IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


කොකේන් භාවිතා කරන ආණ්ඩුවක් සමඟ කොකේන් නැති කරන්න බැරි බව මහින්ද කියයි

අනීෂා මානගේ

කොකේන් භාවිතා කරන ආණ්ඩුවක් සමඟ කොකේන් නැති කළ නොහැකි බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා කියයි.

මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසූයේ අද (19) තංගල්ල කාර්ල්ටන් නිවෙසේදී මාධ්‍යවේදින් විමසූ ගැටළු වලට පිළිතුරු ලබා දෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා මෙසේද කීවේය.

කොකේන් භාවිතා කරන අය කැබිනට් එකේ ඉන්නවා නම් ඒක ප්‍රසිද්ධියේ කියන්න ඕනෑ. පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කොටම චෝදනා කරන්න බැහැ. කැබිනට් මණ්ඩලයේ ඉන්න සියලුම දෙනාට චෝදනා ඉදිරිපත් කරල තිබෙනවා. ඒ අය දැනගන්න ඕන කැබිනට් මණ්ඩලය බේරගන්න. කෝකේන් ගහන ආණ්ඩුවක් එක්ක කොහොමද කොකේන් නැති කරන්නේ.

මේ වකවානුවේදී සිදුවන ඇතැම් සිදුවීම් 89 -90 කාලයේදී වුණ සිදුවීම් වගෙයි. ඒ කාලයෙත් ඇවිත් උස්සගෙන ගිහින් අතුරුදන් කළා. දැනුත් ඒ වගේ අතුරුදන් කරල තිබෙනවා. ආණ්ඩුව මේවට වග කියන්න ඕන. මේවායින් මිදෙන්න ඒ අයට බැහැ. රජය වගකීම බාරගත යුතුයි.

පළාත් සභා මැතිවරණය වහාම පැවැත්විය යුතුයි. එහෙමත් නැතිනම් පාර්ලිමේන්තු මැතිවරණය තියන්න ඕන. ජනාධිපතිවරණයටත් අපි සූදානම්. ඕනෑම මැතිවරණයකට අපි සූදානම්.



අදහස් (22)

කොකේන් භාවිතා කරන ආණ්ඩුවක් සමඟ කොකේන් නැති කරන්න බැරි බව මහින්ද කියයි

de silva Tuesday, 19 February 2019 09:33 AM

මහත්මයෝ ප්‍රශ්නෙකට තිබෙන්නේ අලුතෙන් ආණ්ඩුවක් හැදුවත් එකේ පක්ෂ පාට නාම පුවරු වෙනස් වුනත් එකෙන් බාගයක්ම ඇමතිකම් ගන්නේ මේ ටිකමනේ

:       39       365

Bamunuarachchi Tuesday, 19 February 2019 09:54 AM

අපිත් බලාපොරොත්තු වෙන්නේ මැතිවරණයක්. කවුරු දිනුවත් එය ජනතාවගේ කැමැත්තයි.

:       7       59

Dharmatileke Tuesday, 19 February 2019 02:19 PM

වීපක්ෂයත් ආණ්ඩුවේ කොටසක් .

:       260       493

indikaWednesday, 20 February 2019 04:14 AM

ඒ සම්බන්ධන් ඉන්න කාලේ!

:       1       56

Hafeel Tuesday, 19 February 2019 04:30 PM

කතාව ඇත්ත.

:       669       156

Chanak los angeles Tuesday, 19 February 2019 08:49 PM

එතකොට 2009 -2015 ඇතුලතදී අතුරුදන් වුනේ මිනිසුන් නොවේද ? ඔබ මැරිලා ඉපදුනාද? ...නැතිනම් ජනතාව මැරිලා ඉපදුනාද ?

:       20       3

Chanak los angeles Tuesday, 19 February 2019 08:54 PM

රටේ නායකයා එතනෝල් කුඩු රජෙක්ව එදා මහා පාරේ බදාගත් එක අමතක වෙන්නේ කාටද ? ඒකනිසා මමනම් කියන්නේ කටවහගෙන ඉන්නවනම් තමයි හොඳ කියලයි ..

:       30       1

Bamunuarachchi Wednesday, 20 February 2019 01:02 AM

ද සිල්වා මයා ඒසේ සිදුවන්නේ ජනතාව මේටික බලයට පත් කරන නිසානේ. සමහරවිට මහින්ද මහතාත් මොවුනට අකමැති ඇති නමුත් ඇමතිකම් දෙන්න වෙනවා. කෙනෙකුට ඇමතිකමක් නොදුන්නොත් ඔහු විපක්ෂයට යනවා. ඔහු පමණක් නොවෙයි පසුපස විපක්ෂයට යන ජනතාවකුත් ඉන්නවා.

