IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීමේ සිද්ධියට ඉංජිනේරුවරයකු අත්අඩංගුවට

(නිමන්ති රණසිංහ)

 

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියට අයුතු ලෙස ඇතුළු වී එහි දත්ත මකා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් එපික් ලංකා ටෙක්නොලොජි පුද්ගලික සමාගමේ සහායක ඉංජිනේරුවරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (28) අත්අඩංගුවට ගනු ලැබීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයේ නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ රාමනායක ආරච්චිගේ දොන් ප්‍රමෝද් දිලූප රාමනායක නමැති සහායක ඉංජිනේරුවරයෙකි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ැ භෂඵඍ් දත්ත පද්ධතියේ දත්ත මැකීමට අණදෙන ලද ප්‍රවේශකරු වශයෙන් අයි පී අංකය ඔස්සේ මෙම සැකකරු හදුනාගෙන ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව විශ්ව විද්‍යාලයේ විද්‍යාගාරයෙන් සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ වෝහාරික විශ්ලේෂනයකින් පසු අදාළ අයි පී අංකය හදුනාගත් බවත් ඒ අනුව චේතනාන්විතව දත්ත පද්ධතියට ප්‍රවේශවී වී අපරාධයක් සිදුකිරීමට සැකපිට සැකකරු අත්අඩංගුවට ගත් බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, දත්ත පද්ධතියේ තොරතුරු මැකීමට චේතනාන්විතව ප්‍රවේශවීම සම්බන්ධයෙන් මෙම සැකකරු ප්‍රශ්න කිරීම සඳහා කැඳවීමෙන් පසු ඊයේ (28) අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසීය.

සැකකරු හෙට (29) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මින් ඉහතදී එපික් ලංකා ටෙක්නොලොජි පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තරින්ද කල්පගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසු මේ වන විට අධිකරණයෙන් ඇප නියම වී ඇත.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ැ භෂඵඍ් දත්ත පද්ධතිය සකස් කිරීමේ ගිවිසුම්ගත ආයතනය ලෙස එපික් ලංකා ටෙක්නොලොජි ආයතනය ගිවිසුම් ගත වී ඇත්තේ ඉකුත් 2018 මැයි මස 3 වැනිදා බවත්, මෙම ගිවිසුමේ වලංගු කාලසීමාව වන්නේ දින සිට වසර පහක කාලයක් ඉදිරියට බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණී.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ැ භෂඵඍ් දත්ත ගබඩාවේ ස්වයංක්‍රීය දත්ත ගොනු ලක්ෂ 11කට ආසන්න සංඛ්‍යාවක් අතුරුදහන්ව ඇතැයි සඳහන් කරමින් එහි සභාපතිවරයා විසින් ඉකුත් අගෝස්තු මස 12 වැනිදා කරනු ලැබූ පැමිණිල්ලක් සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කර ඇත.



අදහස් (14)

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීමේ සිද්ධියට ඉංජිනේරුවරයකු අත්අඩංගුවට

Raveendra Tuesday, 28 September 2021 06:51 PM

මෙම මහා සාපරාධී ක්‍රියාවට සම්බන්ධ වුණු දේශපාලුවන් ඇතුළු සියලුම අයට ස්වභාව ධර්මයා විසින් උපරිම දඬුවම් ලබාදෙනු නියතයි. නුඹලා නිසා සැමගේ අඹුදරුවන්ද මේ පවට කර ගසා ඇත.

:       3       26

ගජමෑන්Wednesday, 29 September 2021 06:50 AM

රටේ පවතින උපරිම දඬුවමක් ලබාදිය යුතුයි. නමුත් මොහු බේරා ගැනීම කවුරු හෝ අමනයෝ පිරිසක් හෝ අමනයෙක් ඉදිරිපත් විය හැකිය. එය එසේ වුවත් ස්වභාව ධර්මයා ජාතිජාතිත් මොහුට දඬුවම් ලබාදෙනු ඇත.. (එවැන්නකට උදාහරණයක් සංසාර මන්දිර පොතෙන් බලාගත හැකිය) ධම්ම පදයට අනුව නම් කරත්තයක් අදින ගොනා පසුපස කරත්තය එන්නාක් මෙනි..

:       0       0

C.K.Lankaputhra Tuesday, 28 September 2021 07:34 PM

ලස්සන නාටකයක්.... අවසානයේ නටපු නැටුමකුත් නැතිව බෙරේ පලුවකුත් නැතිව වැඩේ ඉවරවෙයි.

