IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


කෝටි 38 ක ටින්මාළු චීනෙටම ආපසු යවයි

(ඉන්දිකා  රාමනායක)
 
චීනයෙන් මෙරටට ආනයනය කර තිබූ වූ මිනිස්  පරිභෝජනයට  නුසුදුසු ආසනික් අඩංගු වූ  ටින් මාළු මෙට්ට්‍රික් ටොන් 768  ක ප්‍රමාණයක් නැවතත් ප්‍රති අපනයනය කිරීමට රේගුව පියවර ගෙන ඇත .
 
රුපියල් මිලියන 384 ක්    වටිනා මෙම ටින් මාළු  බහාලුම්  48 ක තිබූ බවත් එය 2014 මෙරටට ආනයනය කර ඇති බව රේගුව සඳහන් කරයි .
 
මෙම ටින් මාළු සම්බන්ධයෙන්  ප්‍රමිති නිර්නායක  සනාත නොකිරීම හේතුවෙන් ලංකා ප්‍රමිති ආයතකය   විසින් පරිභෝජනය ප්‍රතික්ෂේප කර ඇති බව අතිරේක  රේගු අධ්‍යක්ෂ  රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසිය.
 
මෙම ටින් මාළු වල මිනිස් පරිභෝජනයට නුසුදුසු ආසනික් අඩංගු වී ඇති බවද  රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය
 
මෙම ටින් මාළු සම්බන්ධයෙන් රේගු පාරිභෝගික ආරක්ෂණ ඒකකය  පරීක්ෂණ පවත්වා ඒවා  නැවත  ප්‍රති අපනයනය කිරීමට පියවර ගෙන තිබිණි .
 
 
රේගු අධ්‍යක්ෂ ජනරාල්ක්‍ විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය  මහතාගේ අධිකෂණය යටතේ,  රේගු  පාරිභෝගික ආර්අෂණ ඒකකයේ අතිරේක උපදේශක  ජනරාල්   එස් ආදීනන්දීෂ්වීවරන්,   රේගු අධිකාරි එස් පී එෆ් අශ්රොෆ් යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන්  මෙම ටින් මාලු ප්‍රති අපනයනය කිරීමේ ක්‍රියාවලියේ   පළමු  පියවර වශයෙන් බහලුම් දෙකක් අද  (17)  ප්‍රති අපනයනය කළ අතර  මෙම මස අගදී  ඉතිරි බහාලුම් ප්‍රති අපනයනය කරන බවද රේගු ප්‍රකාශකවරයා  වැඩිදුරටත් පවසයි.



අදහස් (15)

කෝටි 38 ක ටින්මාළු චීනෙටම ආපසු යවයි

dhamneth Thursday, 17 December 2020 11:01 AM

අපේ මහින්ද මහතා ධීවර ඇමැති වී ටික කලකින් රුපියල් 300ට 350ට තිඛෙන බල මාලු කිලෝව රුපියල් 600ට ගියා... කවුරුත් හිතුවෙ ධීවරයත්, ධීවර කර්මාන්තයත් දියුණු කරන්න මිල වැඩි කළා කියලා... ඊට පසු ධීවර කර්මාන්තයත් දියුණු කරන්න මිල වැඩි කළා කියලා. එයින් පෙනෙන්නේ ධීවර කර්මාන්තය දියුණු කරන්න පුළුවන් කෙනෙක් මෙ රටෙ නැති බවයි.

:       0       18

ලුම්බිණි Thursday, 17 December 2020 11:07 AM

චීනයෙන් කවුද එන බොන ජාති ගෙන්නන්නේ?

:       0       0

ජනක Thursday, 17 December 2020 01:38 PM

2014 සිට රේගුව පොල් ගෑවාද මෙච්චර කල්?

:       0       0

Demuni Uduwara Thursday, 17 December 2020 02:29 PM

අපේ පාලකයින් නම් හරිම දරුණුයි.

:       0       0

Rata Perata Thursday, 17 December 2020 05:03 PM

ඔවා කරලා ලොකුසර්ගෙන් පොඩි සර්ට බැණුම් අහන්නයි වෙන්නේ.

:       4       7

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 17 December 2020 05:10 PM

චීනාගෙ දහ ජරා ආහාර වල සැබෑ තත්වය පේනවා නේද? මේ තත්ත්වය පූර්වාදර්ශයට ගෙන හෝ මින් ඉදිරියට චීනාගේ ආහාර ගෙනඒම නතර කරන්න. ටින් මාළු අතරට වෙනත් දහජාරාවත් දමා ඒවනවාද කියා දන්නේ කවුද?

:       4       27

WCA Thursday, 17 December 2020 06:26 PM

2014 ආපු ඒවා දැන් තමයි යවන්නේ. ඊට පස්සේ ආපුවා අපිට කැව්වද? නැත්නම් තාම වරායේද? මොකද 2014 ආපුවා දැන්නම් යවන්නේ දැන් එන ඒවා 2026 නේ යවන්නේ... වසර දෙකකින් එක්ස්පයර් වන ටින් මාළු වසර 06ක් තියාගෙන පොල් ගානවද?

:       0       0

leel gunawardena Thursday, 17 December 2020 06:59 PM

චීනයේ සත්ව ඝාතන නිසා අද මුළු ලෝකයම බැටකනවා. කවදා මේ අය තේරුම් ගනීවිද?

:       0       0

victor Thursday, 17 December 2020 07:56 PM

සැමනයාට හරි පාඩු ඇති..

:       0       0

nihal Friday, 18 December 2020 01:39 AM

එන්න අප හා එක්වන්න... චීන තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් කරමු.

:       0       0

Nimal Dubai Friday, 18 December 2020 01:45 AM

මේක වැරදි වැඩක්, චීනය කියන්නේ අපට සහෙන්න උදවු කරන අපේ රටට ඉතා හිතවත් රටක්. මේ විදියට ආපහු යවන එකෙන් ඔවුන්ගේ හිත නරක් වෙන්න පුළුවන් අපේ ඝෝටාභය සර්ට ලංකාව සංවර්ධිත රටක් කරන්න චීනය උදව් කරද්දී , මේ වගේ සුළු දේවල් ගණන් ගන්න හොඳ නැහැ.

:       0       0

Prasanna Bandara Friday, 18 December 2020 02:47 AM

කන්ටේනර් දෙකක් යවා ඉතිරි එ්වා මෙහෙ විකුණා කියයි ඉතිරි තොගය හොඳයි කියලා...

:       0       0

cheena Friday, 18 December 2020 10:16 AM

චීන ප්‍රාන්තයක් වුණු ශ්‍රී ලංකාවට මොනවා වෙයිද? මෙ ප්‍රාන්තයට මහ ආණ්ඩුවෙන් සම්බාධක දමයිද දන්නේ නැහැ...

:       1       2

helaya Friday, 18 December 2020 10:18 AM

චීනෙ මොකෝ ... අපි මොකෝ... අපි චීනගේ යටහත් වැසියෝ වන කල....

:       1       1

Nihal Saturday, 19 December 2020 07:07 AM

යැව්වද? නැත්නම් නාකොටික් එක වගේ කළාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 609 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 172 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 496 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 122 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1728 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 183 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site