මෑතකදී වැඩ බාර ගත් ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනිය වන ටාන්යා හොන්රයිප් මහත්මිය අද (27) පාර්ලිමේන්තුවේදී කථානායක කරු ජයසූරිය මහතා මුණගැසුනාය.
මේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත නියෝජ්‍ය තානාපතිනිය වන ඒවා වැන් වෝසම්ද මහත්මියද එක්වූ අතර කථානායකවරයා විසින් තානාපතිනිය වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් ද පවත්වන ලදී.
මොරටුව, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, සඛරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල වල අතරමග නවත්වනු ලැබ ඇති ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කැබිනට්
‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
කතානායක ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති හමුවෙයි
beau Wednesday, 28 August 2019 08:39 AM
මෙයාගේ හිතේ දැනටම ජනපති වෙලා කියලා. තණ්හාව දැනට තැනක් නැහැ.
anura Wednesday, 28 August 2019 09:01 AM
තව මොන ගිනිගෙඩියකට ප්ලෑන් කරනවද දන්නේ නැහැ...
SARATH SILVA Wednesday, 28 August 2019 09:54 AM
රටේ තුන්වෙනි ප්‍රධාන පුරවැසියාට තානාපතිතුමෙක් හෝ තුමියක් හමුවෙන්න බැරිද? වහල්ලුන්ගේ වහල්කතා...
sirimal Wednesday, 28 August 2019 10:41 AM
මේ කුකුල් පොරයට අවතීර්ණ වෙනවා කියන අය අතරින් වැඩියෙන්ම අධ්‍යාපන සුදුසුකම්, දේශපාලන පළපුරුද්ද සහ මහත්මා ගතිගුණ සහිත එකම තැනැත්තා තමයි කරූ ජයසූරිය මහතා. එතුමා එක්සත් රාජධානියේ වරලත් නැව්කරුවන්ගේ ආයතනයේ සාමාජිකයෙක්, වරලත් ගමනාගමන ආයතනයේ සාමාජිකයෙක්, බොල්ටික් විද්‍යා පර්යේෂණ ආයතනයේ පුහුණුව ලැබූවෙක්, ප්‍රංශයේ උසස් කළමනාකරණ හා අධ්‍යාපන ආයතනයේ කළමනාකරණ සහතික ලැබූවෙක්, 1965 සිට 1972 දක්වා ශ්‍රී ලංකා යුද හමුදාවේ ස්වේච්ඡා බල ඇණියේ ලුතිනන් වරයෙක් ලෙස සේවය කළ කෙනෙක්..., ව්‍යාපාර ලෝකයේ විවිධ තනතුරු දරමින් හොඳ පන්නරයක් ලැබූවෙක්... ඉන්දියාව සහ ජපානය මෙන්ම ශ්‍රී ලංකාවේද විවිධ ගෞරව සම්මාන බොහෝ සංඛ්‍යාවක් ලැබූවෙක්.., උසාවිවල නඩු කිසිවක් කිසිදාකත් නොතිබුණු කෙනෙක්.., ජාතික සහ ජාත්‍යන්තර ව්‍යාපාරික සංගම් කිහිපයකම ප්‍රධාන තනතුරු හෙබවූවෙක්, තානාපති තනතුරු දැරූවෙක්, මහා සංඝයා වහන්සේගේ ගෞරවය දිනාගත් කෙනෙක්... එතුමා කියන්නේ තමන් ජනාධිපති වශයෙන් තෝරාපත් කරගතහොත් වසර 2ක් ඇතුළත ජනාධිපති බලතල කප්පාදුකර විශ්‍රාම යන බවයි. වෙන කවුද එහෙම කියන්නේ..?
