IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


කොටින්ගේ කෘරත්වය සහ අසත්‍ය චෝදනා ගැන ඇමෙරිකාව දැනුවත් කරයි

( තිළිණි ද සිල්වා )

මෙරට සිවිල් යුද්ධය පැවති සමයේ දී එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් ජාත්‍යන්තරයට ගෙන ගිය අසත්‍ය චෝදනා සහ ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ඇමෙරිකා රජය දැනුවත් කිරීමට එරට වොෂිංටන් හී පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු කර තිබේ.

ඒ යටතේ සාකච්ඡාවක් ඇමරිකානු කොංග්‍රස් සභික ඩීනා ටයිටස්, ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ සහ එරට කොන්සියුලර් ජනරාල් ලලිත් චන්ද්‍රදාස යන මහත්ම මහත්මීන් ප්‍රධානත්වයෙන් ඉකුත් 12 වැනිදා ලාස් වේගාස්හීදි පැවැත් වූ බව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.

එමෙන්ම අමෙරිකානු කොංග්‍රසයට ඉදිරිපත් කර ඇති ලංකාවට එරෙහි යෝජනාව මගින් පෙන්වාදෙන අයුරින් යුද්ධය පැවති සමයේ මෙන්ම පශ්චාත් යුද සමයේ කිසිම් අයුරකින් ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් කඩ වී නැති බවත්, මානුෂිය මෙහෙයුම් උපරිම මානුෂිය අන්දමින් කෙරුණු බවත් තානාපති රවිනාථ ආර්යසිංහ මහතා මෙහිදී කරුණු පැහැදිලි කර ඇත.

ඒ පිළිබඳව දැඩි අවදානය යොමුකළ, ඩීනා ටයිටස් මහත්මිය කොංග්‍රස් සභාවේ සියලුම සමාජිකයින් ඒ පිළිබඳව දැනුවත් කරන බව සඳහන්කර තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකාවට ලබාදීම‍ට අදහස් කර ඇති ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ප්‍රමාණය වැඩි කර ගැනීමටත් හැකි ඉක්මනින් එහි පළමු සහ දෙවන මාත්‍රා ශ්‍රී ලංකාවට යැවීමටත් එකඟතාවයක් ඇතිකර ගැනීමට එහිදී හැකිවී තිබේ.



අදහස් (1)

කොටින්ගේ කෘරත්වය සහ අසත්‍ය චෝදනා ගැන ඇමෙරිකාව දැනුවත් කරයි

සමිත සේනක අලුත්ගමගේ. Monday, 14 June 2021 11:36 PM

හොඳ වැඩ පිළිවෙලක්. ඒත්, එය විතරක් ප්‍රමාණවත් නැහැ. මතකද මන්දා ඇමරිකාවෙන් පසුගිය කාලයේ කියා තිබුණා වර්තමානයේ මේ රටේ කෙරෙන මානව හිමිකම් කඩවීම් ගැන. ඒවා එකින්එක විස්තර කර අදාළ අංශවලට රිදවීමට කැමැති නැහැ. එසේ වුවත්, අපගේ වැරදි අඩුපාඩු හදා ගන්නවා නම් තමයි වැඩිය හොඳ. ඒ වගේම, යූටියුබ් වීඩියෝ එකක් දමා තිබුණේ මංගල සමරවීර මහතා තම ඇමරිකානු මිතුරියක් මාර්ගයෙන් එන්නත් වගයක් මේ රටට ඉදිරියේදී ලැබෙනා බවයි. එම කතාවේ ඇත්තක් තියෙන බව පේනවා. විපක්ෂයේ වුවත්, මෙවැනි වැඩ කරන අයට රජය ජනතාව වෙනුවෙන් ඊට ස්තූති කිරීම වැදගත් දෙයක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

දියත

දොස්තරවරියට අතවර කළ සැකකරු අල්ලයි
2025 මාර්තු මස 12 227 0

අනුරාධපුර වෛද්‍යවරිය අතවරයට ලක් කළ සැකකරු මීට සුළු වේලාවකට පෙර ගල්නෑවේ දී අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.


ත්‍රිකෝණමඩුව රක්ෂිතයට ඇතුළු වුණාට ලක්ෂ 27ක දඩයක්
2025 මාර්තු මස 12 990 0

පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ


තැනින් තැනට අද තද වැසි
2025 මාර්තු මස 12 224 0

උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


බෙදුම්වාදීහු මගී දුම්රියක් පැහැර ගනිති
2025 මාර්තු මස 12 1682 0

පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.



රිලා - වඳුරු උවදුරට අම්බලන්ගොඩින් විසැදුමක් කියයි
2025 මාර්තු මස 11 2077 0

රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 262 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 202 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site