(රොමේෂ් මධුෂංඛ)
යාපනය සහ මන්නාරම් ප්‍රදේශයන්හි සිදු කරන ලද සෝදිසි මෙහෙයුම් වලදී ඉන්දියාවේ සිට රැගෙන එන ලද රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමකින් යුත් කේරල ගංජා කිලෝ 142 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
උතුරු නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් යාපනය වෙත්තලකේණි, වත්තිරායන් මුහුදු ප්‍රදේශයේ දී සිදු කළ සෝදිසි වැටලීමකදී සැකකටයුතු යාත්‍රාවක් පරීක්ෂා කිරීමේදී ගංජා තොගය සොයා ගෙන තිබේ.
එහි තිබූ පාර්සල් 09 ක කේරල ගංජා කිලෝ 43 ග්‍රෑම් 270 ක ප්‍රමාණයක් සොයා ගත් අතර කේරල ගංජා තොගය රැගෙන යාමට පැමිණ සිටි පුද්ගලයෙකු ද යතුරුපැදියක් සමඟ නාවික හමුදා බාරයට ගෙන ඇත.
මේ අතර මන්නාරම ඉලුප්පකඩවායි කාත්තාරම්පිඩ්ඩි ප්‍රදේශයේ පිහිටි කැලෑවක උතුරුමැද නාවික විධානයට අයත් සෙබළුන් පිරිසක් විසින් සිදු කරන ලද සෝදිසියකදී පාර්සල් 24 ක සඟවා තිබූ කේරල ගංජා කිලෝ 98 ග්‍රෑම් 870 ක ප්‍රමාණයක් සොයාගනු ලැබීය.
කේරල ගංජා තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙන විත් මෙරට වෙනත් ප්‍රදේශ වෙතට ප්‍රවාහනය කිරීමට ජාවාරම්කරුවන් සැලසුම් කර ඇති බවට නාවික හමුදාව සැක පළ කරයි.
අත්අඩංගුවට ගත් කේරල ගංජා තොගය හා යතුරුපැදිය සමගින් සැකකරුවන් දෙදෙනා ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා පලෙයි සහ ඉලුප්පකඩවායි පොලිස් ස්ථාන වෙතට බාර දුන් බවට නාවික හමුදාව වැඩි දුරටත් පැවසීය.
පැවති වර්ෂාව සහ සුළං සමග අද (15 ) බදුල්ල ඉස්පින්වැලි මේමලේ වත්තේ ගසක් කඩා වැටී සිදුවූ අනතුරකින් හතර දෙනකු තුවාල ලබා කෝට්ටගොඩ රෝහලට ඇතුළත් කර ඇති බව බදුල
පෞද්ගලික රෝහලක වෛද්‍යවරයෙක් අන්තර්ජාලයෙන් සිදුකළ ඇනයුමක් අනුව නාරහේන්පිට මළල සේකර මාවතේ නිවසකට තෙරපිවරයකු ලෙස ගොස් වෛද්‍යවරයා මත්කර දියමන්ති ආභර
සිමෙන්ති සඳහා පවතින සෙස් බද්ද අඩු කිරීම සඳහා වූ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිව තිබේ.
සංවර්ධනයේ නවයුගයක් සඳහා ශ්‍රී ලංකාව හා එක්ව කටයුතු කිරීමට සූදානම් බව චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවේ අද (15) ප
හෙරොයින් ජාවාරමෙන් වසර දෙකක කාලයකදී රුපියල් කෝටි 17ක මුදල් හා දේපළ උපයා ගැනීමේ චෝදනාවන්ට වරදකරු වු ශ්‍රී ලංකාවට හෙරොයින් ගෙන්වන මහාපරිමාණ කුඩු ජාවාරම
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අධිකරණ ’’ආරච්චි’’වරයකු ලෙස පෙනී සිටිමින් මත්ද්‍රව්‍යය ජාවාරම් කිරීමේ සැකයට අත්අඩංගුවට ගත් කාර්යාල කාර්ය සහායක තරිඳු න
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
කෝටි 2 ක කේරල ගංජා සමඟ දෙදෙනක් අත්අඩංගුවට