චමින්දWednesday, 28 August 2019 02:06 PM
සිරි ලංකාවේ අධ්‍යාපනය ඉහළ මට්ටමේ තියෙනවා කිව්වත් ගම් මට්ටමේ අයට ඒ ගැන කිසිම හැඟීමක් නැහැ. ඒ වගේම ඔවුන්ට රට ගැනද කිසිම කැක්කුමක් නැහැ. ඔවුන් බලා සිටින්නේ බිලී පිත්තක් ගැනීමට වඩා නිතරම බැදපු මාළුවෙක් ලබා ගන්නයි.. ගම් මට්ටමේදී ජනාධිපති අපේක්ෂකයන් ගැන කථාකරනවිට එය හොඳින්ම පේනවා. ගරු කතානායකතුමා ගැන සිරිමල් මහතාගේ අදහසට උදහස්වූ වැඩි පිරිසක් සිටීමෙන්ද එය තවත් පැහැදිලි වෙනවා.
AsankaWednesday, 28 August 2019 02:13 PM
මොනවා තිබ්බත් වැඩක් නැහැ... බුදුදහමට තියන තැන නැතිවන විදියට වැඩකරනවා වගේ..
කල්පනාThursday, 29 August 2019 01:28 AM
මෙතුමා කවදාද බුදුදහමට විරුද්ධව වැඩ කලේ? මෙතුමා මෙරට සිටින නියම බෞද්ධයා. මෙතුමට මෙහෙම කියන අසංක අදහන පුද්ගලයාගේ බිරිඳ හා දරුවන් වෙනත් ආගම් අදහනවා පමණක් නොව උත්සව පවා ගන්නේ පල්ලිවල කියලයි ජනතාව කියන්නේ... නමුත් සමහර පන්සල් අසංක වගේම ඔවුන් ඉහළින්ම අදහනවා.
wimal Wednesday, 28 August 2019 01:11 PM
මෙයාගේ තියන හැකියාව අපි දැක්කා පහුගිය අවුරුදු 4, මෙයාට රට දුන්නොත් ඉතුරුටිකත් ඉවරයි. ප්‍රජාතන්ත්‍රය මෙයා බොරුවට රට පාවා දුන්නා, හොද මිනිහෙක් නම් සද්දෙන් සම්මත කරනවද පාර්ලිමන්ට් එකට එන පනත්... මෙයාගේ බෑණා විසින් උතුර, නැගෙනහිර පොලිස් බලතල දෙන්න ඕනෑ කිව්වා මතකයිනේ. මේ අයට ඕනෑ තමුන්ගේ අරමුණ කරගන්න රටට හෙන ගැහැව්වත් කමක් නැහැ. හරි කෙනෙක් ඉදිරියේදී අපිට ලැබෙයි මෙයාලා ඔක්කොම කාටුන් වෙනවා. දැන් ඉන්න අය හොඳට තේරුම් අරන් තියෙන්නේ මේ තියන ආණ්ඩුව ගැන...
mahundaWednesday, 28 August 2019 07:38 PM
මහින්දට දුන්නොත් හරිද?
athuraThursday, 29 August 2019 04:34 AM
ඔය මහත්මයාගේ අදහසත් ඔය නමටම ගැලපෙනවා.
shirley Wednesday, 28 August 2019 04:48 PM
සිරිසේනත් ඔහොම කියලා තමයි බලේගත්තේ...
අසංක Thursday, 29 August 2019 05:59 AM
මෙතුමා තමයි ලංකාවේ මීලග ජනාධිපති. බුදු සරණයි ඔබතුමාට...!!!
chandima Thursday, 29 August 2019 11:22 PM
කතා කරකර ඉඳල වැඩක් නැහැ. දෙන දෙයක් ඉල්ලගෙන කරන දෙයක් ඉක්මනට කරන්න. අරහේ මිනිස්සුන්ට ඔය දෙසිය විසිපහම එපාවෙලා තියෙන්නේ. ඔය විදියට තව ටික කාලයක් ගියොත් රුසියාවේ සාර් රජ්ජුරුවන්ට වෙච්ච එකේ අනික තමයි වෙන්නේ.