:       69       27

Bamunuarachchi Wednesday, 20 February 2019 01:08 AM

දෙලක්ෂ පනස් දාහක වැඩිපුර ජනතාවගේ කැමැත්ත නිසා තව පනස්හත් ලක්ෂයක් විඳවනවා. අන්න එතනයි වැරැද්ද.

:       0       13

Nalaka Wednesday, 20 February 2019 02:23 AM

එතකොට ඒකාලේ සුදු වැන්වලින් ඇවිත් අරන්ගියේ ආදරේට වෙන්න ඇතිනේද? අර දුවල ගිහින් ලංසව බදාගත්තේ කුඩු උවදුරෙන් කොකේන් උවදුර නැති කරන්න වෙන්න ඇති. අනේ මේ කිතුලට නැගපු එකාටත් උත්තරයක් තිබුනලු නේද?

:       40       7

BamunuarachchiWednesday, 20 February 2019 06:20 AM

සුදු වෑන් කතාව සුළු මොහොතකට පැත්තකින් තියමු. ඉතින් මේ ගොල්ලන්ට පුලුවනිනේ දැන් ලංසව අල්ලලා හිර හාරන්න. ඇයි නොඅල්ලන්නේ? උත්තර දෙන්න.

:       0       17

BamunuarachchiWednesday, 20 February 2019 06:33 AM

ඒ කාලේ සුදුවෑන් වල ගියේ හර්ස් හෙවත් අවමංගල රථවල නොයා යුතු අයයි. ඒ බොහොම කෙටි උත්තරයකි.

:       0       5

මායිමේ banda Wednesday, 20 February 2019 02:56 AM

රටට මත්ද්‍රව්‍ය පුරුදු කරේ මහ රජතුමා ඔබගේ කාලයේ තමයි ඊට පෙර නොතිබුනා නොවේ සුළු වශයෙන් නමුත් ඔබගේ කාලය තුළ මහාපරිමාණයෙන් මත්ද්‍රව්‍ය කාරයෝ ව්‍යාප්ත වුනා. උන්ගේ සල්ලිවලින් තමයි ඔගොල්ලන් යහතින් වැජඹුණේ මහා පරිමාණ කුඩු ව්‍යාපාරිකයෝ ලගින්ම ඇසුරු කළා මුළු රටම දන්නවා දැන් බයිලා ගහන්නේ නැතුව ඉන්න. රටට නියම ආදරයක් කරන මිනිස්සු බාල වැඩ කරන්නෑ වෙස් මූණ දාගෙන සිංහ හම පොරවා ගෙන ඔබ කරන රඟපෑම හරිම තාත්විකයි ගරු මැදමුලනේ රජතුමනි

:       35       46

saman Wednesday, 20 February 2019 04:04 AM

මේක ඇත්තටම රට ආණ්ඩු කරපු එකෙක්ද

:       6       1

ravi Wednesday, 20 February 2019 05:25 AM

ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමනි ..... ඔබ තුමා සමහරවිට " නාමල් රාජපක්ෂ " කියල කෙනෙක් අඳුරනවද ..? අන්න එයා තමයි පසුගිය ආණ්ඩු කාලයේදී තම යහළු, යෙහෙලියන් එකතු කරගෙන සාදයන් පැවැත්වුවේ.

:       0       44

Bamunuarachchi Wednesday, 20 February 2019 06:30 AM

"එයා තමයි පසුගිය ආණ්ඩු කාලයේදී තම යහළු, යෙහෙලියන් එකතු කරගෙන සාදයන් පැවැත්වුවේ" තම යහළු, යෙහෙලියන් එකතු කරගෙන සාදයන් පැවැත්වීම නීතියෙන් තහනම් බව එයා දැනගෙන සිටින්නේ නැතුව ඇති. මමත් දැන ගත්තේ ඔබකීවාට පසු. සාදයන් පැවැත්වීම නීතියෙන් තහනම් වන්නේ මොන නීතිය යටතේද කියා කියන්න පුළුවන් නම් වඩාත් කැමතිය. අනේද කියන්නේ

:       0       0

Bamunuarachchi Wednesday, 20 February 2019 06:43 AM

මේක බ්‍රහ්මන කතාවක්නේ නාමල් පමණක් නොවෙයි වයසට ගිය අපිත් සෑම සෙනසුරාදාවකම සවස ගැහැණු පිරිමි එකතු වී ඔර්ගනිස්ට් ගෙන්නාගෙන මියුසික් සමග සාද පවත් වනවා එක එක සාමාජිකයාගේ ගෙදර? දැන් ටික වෙලාවකට ප්‍රථම මැස්සජේ එක ආවා කාගේ ගෙදරද ලබන සෙනසුරාදා සාදය තියන්නේ කියලා. සාද පවත් වීම නාමල් රාජපක්ෂට තහනම් ද?

