(තිළිණි ද සිල්වා)
ජාත්‍යන්තර ගුවන්තොටුපල කවුන්සිලය (Airports Council International) විසින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල කොව්ඩ් අවදානම මත ආරක්ෂිතව පවත්වාගෙන යා හැකි පහසුකම් වලින් සමන්විත බවට තත්ත්ව සහතිකය ලබා දී ඇති බව ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය ඇමැති ඩී වී චානක මහතා පැවසීය.
ලෝකයේ ජත්‍යන්තර ගුවන් තොටුපළවල් 1200 අතුරින් රටවල් 196ක් මෙවැනි සහතිකයක් හිමිකර තිබෙන බවත්, ඒ අතරට ශ්‍රි ලංකාව පැමිණ තිබීම විශේසත්වයක් බවද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.
ජාත්‍යන්තර ගුවන්තොටුපල කවුන්සිලය මෙරට කටුනායක ගුවන්තොටුපළ පවිත්‍රතාවය, විෂබීජ හරණය, දුරස්තභාවය, සේවක ආරක්ෂාව, ප්‍රමාණවත් ඉඩපහසුකම්, ගුවන් මගී අවශ්‍යතාවයන්, වැනි කරුණු පිළිබදව අධ්‍යයනය කර ඇතැයිද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටී.
එසේම මගී පර්යන්ත තුලදී ලබා දෙන සේවාවන් හි සෞඛ්‍ය ආරක්ෂාව හා ගුණාත්මක භාවය හා ක්‍රියා දාමයන් පිළිබදව සැළකිලිමත් වී ඇතැයි ද හෙතෙම පෙන්වාදේ.
මගී පර්යන්තට ඇතුලුවීම හා පිටවීම ආරක්ෂක අංශ හා කටයුතු කිරීම,ආගමන විගමන අංශ, ගිමන්හල්, ප්‍රභූ පර්යන්ත හා අමුත්තන් පැමිණෙන ආදි ස්ථානයන්හි සෞඛ්‍ය ආරක්ෂාව සැළකිල්ලට ගෙන ඔහු වැඩිදුරටත් කීවේය.
ජාත්‍යන්තර ගුවන්තොටුපල කවුන්සිලය ලෝක ගුවන්තොටුපල බලධාරීන්ගේ ගෝලීය වෙළඳ නියෝජිතයෙකි. රජයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ ගුවන්තොටුපලවල අවශ්‍යතා නියෝජනය කරයි, ගුවන්තොටුපල සඳහා ප්‍රමිති, ප්‍රතිපත්ති සහ නිර්දේශිත භාවිතයන් සංවර්ධනය කරන අතර එය ලොව පුරා ප්‍රමිතීන් ඉහළ නැංවීම සඳහා තොරතුරු සහ පුහුණු අවස්ථා සපයයි.
හිටපු ජනාධිපතිවරුන් පාවිච්චි කරන නිල නිවාසවල වටිනාකම සම්බන්ධයෙන් සම්පූර්ණ තක්සේරු වාර්තා ලබා ගැනීමට රජය තීරණය කර ඇත.
ගල්පාත පාතකඩ අරඹ කන්දවත්ත ගල් මෝලක ගල මුදුනේ ක්‍රියාත්මක වෙමින් තිබූ ස්කැවරේටර් යන්ත්‍රයක් හා පස් කණ්ඩියක් අතර සිරවීමෙන් දින 6 කට ඉහතදී සේවයට පැමිණි ප
ඇමෙරිකාවේ 47 වැනි ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප්, බිරිඳ මෙලානියා සහ පුතු බැරන් ද සමඟ ඊයේ (20) අගවිනිසුරු ජෝන් රොබට්ස් ඉදිරියේ දිවුරුම් දුන්නේය.
මහින්ද රාජපක්ෂ මහතා නිල නිවසින් ඕනෑම වෙලාවක ඉවත්ව යෑමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහ
වී කිලෝවක් සඳහා රුපියල් 130 ත් 140 ත් අතර ‘සහතික’ මිලක් ලැබිය යුතු යැයි ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා අද (20) පැවසීය.
අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් බදුල්ල, නුවර, මාතලේ සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක සඳහා නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
කටුනායක ගුවන්තොටුපලට ජාත්‍යන්තර සහතිකයක්