(හර්ෂණ තුෂාර සිල්වා)
මේ සතියේ තෙවැනි දිනටත් කොළඹ කොටස් වෙළෙඳපොළ කටයුතු අද (13) මිනිත්තු තිහක කාලයක් සඳහා අත්හිටුවීය.
කොළඹ කොටස් වෙළෙඳපොළේ ‘එස්ඇන්ඩ්පී’ ශ්‍රී ලංකා 20 මිල දර්ශකය සියයට 5කින් කඩා වැටීම හේතුවෙන් එලෙස වෙළෙඳපොළ ගනුදෙනු තාවකාලිකව නවතා දැමීණි.
‘එස්ඇන්ඩ්පී’ ශ්‍රී ලංකා 20 මිල දර්ශකය සියයට 5කින් පහළ යෑම නිසා ඉකුත් දා (10) සහ ඊයේ (12) මේ ආකාරයෙන්ම කොළඹ කොටස් වෙළෙඳපොළ කටයුතු මිනිත්තු 30කට අත්හිටුවීය.
ඊයේ දිනයේ ගනුදෙනු අවසන් වනවිට කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය සියයට 2.89කින් ද ‘එස්ඇන්ඩ්පී’ ශ්‍රී ලංකා 20 මිල දර්ශකය සියයට 3.82කින් ද පහළ ගියේය. ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 144.82කින් ද ‘එස්ඇන්ඩ්පී’ ශ්‍රී ලංකා 20 මිල දර්ශකය ඒකක 87.72 කින් ද පහළ ගියේය.
ඒ අනුව දිනය අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය අද ඒකක 4,874.73ක් ලෙස දැක්වුණු අතර ‘එස්ඇන්ඩ්පී’ ශ්‍රී ලංකා 20 මිල දර්ශකය ඒකක 2,205.97 ක් ලෙස දැක්විණි.
කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රාග්ධනීකරණය ඊයේ රුපියල් බිලියන 2,269ක් ලෙස දැක්වුණු අතර ඊයේ එය රුපියල් බිලියන 2,333ක් ලෙස දැක්විණි.
අද වාර්තා වූ ගනුදෙනු පිරිවැටුම රුපියල් මිලියන 1,048ක් වූ අතර කොළඹ කොටස් වෙළෙඳපොළේ විදේශීය මිලදී ගැනීම් අද දිනයේදී රුපියල් මිලියන 174ක් ලෙස දැක්වුණු අතර විදේශීය විකුණුම් රුපියල් මිලියන 294ක් ලෙස දැක්විණි.
ලොව පුරා පැතිර යමින් තිබෙන කොරෝනා වයිරසයේ බලපෑම මෙන්ම ඒ හේතුවෙන් ගෝලීය මූල්‍ය වෙළෙඳපොළවලට සිදුව තිබෙන බලපෑම කොළඹ කොටස් වෙළෙඳපොළේ පහළ යෑමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇතැයි ආර්ථික විශේෂඥයෝ පවසති.
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන දත්තවලට අනුව බ්‍රිතාන්‍ය වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 34.44ක් ලෙස සටහන්ව තිබූ අතර ‘ඔපෙක්’ (තෙල් අපනයන කරන රටවල සංවිධානය) වෙළෙඳපොළේ තෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 33.25ක් ලෙස සටහන්ව තිබිණි.
බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරි සිරිදත් ධම්මික මහතා ඝාතනය කිරිමට ඝාතකයන් පැමිණි බවට සැලකෙන යතුරුපැදි දෙකක් යක්කලමුල්ල තල්ගහව
හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.
වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද
සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු
අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
කොටස් වෙළෙඳපොළේ කටයුතු අදත් තාවකාලිකව නවතී