IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


කෝට්ටේ ජනාධිපති විදුහලේ පිහිනුම් තටාකය සිසු අයිතියට

කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ පිහිනුම් තටාකය සිසු අයිතියට පත්කිරීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) සිදුකෙරිණ.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අධ්‍යාපන කලාපයේ පාසලක මෙතෙක් ඉදිවූ අංග සම්පුර්ණ පිහිනුම් තටාකය වන මෙය මංතීරු අටකින් සමන්විත මීටර 50ක දිගින් හා මීටර 25ක පළලින් යුතුය.

ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු පහසුකම් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ඉල්ලීමක් පරිදි අධ්‍යාපන අමාත්‍යංශයේ රුපියල් කෝටි 10 ක ප්‍රතිපාදන මගින් මෙම පිහිනුම් තටාකය ඉදි කර ඇත.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, ආර්ථික ප්‍රතිසංස්කරණ හා පොදු පහසුකම් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා සහ කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේ විදුහල්පති යු.ඩී.ජී ආරියරත්න යන මහත්වරු සුභ මොහතින් පීත්ත පටිය කපා පිහිනුම් තටාකය සිසු අයිතියට පත් කළ අතර පාසලේ පිහිනුම් කණ්ඩායම ජල ක්‍රීඩා සරඹ සංදර්ශනයක් ද මෙහිදී පවත්වන ලදී.

(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා )

 



අදහස් (11)

කෝට්ටේ ජනාධිපති විදුහලේ පිහිනුම් තටාකය සිසු අයිතියට

sirimal Tuesday, 12 February 2019 02:09 PM

මහජනගේ මුදල් වියදම් කර කරන මේවගේ දේවල් විවෘත කරන්නට මෙතරම් වියදමක් දරමින් සංදර්ශනයක් පවත්වන්නේ මොනවටද? වැඩේට ගිය වියදම වගේම ගානක් විවෘත කිරීමේ උත්සවයටත් යන්න ඇති. ඇයි මේ අපරාද ගැන කවුරුවත් කතා නොකරන්නේ?

:       86       109

RaveendraTuesday, 12 February 2019 05:02 PM

සිරිමල් මයා ඔබ මේ මොනවද දොඩවන්නේ ? මේ මිනිස්සු ගෙවල් වලින් මුදල් ගෙනත් මහජනයාට සේවය කරන්නනේ. ඉතින් මෙහෙම ඒ අයගේ පුද්ගලික මුදල් වියදම් කරලා විවෘත කිරීමේ උත්සව ජයටම ගත්තට මොකක්ද එකේ වැරැද්ද ??

:       2       30

sirimalWednesday, 13 February 2019 12:35 PM

මට ඇහුන් නෑ.....

:       0       24

susantha Tuesday, 12 February 2019 02:37 PM

'පිරිච්ච පිහිනුම් තටාකෙට පොඩි කාලෙකින් වතුර පිරෙවුව වගේ' කියල අලුත් උපමාවක් යොදන්න පුළුවන් අද ඉඳන්.

:       3       37

sandy123 Wednesday, 13 February 2019 04:59 AM

වරදවා හිතන්න එපා. මම මෙය දකින්නේ වෙනත් ආකාරයකට. විවෘත කිරීම් සාමාන්‍ය ජනතාවගේ අයිතියක්. නමුත් එයට වියදම් කරන එක බොහෝ සිමා සහිතව කල යුතයි. රජයේ මුදල් භාවිතා කිරීම නොකළ යුතුයි. අපි අලුත් ගෙයකට පදිංචියට යන විට කිරි උතුරුවනවා දන්නා කියන අයට ආරාධනය කරනවා. ඒක අපේ සම්ප්‍රදාය. මෙයත් ඒවගේ දෙයක් හැටියට අපි හිතන්න ඕනේ. නමුත් මෙතන තියෙන ප්‍රශ්නය නම් මෙවන් දෙයක් කොළඹ දිස්ත්‍රික්කයට පමණක් සීමා නොකර හැම දිස්ත්‍රික්කයකටම රජය මුලිකත්වය ගෙන අඩුම ගනෙනේ එකක් දෙකක් හරි ලබා දෙන එක. සැමටම එක සමානව සැලකීම. නමුත් නොවෙනා දෙයත් එයමයි.

:       1       40

සංදර්ශනයක් පවත්වන්නේ Wednesday, 13 February 2019 06:19 AM

ටැබ් දීමත් කොළබට කිරි ගමට කැකිරි. නමුත් මේවා හොඳ වැඩ. සංදර්ශනයක් පවත්වන්නේ එජාප කල වැඩ මොනවද කියලා අහපුවම මතක තියාගෙන කියන්න.

:       17       9

Jaya Thursday, 14 February 2019 01:36 AM

මහජනයාගේ මුදල් වියදම් කර අනාගත දරුවන් වෙනුවෙන් කල මෙම ක්‍රියාව පළමුව අගය කරන්න. දෙවනුව එහි විවෘත කිරීමේ හෝ වියදම් කිරීමේ අඩුපාඩුවක් ඇත්නම් විවේචනය කරන්න. වෙවේචනය කිරීමටම පමණක් උපන් ජාතියක් නොවී හොඳ දෙයක් අගය කිරිමටත් පුරුදු විය යුතුඑ.

:       37       13

sandy123Thursday, 14 February 2019 06:51 AM

මගේ අදහසේ ඇත්තෙත් එයමයි.

:       25       1

Jayantha Thursday, 14 February 2019 09:10 AM

මෙතන වියදම් කරපු මුදල් ප්‍රමාණය බොහොම අවමයි කියායි මට හිතෙන්නේ. බෙරකාරයෝ දෙන්නයි, නැටුම් කාරයෝ දෙන්නයි. අනිත් දේවල් ඔක්කොම කරන්නේ පාසලේ ළමයි. ඉතින් කොහොමද? ඔයගොල්ලෝ කියන්නේ මේකට ගොඩාක් වියදම් වුනේ කියලා. එහෙනම් එම්. ආර්. ගේ කාලේ හම්බන්තොට වරායට කෝටි 20ක් බිලක් දුන්නේ ජැක්සන් කියන කලා කාරයා... ඒවාට ඇයි ඕගොල්ලෝ කට ඇරියේ නැත්තේ...

:       46       26

kapThursday, 14 February 2019 01:15 PM

බයීයන්ට ඒවා මතකත් නැත. වෑඩකුත් නැත. අදහස් ප්‍රකාශ කිරීමේ වල් බුරු නිදහස උපරිමයෙන්ම විදිනවා කස්ටිය. ඈස් කන් නාසා වසාගෙනම

:       45       1

ප්‍රීතිකා ඉඳුනිල් සුවාරිස් Friday, 15 February 2019 12:30 PM

ජයන්ත යනු ටොයියෙක් බව පෙනේ. නිකන් බයිලා කියන්නේ නැතුව යන්න..

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6176 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7634 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18266 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1248 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9431 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 583 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site