(මනෝප‍්‍රිය ගුණසේකර)
කොටුව දුම්රිය ස්ථානයේ දී බීමතින් කාන්තාවකගේ ඇගේ හැපී ඇගේ හිරිඔතප් බිඳීමේ චෝදනාවන්ට වරද පිළිගත් පොලිස් කොස්තාපල්වරු දෙදෙනකුට වසර බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා එම කාන්තාවට රුපියල් ලක්‍ෂ 2ක වන්දි මුදල් ගෙවීමට ද නියම කළේය.
විත්තිකරුවන්ට නියම කළ වසර බැගින් වූ බරපතල වැඩ සහිත සිරදඬුවම් කාලය වසර 5 ක කාලයක් දක්වා අත්හිටුවීමට නියම කළ විනිසුරුවරයා රුපියල් 2500/- බැගින් රජයේ ගාස්තු ගෙවීමට ද එම පොලිස් කොස්තාපල්වරු දෙදෙනාට නියම කළේය.
පොලිස් මුලස්ථානයේ රාජකාරී කරන පොලිස් කොස්තාපල්වරු දෙදෙනකුට මෙලෙස දඬුවම් නියම කෙරුණු අතර ඔවුන්ට නියම කළ වන්දි මුදල් හා රජයේ ගාස්තු නොගෙවුවහොත් අමතර වසර 2 1/2ක සිරදඬුවමක් ද විත්තිකරුවන්ට නියම කෙරිණි.
2011 ජුලි මස 9 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොටුව දුම්රිය ස්ථානය තුළදී බීමත්ව කාන්තාවකගේ ඇගේ හැපී ඇගේ හිරිඔතප් බිඳින ලද බවට විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා ඉදිරිපත් කර තිබිණි.
මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී අධිකරණයේ පෙනී සිටි විත්තිකරුවන් චෝදනාවන්ට වරද පිළිගත්හ.
ඒ අනුව විත්තිකරුවන්ට අදාළ දඬුවම් නියම කළ විනිසුරුවරයා ඔවුන්ගේ ඇඟිලි සළකුණු ලබා ගැනීමට ද නියම කළේය.
හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.
වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද
සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු
අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ
මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
කතගේ හිරිඔතප් බින්දැයි කොස්තාපල්වරු දෙදෙනකුට සිරදඬුවම්
Mahee Thursday, 30 January 2020 11:19 AM
හැබැයි මං කැට තියලා කියන්නම්, මේ පැමිණිල්ල කරපු කාන්තාව නම් බොහොම බලසම්පන්න කෙනෙක් වෙන්න ඕනෑ. නැත්නම් නෝ කේස්නේ. අපි නොදන්නා පොලීසිය..!
Mahee Thursday, 30 January 2020 11:20 AM
හැබැයි මං කැට තියලා කියන්නම්.., මේ පැමිණිල්ල කරපු කාන්තාව නම් බොහොම බල සම්පන්න කෙනෙක් වෙන්න ඕනෑ. නැත්නම් නෝ කේස් නේ...
RaveendraThursday, 30 January 2020 12:02 PM
ඔබගේ අදහස් යම්තාක් දුරට නිවැරදි විය හැකිය. එලෙසින්ම මෙවැනි ගැටළුවක් මතු නොවන්නේද? බලසම්පන්න අය දුම්රිය පළට ඇවිත් කාලේ නාස්ති කරයිද? කෙසේවෙතත් පරයින්ට නිසි දඬුවම් ලබාදීම පිළිබඳව ගරු අධිකරණයට අපගේ ආචාර්ය පුදකරන්නෙමු. මෙම නරින්ගේ නම්ගම් ඡායාරූප, ලිපිනයන් ප්‍රසිද්ධ කරන්නේ නම් එයද වැදගත් වනු ඇත...
ශාන් Thursday, 30 January 2020 02:21 PM
හිරි ඔතප් කියන්නේ මොකද්ද? තේරෙන සිංහලෙන් කියන්නකෝ..
AbeThursday, 30 January 2020 03:09 PM
හිරි ඔතප් කියන්නේ ගැහැණු හෝ පිරිමි අයගේ ඇඟේ හැපීම හා ගැටීම කියලයි මම නම් හිතන්නේ...
MaheeThursday, 30 January 2020 03:38 PM
මං අහලා තියෙන්නේ "ලැජ්ජාව සහ බය" කියලයි. පාපයට හෙවත් සදාචාරාත්මකව වරදට තිබෙන ලැජ්ජාව සහ වැරදි කිරීමට තිබෙන බය... ලෝක පාලක ධර්ම කියලත් බණට කියවෙන්නේ "හිරි ඔත්තප්ප" දෙකයි. චෝදනාවේ හැටියට නම් මේ කාන්තාවගේ මොකක් බින්දද කියන්න මම දන්නේ නෑ. රාළහාමිලා දෙන්න සදාචාරයට විරුද්ධ දෙයක් කිරීම තමයි අදහස් කරන්න ඇත්තේ...