඬු ලේනුන් වගේ සතුන් දඩයමට නීති හදන්න. කිසිම ගහක් කොලක් වවන්න දෙන්නේ නැහැ. සමහර පළාත්වල මුවන්ගෙනුත් කරදර තියෙනවා.
Jaya Thursday, 09 January 2020 07:20 AM
මහා ලොකුවට සංවර්ධිතයි කියන රටවල් දෙන විසදීම් පේනවනේ. ගල් යුගයටත් වැඩිය අන්තයි. ඉතින් අපේ රටවල් ගැන කවර කතාද.
Mahee Thursday, 09 January 2020 07:21 AM
අපට බීමට ජලය අහිමි කරමින් වැසි වනාන්තර විනශ කරන දේශීය ඔටුවන් වැඩි දෙනෙක් අපව පාලනය කිරීම සඳහා වරින්වර පත්කරනු ලබති.
චතුර Thursday, 09 January 2020 07:23 AM
කැකිල්ලේ නඩු තීන්දු වගේ. පුදුම අපරාධයක්. අහිංසක සත්තු මැරුවම ඒවත් තව ටික දවසකින් පල දෙයි.
sharm warn Thursday, 09 January 2020 07:49 AM
අය්යෝ මේ මොන සහ ගහන අපරාධයක් ද ?? මේ කුහක මිනිස් වර්ගයා මේ මිහිතලයෙන් වද වෙලා යන දවස ට මේ ලෝකය ට යහපත උදා වේවි.
මලගල Thursday, 09 January 2020 08:10 AM
ඔටුවන් ඕස්ට්‍රේලියාවේ ස්වාභාවිකව හැදුනු සත්තු නෙමෙයි. ඕස්ට්‍රේලියාව බ්‍රිතාන්‍ය විසින් ජනපදීකරණයේදී ප්‍රවාහනය සඳහා ඔටුවන් ගෙන තිබෙනවා. ඕස්ට්‍රේලියානු පරිසරය ඔටුවන්ට හොදින් ගැලපෙන නිසාත් ඕස්ට්‍රේලියාවේදී ඔටුවන්ට විලෝපිතයන් නැති නිසාත් ඕස්ට්‍රේලියාවේ ඔටුමස් පරිභෝජනය නොවන නිසත් ඔටුවන් සීඝ්‍රයෙන් පැතිරලා තියනවා. මිනිසා විසින් ඕස්ට්‍රේලියානු පරිසරයට හදුන්වා දුන් ඔටු ගහනය ස්වභාවිකව පාලනය නොවන නිසා ඔටු ගහණය පාලනය කරන්න මිනිසාටම මැදිහත් වෙන්න සිද්ධ වෙලා තියනවා.
AsankaThursday, 09 January 2020 09:00 AM
නින්දිත ලෙස සතුන මරණ එක සාධාරණ කරන තවත් එක්කෙනෙක් , ඔටුවා කෙසේ හදුන්වා දුන්නත් ස්වභාවදර්මය ඔටුවන් පිළිගත් නිසා නේද ඔවුන් පැතිරුනේ, නැත්නම් වඳවෙලා යනවනේ මුලදීම.
මලගලThursday, 09 January 2020 09:32 AM
ඔබගේ නොදැනුවත්කම ගැන කණගාටුයි. පිටරට වලින් පැමිණෙන අාක්‍රමණකාරී ශාක හා සතුන් ගැන අහල තියනවද? ලංකාවේ යෝධ නිදිකුම්බා හා ටෑන්ක් ක්ලීනර් මාළුවා ඊට උදාහරණ. ඒ අයව ස්වභාවධර්මය පිළිගත්තා කියලා දේශීය ශාක හා සතුන් පරයාගෙන් වැඩෙන්න ඉඩදී බලා සිටිය යුතුද? ඒවා අාක්‍රමණශීලි වන්නේ ස්වභාවික පරිසරයේ සතුන්ට හා ශාක වලට වැඩෙන්න තියන දේවල් මේ අාගන්තුකයන් විසින් ඩැහැගන්න නිසා ස්වභාවික පරිසරයේ හිටපු ජීවීන්ගේ පැවැත්මට තර්ජනයක් වෙනවා. ඔස්ට්‍රේලියාවේ ඔටුවන් නිසා ඒ ස්වභාවික පරිසරයේ හිටපු ජීවින්ටත් පානීය ජල හිඟයක් මතුවෙලා තියනවා.
