IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


කටුනායක ගුවන්තොටුපළට නව මාර්ගයක්


(ටී.කේ.ජී.කපිල )     
        
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පිවිසීම සදහා නව මහා මාර්ගයක් අද (14) දින උදෑසන 9.00 ට විවෘත කරනු ලැබීය .

මං තීරු දෙක බැගින් , දෙපසට ගමන් කළ හැකි මං තීරු හතරකින් යුත් මෙම මාර්ගය මීටර් 600 ක දිගකින් යුක්ත වේ.  මෙම මහා මාර්ගය ඉදිකිරීම සදහා රුපියල් මිලියන 600 ක් සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම වැය කර තිබේ.  මෙම මහා මාර්ගය මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මාස 03 ක් වැනි කෙටි කාළයක් තුළ ඉදිකරනු ලැබ ඇත.

මෙහිදී රැස්ව සිටි පිරිස ඇමතූ සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි මහතා මෙසේ පැවසීය .

ගුවන් තොටුපළ ඉදිරිපිට දැනට තියෙන මහා මාර්ගය ඔස්සේ දිනකට රථ වාහන 26,000 ක් පමණ ගමන් ගනිමින් තිබෙනවා . ඒ නිසා දිනපතා ගුවන් තොටුපළ ආශ්‍රිත ප්‍රදේශයේ විශාල වාහන තදබදයක් පවතිනවා . එම වාහන තදබදය අවම කිරීමටත් මෙම මහා මාර්ගය පිළියමක් .

මෙම අවස්ථාවට සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි , එම සමාගමේ උප සභාපති රජීව් සූරියආරච්චි , එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අරුණ වරුෂහැන්දි , සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මසේන , සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ගුවන් සේවා ) සුනිල් ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු විශාල සම්භාවනීය අමුත්තන් පිරිසක් ද සහභාගී වී සිටියහ .



අදහස් (6)

කටුනායක ගුවන්තොටුපළට නව මාර්ගයක්

ඉලේපෙරුම Thursday, 14 May 2020 07:13 AM

ඇමති / මන්ත්‍රී කිසි කෙනෙක් නැතිව නිලධාරීන් පිරිසක් පමණක් සහභාගි වී කරනු ලබන විවෘත කිරීමක් මගේ මේ ජීවිතේට අහන්න ලැබුණාමයි. හරි පුදුමයි.

:       0       306

Tharindu NimanthaThursday, 14 May 2020 09:23 AM

එහෙම පුදුම වෙන්න ලැබෙන්නේ මැතිවරණ කොමිසමක් තියෙන නිසා කියලත් මතක තියා ගන්න.

:       0       1

Nipun Thursday, 14 May 2020 07:48 AM

මාර්ගයේ දිග මීටර් 600යි, වියදම රුපියල් මිලියන 600යි. මොනවයින්ද දන්නෙ නැහැ ඕක හදල තියෙන්නෙ. තාරවලින් නම් වෙන්න බැහැ.

:       0       1

Mangala Thursday, 14 May 2020 07:53 AM

දෙයි හාමුදුරුවනේ දැන් දේශපාලුවන්ගේ වැඩේ නිළධාරි පටන් අරන්, අනේ ලැජ්ජාවක් නැති හැටි පාරක් අරින්න එකතු වෙලා ඉන්න සෙට් එකක්. ඔයිට හොද නැද්ද ඔය පාර හදන කොට දාපු බැරියර් ටික අයින් කරද්දිම පාර විවෘත වෙන්න දුන්නා නම්... ඔය සෙට් එකට කන්තෝරු වල රටට වැඩක්වෙන දෙයක් කරගෙන ඉන්න තිබුනා.

:       0       0

SARATH SILVA Thursday, 14 May 2020 10:03 AM

කොවිඩ් හැදෙයි කියලා බයේ...

:       0       1

de silva Saturday, 16 May 2020 01:06 PM

ඕක අලුතෙන් හදපු පාරක් නොවේ... තිබෙන පාරකට තාර ටිකක් දමල ,

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 460 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 147 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 159 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 632 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 213 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 668 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 774 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 745 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site