:       5       19

Perera Wednesday, 29 September 2021 12:18 AM

මේ ඉංජිනේරුවා ඉත්තෙක් විදිහට මම දකින්නේ.

:       1       11

RaveendraWednesday, 29 September 2021 06:27 AM

ඇත්තෙන්ම ඔබගේ අදහස් නිවැරදිය. මොහුට අත්වැරදීමක් විය නොහැකියි. එසේම මේ තක්කඩියාගේ ඥාතීන්ගේ ගිණුම් සියල්ල පරික්ෂා කිරීමෙන් යම් යම් අදහස් තේරුම් ගැනුමට හැකිවනු ඇත.

:       0       0

damith Wednesday, 29 September 2021 08:00 AM

බිලී පිත්ත අත්අඩංගුවට අරගෙන වගේ...

:       0       0

චන්දන Wednesday, 29 September 2021 08:02 AM

දැන් නම් රාජිත පරාජිත වන ලකුණු පේනවා. පපුව ඩක් ඩක් ගානවා ඇති...

:       0       0

ශිරන්ති Wednesday, 29 September 2021 08:24 AM

අනේ මෙයා අහිංසකයෙක්... අපේ දිලිත් මල්ලි කරන ඒවාට ඕකාව අල්ලලා වැඩක් නෑ. හිරේ යන අවුරුදු දෙකට කෝටි 6ක් දෙන්න එකඟවෙලා ඉන්නේ අපි දත්ත මැකීමට සම්බන්ධ අයට..

:       0       1

Lalith M Wednesday, 29 September 2021 12:11 PM

අහිංසක පොඩි එකෙක් බිලිදීලා, අලි, කොටි, හොරු මේ පාරත් ගොඩ. මොවුන්ට වැහි නැති හෙණ ගහන්න ඕනෑ...

:       0       0

fairoos Wednesday, 29 September 2021 12:26 PM

ඖෂධ හිඟය මෙකෙන් වහන්නයි යන්නේ...

:       0       0

Nethmi Wednesday, 29 September 2021 01:07 PM

ඉස්සරහට තව තව දේවල් එළියට එයි..

:       0       0

Sagarika Alvis Wednesday, 29 September 2021 01:07 PM

ඔය එන්නේ ටික ටික ඇත්ත. දැන් හොයාගෙන යනවා නේද අනේ...? සම්බන්ධ හැම පුද්ගලයෙක්ම අත්අඩංගුවට ගත යුතුයි. මහජනතාව වෙනුවෙන් කරන සේවයක් ඒක...

:       0       0

sam Wednesday, 29 September 2021 01:25 PM

මේවාට කෙළින්ම සම්බන්ධ දේශපාලුවෝ, ආණ්ඩුවේ බත්බැල ව්‍යාපාරිකයෝ ඔය එළියේ හාල් මැස්සන්ට කොන්ත්‍රාත් එකක් දීලා වගේ ... පස්සේ වුණත් එලියට යයි. හොරුත් එක්ක අපි... සෞභාග්‍යයේ දැක්මේ උදෘත පාඨය...

:       0       0

රුක්ෂාන් සිල්වා Wednesday, 29 September 2021 02:15 PM

නාට්ටිකාරයෝ දැන් එළියට එයි. මොකෝ හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නේ එළිපිටනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුර උතුරෙන් සමාව ගත යුතුයි
2024 සැප්තැම්බර් මස 08 167 0

අනුර දිසානායක යාපනයට පැමිණ කළ තර්ජනකාරී ප්‍රකාශය සම්බන්ධයෙන් උතුරේ ජනතාවගෙන් වහාම සමාව ගත යුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ ජන රැළ


‘‘අපේ ඇමැති මණ්ඩලය 25යි‘‘
2024 සැප්තැම්බර් මස 08 135 0

එළබෙන 21 පසුව අපි පිහිටුවන රජයේ විද්‍යාත්මක ඇමති මණ්ඩලයක් තමයි අපි හදන්නේ. එයට 25 දෙනයි. රාජ්‍ය ඇමතිවරු නැ . නියෝජ්‍යය ඇමති විතරයි. ඒ ඒ විෂයට අදාල ක්ෂේත්‍රය


ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 803 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 223 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 659 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 148 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1814 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site