IMG-LOGO

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා


කෝටි 4 ක බීඩි කොළ කන්ටේනරයක් පිටකිරිම ගැන පරීක්ෂණ

(ඉන්දිකා රාමනායක)

රුපියල් කෝටි 4 1/2  ට ආසන්න වටිනා බීඩි කොළ කන්ටේනරයක්  ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ඔරුගොඩවත්ත රේගු අංගනයෙන් නීතිවිරෝධීව පිටකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ක්ලේකුඩු මුවාවෙන් චීනයේ සිට මෙරටට මෙම බිඩී කොළ තොගය ආනයනය කර ඇත.

මෙම කන්ටේනරය චීනයේ සිට  ඉකුත් 2019 අගෝස්තු මස දිනක මෙරටට ඒවා ඇත්තේ ඉන්දීය ජාතිකයකුගේ නමට  බව පොලිසිය පවසයි.

එම කන්ටේනරය බාර ගැනීමට හිමිකරු ඉදිරිපත් නොවීමෙන් ඒ සම්බන්ධයෙන් ඇති සැකයක් අනුව රෝගී නිලධාරීන් විසින්  එය විවෘත කිරීමේ දී   ක්ලේ කුඩු  මුවාවෙන් ගෙන්වා තිබූ කන්ටේනරයේ තිබී ඇත්තේ  බීඩිකොළ බවට හෙළි වී ඇත.

මෙම කන්ටේනරය රේගු බාරයට ගෙන එය ප්‍රසිද්ධියේ වෙන්දේසි කිරීම සදහා ඔරුගොඩවත්ත රේගු  අංගනයේ  රඳවා තිබියදී මෙම සිද්ධිය සිදුව ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

ඔරුගොඩවත්ත  රේගු අංගනයයේ  පිරිසක් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර  ඉකුත්  පෙබරවාරි 22 දින මෙම කන්ටේනරය  මුදාගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි.

වෙන්දේසිය  සඳහා  තබා තිබූ මෙම කන්ටේනරය  කිසිවකු විසින්  ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර මුදාගෙන ඇති බවට  සහකාර රේගු අධිකාරිවරයකු  ඉකුත් 11 වැනිදා සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලිසියට කළ පැමිණිල්ලක් අනුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබිණි.

මෙම කන්ටේනරය  රැගෙන යන වාහනයේ  අංකය  වශයෙන්  ගේට්ටු අවසර පත්‍රවල සඳහන් අංකයෙන් සහිත වාහනයකින්, වෙනත් අංකයක් සහිත වාහනයකින් බවද පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ආරක්ෂණ නිලධාරීන්, රේගු නිලධාරීන් ඇතුළු  හය දෙනකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගත් බවද පොලිසිය කියයි.



අදහස් (0)

කෝටි 4 ක බීඩි කොළ කන්ටේනරයක් පිටකිරිම ගැන පරීක්ෂණ

ඔබේ අදහස් එවන්න

 

දියත

රුපියල් 372 හෘද ඖෂධය 72,000ට අරන්?
2025 මාර්තු මස 13 62 0

හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.


වැලිවේරියේ වෙඩි තැබීමක්
2025 මාර්තු මස 13 177 0

වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි


ගෝලයෝ කෘතිම බුද්ධියෙන් ගුරුවරිය නිරුවත් කරලා
2025 මාර්තු මස 13 730 0

මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද


නැදගමුවේ මහානාම හිමි ඝාතන සැලැස්මේ කත මාට්ටු
2025 මාර්තු මස 13 764 0

සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු


වෛද්‍යවරියකට කරදර කළ රෝහලේ තවත් මඟඩියක්
2025 මාර්තු මස 13 1021 0

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ


‘‘අප හැම තිස්සේම ජනතාව පැත්තේ හිට ගන්නවා‘‘
2025 මාර්තු මස 13 236 0

මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 196 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 454 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 241 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site