ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරය හරහා අද (22) දුවිලි කුණාටුවක් හමා ගොස් තිබේ.
වර්ග කිලෝ මීටර් 500 ක පමණ ප්‍රදෙශයක් ආවරණය වෙමින් මෙම කුණාටුව පැතිරගොස් ඇති අතර කුණාටුව සමඟ ප්‍රදේශය තැඹිලි වර්ණයෙන් දිස් වු බව මාධ්‍ය වාර්තාකර තිබිණි.
මෙම කුණාටුවේ වියළි පස් අංශු විශාල ප්‍රමාණයක් අඩංගු වු බවද පැවසේ . මේ හේතුවෙන් ගුවන් ගමන් පවා ප්‍රමාද වී ඇති අතර එරට වැසියෝ අසීරුතාවට ලක්වු බවද පවසති.
මේ වන විට පවතින තත්ත්වය සමඟ සෞඛ්‍ය ගැටළු පවා ඇති විය හැකි බව එරට සෞඛ්‍යය අංශ සඳහන් කරයි.
මේ තත්ත්වය හේතුවෙන් විශාල පිරිසකට ශ්වසන අපහසුතා ඇති වී ඇති අතර කොපමණ සංඛ්‍යාවක් සිටීද යන්න පිළිබඳ නිශ්චිත ගණනයක් නොමැති අතර ඇතැම් තදාසන්න ප්‍රදේශයන්හි හමා යන සුළං හිද ගුණාත්මකභාවයේ ගැටලුවක් ඇතැයි සෞඛය බලධාරීහු පවසති.
අගොස්තු මාසයේ සිට මේ දක්වා පවතින දැඩි වියලි කාලගුණික තත්ත්වය මෙයට හේතුවී ඇති බව එරට කාලගුණ විද්‍යාඥයින් පවසන අතර 2009 වසරේදීද මෙවැනිම ප්‍රබල දූවිලි කුණාටුවක් හමා ගිය බව ඔවුහු පවසති.
( බිබීසී ඇසුරෙනි)
(36698)
අනුරාධපුර වෛද්‍යවරිය අතවරයට ලක් කළ සැකකරු මීට සුළු වේලාවකට පෙර ගල්නෑවේ දී අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.
පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ
උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.
රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ දූවිලි කුණාටුවක්