:       0       0

sujith siranjeewa Wednesday, 20 February 2019 06:47 AM

හරියට හොරකම් කල ආණ්ඩුවක හොර කම නතර කරන්න බැරි වුනා වගේ

:       0       0

Bamunuarachchi Wednesday, 20 February 2019 06:48 AM

නාමල්ගේ ලම්බෝගිනි එහෙම දැක්කේ නැද්ද ? තමන්ට තමන් ගැනම ලජ්ජා හිතෙන්නේ නැද්ද පදනමක් නැති කටකතා විස්වාස කිරීම ගැන. අපිට ඇසු පමණින්ම දේවල් පිළිගන්න එපා කියන පණිවිඩය දුන්නේ අපේ ගුරුවරු.

:       0       0

raviWednesday, 20 February 2019 07:47 AM

කියවීම සහ ලිවීම අපේ නිදහසයි. අන්න ඒක හොඳින් තේරුම් ගන්න .

:       0       0

BamunuarachchiWednesday, 20 February 2019 08:42 AM

කියවීම සහ ලිවීම අපේ නිදහස. සහතික ඇත්ත නමුත් කණට ඇසේන දේ සුපරීක්ෂාකාරීව තේරුම් ගන්න. ඒ නිසයි රටේ කළහකාරී අවස්ථාවල "කටකතා වලට රැවටෙන්න එපා" කියන නිවේදනය රජය නිකුත් කරන්නේ.

:       0       0

de silva berlin Wednesday, 20 February 2019 08:34 AM

පසුගිය කාලයේ පහල වුන නායකයන්ගෙන් කුඩුජාවාරම්, පාතාලේ ක්‍රියාකාරකම්, අල්ලස් දුෂණ මැඩ පවත්වන්න ශක්තියක්, හැකියාවක් තිබුන එකම නායකයා ඔබතුමා බව අවිවාදයෙන් පිළිගන්න ඕනේ. කොටි ත්‍රස්තයන් නැත්තටම නැති කරපු ඔබතුමාට අවශ්‍යතාවයක් තිබුනා නම් මේ ටික නැති කරන්න 2009- 2015 දක්වා කාලය හොඳටෝම ඇති. නමුත් ඔබතුම ඒවා කලේ නැහැ, දැන් ඔය මොනවා කිවත් ඔබතුමාට බලයට ඒමට අසීරු වාතාවරණයක් තිබෙන්නේ. අනිත් පැත්තෙන් බලනකොට ඔබතුම අලුතෙන් පත්වුනත් මේවා කරාවී කියල අපි කොහොමද 100% විශ්වාස කරන්නේ

:       0       41

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සාදයේ කතා බහ මරණයෙන් අවසන් වෙයි
2024 ඔක්තෝබර් මස 18 45 0

කෝවිල් අඩි ප්‍රදේශයේදී මිතුරන් පිරිසක් සමග එක්ව පැවැත්වූ සාදියකදී ඇති වූ බහින් බස්වීමත් දුරදිග යාමෙන් පහර කෑ පුද්ගලයෙකු ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් ක


මීනගයා ඇතුළු දුම්රිය කීපයක් අවලංගුයි
2024 ඔක්තෝබර් මස 18 256 0

කොළඹ -මඩකලපුව දුම්රිය මාර්ගයේ මින්නේරිය හා හිගුරක්ගොඩ අතරදී අද (18) අලුයම ඉන්ධන දුම්රියකට වන අලි රංචුවක් ගැටී ඉන්ධන දුම්රිය පීලි පැනීම හේතුවෙන් මාර්ගයේ


නඩු භාණ්ඩ කාමරයේ මුදල් සොරාගෙන
2024 ඔක්තෝබර් මස 18 491 0

වාරියපොළ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුබඩු කාමරයේ තිබූ රුපියල් දෙලක්ෂ පනස් පන්දහසක මුදලක් කිසිවකු විසින් සොරාගෙන ගොස් ඇතැයි වාරියපොළ පොලිසිය පවසයි. අධි


උතුරු දුම්රිය මාර්ගයේ අලි අනතුරක්
2024 ඔක්තෝබර් මස 18 494 0

කොළඹ සිට මඩකලපුව බලා ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රියක වන අලින් සිවුදෙනකු ගැටීමත් සමග එම දුම්රිය පීලි පැනීමකට ලක්ව ඇතැයි අනුරාධපුර දුම්රිය පාලක මැදිරිය පව


තැනින් තැනට සිහින් වැස්සක්
2024 ඔක්තෝබර් මස 18 47 0

උතුරු පළාතේ වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හමාස් නායකයා ඝාතනය: රටවල් රැසක් සතුට පළ කරයි
2024 ඔක්තෝබර් මස 18 2797 0

ගාසා තීරයේ හමාස් නායක යාහ්යා සින්වාර් මරා දැමීම සම්බන්ධයෙන් රටවල් රැසක රාජ්‍ය නායකයන් සතුට පළ කර ඇත. යාහ්යා සින්වාර් ඝාතනය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධි


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 616 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 497 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1554 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site