(එම් .සුසිල් ප්‍රියන්ත)
කොස්ගොඩ ටකරං වාඩිය ප්‍රදේශයේ ලදු කැලෑවක සගවා තිබූ රුපියල් කෝටි 24ක් පමණ වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් 23යි ග්‍රෑම් 155ක් සොයා ගත් බව පොලිස් විශේෂ කාර්‍ය බලකායේ කොළඹ මූලස්ථාන වැටලීම් ඒකකය කියයි.
ලැබුණු තොරතුරකට අනුව ඊයේ (12) රෑ සිදු කළ වැටලීමකදී මේ මත් කුඩු තොගය සොයාගත් බවත් පාතාල කණ්ඩායම් නායක කොස්ගොඩ තාරක නමතැත්තාට අයත් මත් කුඩු තොගයක් බව පොලිස් විශේෂ කාර්‍ය බලකාය කියයි.
පාර්සල් 20ක අසුරා තිබූ මේ මත් කුඩු තොගය ලංකාව පුරාම බෙදා හැරීමට සූදානම් කර තිබූ බවද පොලිස් විශේෂ කාර්‍ය බලකාය කියයි.
මෙතරම් වටිනාකමක් ඇති මත් කුඩු තොගයක් දකුණු පළාතෙන් සොයාගත් පළමු අවස්ථාව මෙය බව පොලිස් ආරංචි මාර්ග කියයි.
මේ මත් කුඩු තොගය සමග සැකකරුවකු අත් අඩංගුවට ගෙන නැති අතර එය වැඩිදුර පරීක්ෂණය සදහා කොළඹ මත්ද්‍රව්‍ය නාෂක කාර්‍යාංශයට භාරදි ඇත.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස
හැටන් වටවල ප්‍රදේශයේ සත්ව ගොවිපලක විවිධ රෝග වැලදී මිය යන එළදෙනුන් සහ ගවයන් මස් කඩ වලට අලෙවි කිරීමට එරෙහිව වටවල ලොනැක් වත්තේ වතු කම්කරුවෝ එම සත්ව ගොවිප
බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
මූතූර් තාහා නගර් නිවසක අද (14) අලුයම කාන්තාවන් දෙදෙනකු කපා කොටා මරා දමා දැරියකට තුවාල කර ඇතැයි මූතූර් පොලිසිය කියයි .
බස්නාහිර, සබරගමුව, සහ දකුණු පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
කෝටි 24ක හෙරොයින් කොස්ගොඩින් අල්ලයි
Bamunuarachchi Wednesday, 13 January 2021 04:05 AM
ගිය අවුරුදු 5ත්, දැනට මේ දක්වා අල්ලපු ප්‍රමාණයටම රටට කුඩු එන්න ඇතිනේ... ඉතින් ටෙලිෆෝන් කාරයින්ට රට ගියා නම් කොහොම හිටීද?
Kamal Koyrala Wednesday, 13 January 2021 07:13 AM
තාරක ඇතුළේ... කුඩු එළියේ. මේ ජවනිකාව ඔහුව එළියට ගෙන සඟවපු දේවල් පෙන්නන්න ගෙනියලා ආපසු නොඑවන්නනේ..