(ඩයනා උදයංගනී)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (29) අත්සන් තැබීය.
ඒ අනුව 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද (29) සිට බලාත්මක වනු ඇත.
විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පනත් කෙටුම්පත තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් පාර්ලමේන්තුවේ දී ඉකුත් 22 දා සම්මත විය .
20වන සංශෝධන පනත් කෙටුම්පත සඳහා පාර්ලමේන්තු සංකීර්ණයේදී අද පෙරවරු 11.30 ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය අත්සන් සහතිකය සටහන් කිරීම සිදු කළ බව පාර්ලමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
එම අත්සන් තැබීමේ අවස්ථාවට පාර්ලමේන්තුවේ නියෝජය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානි නීල් ඉද්දවල මහතා ද සහභාගි විය.
ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව AIIB හා ශ්‍රී ලංකා රජයේ මුල්‍ය අනුග්‍රහය ඇතිව උඩරට දුම්රිය මාර්ගයේ දැඩි සංචාරක ආකර්ෂනයක් දිනා ගත් බණ්ඩාරවෙල සහ දෙමෝ
විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය වේගවත් කිරීම සඳහා අවශ්‍ය අමතර කාර්ය මණ්ඩලය සපයා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජල ගාස්තුව සියයට 10 ත් 30ත් අතර ප්‍රතිශතයකින් ජල ගාස්තුව අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.
දේශීය පොල් මද ආශ්‍රිත කර්මාන්ත හා පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට පියවර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.
වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
කතානායකවරයා 20 වැනි සංශෝධනයට අත්සන් තබයි
siri Thursday, 29 October 2020 09:25 AM
හෙට ඉඳල මල්වෙඩි බලන්න දත් කාගෙන හිටපු අයට පුස් වෙඩි බලන්න වෙයිද දන්නේ නෑ.
De Thursday, 29 October 2020 09:50 AM
හුරේ... රටත් ගොඩ, අපිත් ගොඩ, සර්ලත් ගොඩ.
rana Thursday, 29 October 2020 10:24 AM
තායිලන්ත රජයට එරෙහිව තරුණ විරෝධතාකරුවන් වීදි බැස ඇත. පසුගිය සති කිහිපය පුරා පවතින රාජාණ්ඩු පාලන ක්‍රමයේ වෙනසක් බලාපොරොත්තුවෙන් තායි තරුණයන් ගෙනයන අඛණ්ඩ උද්ඝෝෂණ මාලාව මේ වන විට යම් ප්‍රචන්ඩකාරී ස්වභාවයක් ගෙන තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැඩි මධ්‍යගත පාලන ක්‍රමය මුළුමනින්ම වෙනස් කිරීම, ඡන්ද ක්‍රමය සංශෝධනය කිරීම හරහා ජනතා නියෝජනය තවදුරටත් ඉහළ දැමීම, ආණ්ඩුව විසින් විකල්ප මතධාරීන් මර්දන කිරීම නැවැත්වීම විරෝධතාකරුවන්ගේ මූලික ඉල්ලීම් අතර වේ. අනේ ඒකට අපේ ඇයො !! සිංහලයාට කවදා මොලේ පෑදෙයිද ?
chandanaThursday, 29 October 2020 05:08 PM
බෞද්ධ තායිලන්තයෙන් බෞද්ධාගම අතුගා දැමීමේ සමස්ථ ක්‍රියාදාමය තුල ජාතියක්, ජන්මයක් නොහඳුනන තරුණයන්ව පහසුවෙන් ග්‍රහණය කරගෙන එම ක්‍රියාදාමය සෑහෙන දුරට සාර්ථක කරගනමින් සිටී. අපේ රටටද සමාජ මාධ්‍යය යොදාගනිමින් සිදු කරන්නට උත්සාහ කරන්නේ එම තත්වයමය. අපේ රටේ විකෘති මානසික තරුණ පිරිසක් සිටියද එය අභිබවා රට, ජාතිය හා ආගමෙන් ඔද වැඩී ගිය ජවසම්පන්න තරුණ සමාජයක් සිටී. අපේ රටේ වාසනාව වන්නේ කාලකන්නි ඊනියා විකෘති සුළුතරය පරදා නැගී සිටීමට තරම් යහපත් මානසික තත්වයකින් හෙබි තරුණ පිරිස තවමත් බහුතරය ලෙස නැගී සිටීමය. එහෙත් රට, ජාතිය, ආගම ගැන හැඟීමක් නැති සමාජයක් බිහිකිරීමේ නොනිමි ආශාවකින් පෙලෙන්නවුන් හැමවිටම නිහඬවම සක්‍රීයව ඒ සඳහා දායක වෙමින් සිටී. යහපාලන, සාධාරණ සමාජ, සමරිසි සංහිඳියා යන අලංකාර එහෙත් වංචාකාරී සංකල්ප වරින්වර ඇතිවන්නේ ඒ සඳහාය.
අතුල Thursday, 29 October 2020 11:42 AM
සිරි ලංකාවේ අවසානයක ආරම්භය. අතීතයට වඩා ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඉතා ඉහල මට්ටමක තියෙනවා. කොතරම් සත්‍යය හංගන්න උත්සාහ කලත්, සත්‍යය "සත්‍ය වශයෙන්ම දැනගැනීමට අවශ්‍ය අයට" එම අවස්තාව තියෙනවා. බලෙන් ලබාගන්නා ලද බලතල නිසි අයුරින් ක්‍රියාත්මක නොකලහොත්, අනවශ්‍ය අයුරින් මහජනතාව පීඩාවට පත්වුවහොත්, කවදාහෝ දිනයක "පාලකයන්ට එරෙහිව මහජන නැඟීසිටීමකට" ඇති හැකියාව බැහැර කල නොහැක. එය විශාල අභාග්‍යයකි.
pradeepa Thursday, 29 October 2020 02:12 PM
රිෂාඩ් සහ රකීම්... දුන්නු සහයෝගය කිසිදා අමතක කරන්න බැහැ. එයාලා තමයි 69 ලක්ෂයේ බලාපොරොත්තු ඉටුකළේ. ඔබලාට අපි ණයගැතියි. අපේ ආණ්ඩුව ඔබලා ඉල්ලන ඔනෑම දෙයක් දීමට ලෑස්තියි...
chandima Thursday, 29 October 2020 02:53 PM
දැන් ඔකෙන් අර ජේ.ආර්. ට බැරිවුණු ගැහැණියක් පිරිමියෙක් කරන වැඩෙත් කරන්න පුළුවන්ද?
Kumara Thursday, 29 October 2020 05:20 PM
අයියෝ... පුතාණෝ...!!!
Chandima Friday, 30 October 2020 09:59 PM
ඇත්තටම කතානායක නේද අත්සන ගහන්නේ? මුහුණ වහගෙන වෙන කෙනෙක් දාලා අත්සන් ගහන්නේ නැහැ නේද?