MaheeThursday, 09 January 2020 11:30 AM
ඔබේ විග්‍රහය හරි... මමත් අහලා තියෙනවා නොයෙකුත් රටවල මෙවැනි අවස්ථාවලදී පරිසර තුලනය පවත්වා ගැනීම සඳහා, අනවශ්‍ය ලෙස වැඩිවීගෙන යන සතුන් විනාශ කරනවා කියා... නවසීලන්තයේ මගේ මිතුරෙක් කිව්වා තාරාවුන් සහ සාවුන් වැඩිවෙන කාලයේදී ඔවුන්ට වෙඩිතැබීමට රජය අවසර දෙන බවක්... මෝල්තස්ගේ ජනගහන න්‍යාය අනුව කැලේ මුවන් වැඩි වෙනකොට කොටිත් වැඩිවෙනවා සත්වගහන තුලනය සඳහා. දැන් මෙතන ඔටුවන් වැඩිවෙනකොට එහෙම ස්වාභාවික සත්වගහන පාලනයක් සිදුනොවන නිසා රජය මැදිහත්වෙන එක හරි කියා මමත් හිතනවා. කුකුළු රෝග, කුර රෝග පැතිරුණාම ලක්ෂ ගණන් සතුන් මරා දමනවා වගේ වැඩක් මේකත්...
Ruhunu Thursday, 09 January 2020 08:16 AM
මෙවන් ක්‍රියාමාර්ග ගන්නවනම් ඔය රටවල් ගිනිගන්න එක සාධාරණයි.
jerryThursday, 09 January 2020 08:43 AM
රට ගිනිගන්නවා මදිවට තව සත්තුන්වත් මරනවා කැන්ගරුවෝ බේරලා ඔටුවෝ මරනවා ,වතුර නැත්තම් මුහුදු ජලය හරි පිරිපහදු කරලා දෙන්න බැරිද දියුණු යැයි කියා ගන්නා රටවල් නේද?
banda Thursday, 09 January 2020 08:33 AM
මේ කරන අපරාද වලට ගින්න තවත් වැඩි වෙනවා ... එකේ කතා දෙකක් නැහැ.
Senarath Thursday, 09 January 2020 08:42 AM
මොවූන්ට තේරෙන්නේ නැතිද එකවර ජලය වැඩිපුර බිව්වත් එකයි, දවස් කීපයක් ටික ටික බිව්වත් එකයි. අනෙක මොවූන්ගේ රටට මේ සත්තු අවශ්‍ය නැති නම් මැදපෙරදිග රටවලට දෙන්න තිබුන, මෙහෙම වැඩක් කරනවට වඩා.
sameera Thursday, 09 January 2020 09:08 AM
ඒ උනාට පෙරහරේ යන ඇතා ගැන සත්ව හිංසනය කියලා කෑ ගහනවා.
Pradeep Kumara koholanegedara Thursday, 09 January 2020 09:13 AM
ගින්නත් ඔටුවන් මැරීමත් අතර සම්බන්දයක් නෑ. එත් සැමවිටම පාලන බලය තියන කෙනා පාලනය මෙහෙයවනවා. අපි මනංකල්පිත දෙවිකෙනෙක් අග්ත්තොත් අපි ඔටුවා අතර තියන සම්බන්දය වගේ.
ලැවොයිසියර් Thursday, 09 January 2020 09:33 AM
හෙණ ගහන අපරාධයක්.
wimal Thursday, 09 January 2020 09:42 AM
ඔටුවෝ ටිකක් ලංකාවට ගෙන්නමුකෝ අපගේ සංචාරක ව්‍යාපාරයට.
Sudath fernando Thursday, 09 January 2020 10:09 AM
ඔයිට වඩා හොඳයි ඔය සතුන් අවශ්‍ය රටවලට බෙදන එක.
wije Thursday, 09 January 2020 04:21 PM
අනේ මෙහෙම හෙන ගහන අපරාධයක්... මේ අය මිනිස්සුද? නැත්නම් තිරිසන්නුද? යකෝ මෙච්චර ලෝකේ මහා ලොකුවට කෑගහන පරිසර සංවිධාන තියෙනවා. ලැව්ගින්න නිවන්නවත් මේ අහිංසක සත්තු ආරක්ෂා කරන්නවත් මේ කිසිම පරිසර සංවිධානයක් ඉදිරිපත් වෙන්නේ නැත්ද? ලෝකේ කිසිම රටක් මේ ලැව්ගින්න නිවන්න උදව් කරන්නේ නැත්ද? අනේ අර ඩයිනෝසර්ලා වඳවෙලා ගියා වගේම උල්කාපාත වර්ෂාවක් වැහැලා හරි කමක් නැහැ... මේ ලෝකෙන් මිනිස්සු වඳවෙලා යනවානම් දෙවියන්ට ස්තුති වෙනවා...