(රංජිත් රාජපක්ෂ)
නාවලපිටිය පොලිස් වසමට අයත් මාවතුර දඹගල්ල ප්‍රදේශයේ කොත්මලාඔයේ ඉවුරේ ගල් බෙනයක තිබී පුපුරන ද්‍රව්‍ය රැසක් සොයාගත් බව නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.එච්.පි.කළුගම්පිටිය මහතා පැවසීය.
කොත්මලා ඔයේ දියනෑමට ගිය තරුණයන් පිරිසක් ගල් බෙනයේ වූ පුපුරන ද්‍රව්‍ය දැක ඒ බව නාවලපිටිය පොලිසියට දැනුම්දී ඇත.
ගල් බෙනයේ තිබී ඩෙටනේටර් 99 ක්, සි 4 වර්ගයේ පුපුරන ද්‍රව්‍යය කිලෝ 1 කට ආසන්න ප්‍රමාණයක් සහ යුද හමුදාව විසින් උත්සව අවස්ථාවල භාවිත කරනු ලබන දුම්බෝම්බ 8ක්ද සොයාගත් බව පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේය.
ඩෙටනේටර් 99, මහනුවර පොලිස් විශේෂ කාර්යය බලකා කඳවුරේ නිලධාරීන් විසින් ආරක්ෂිත හේතු මත එම ස්ථානයේදී ම පුපුරවා විනාශ කර ඇත. සි 4 වර්ගයේ පුපුරන ද්‍රව්‍ය සහ දුම්බෝම්බ වැඩිදුර පරීක්ෂණ සඳහා නාවලපිටිය පොලිසියට භාර දී ඇත.
ගල් බෙනයේ තිබූ පුපුරන ද්‍රව්‍යයකිසියම් පිරිසක් රැගෙනවිත් සඟවන්නට ඇති බවට සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන නාවලපිටිය පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරීහු සැකකරති.
සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
අනුරාධපුර වෛද්‍යවරිය දුෂණයට ලක් කළ සැකකරු මීට සුළු වේලාවකට පෙර ගල්නෑවේ දී අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.
පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ
උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.
රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
කොත්මලාඔය ඉවුරේ ගල්බෙනයකින් පුපුරණ ද්‍රව්‍ය රැසක් සොයාගනී
SANJEEWA Tuesday, 07 July 2020 02:25 PM
ඡන්දෙ නැගිටින කොට කොටි නැගිටිනවා. රාජපක්ෂ ලොජික්...
samare Tuesday, 07 July 2020 02:35 PM
ඡන්ද කාලේදී දාන මේ සංදර්ශනවලට ලංකාවේ මිනිස්සු දැන් අහුවෙන්නේ නැත...!!! ඔය පුපුරන ද්‍රව්‍ය සොයාගත් තරුණයින් කියන අයට කීයක් දුන්නද? ඕවා ඔතන තියලා පසුව පොලිසියට කෝල් කරන්න. ලැජ්ජයි මහින්ද ...මේ පාර ඔහේගේ ආගමනයක් නැත.
Pinaa Tuesday, 07 July 2020 03:51 PM
අයියෝ මෙව්වා යල් පැනගිය නාඩගම්... චන්දයක් කිට්ටු වෙද්දී සිදුවෙන... දුක මිනිස්සු තවමත් මේවට රැවටේනවනේ
janahitha Thursday, 09 July 2020 08:56 AM
පල්ලිවලට බෝම්බ ගහන්න පෙරත් ලැබුණු තොරතුරුවලට ඔහේලා ඔහොම තමයි කිව්වේ... අන්තිමට කෑවා. දේශපාලනය වඩා අගයන මිනිස්සු ඡන්දෙ ගන්න බෝම්බ එකතු කරලා නම් බැහැ... ඒක ඇත්ත.
fairoos Wednesday, 08 July 2020 08:01 AM
යහපාලනය කාලේ බුද්ධි අංශය නැහැ... දැන් සර් ඇවිල්ලා බලන්න ඔක්කොම අහුවෙනවා...
සරත් Wednesday, 08 July 2020 08:07 AM
එක දිගට පලවෙන, මේවාගේ පුවත් දකිනකොට අපට සිතෙන්නේම මේවා ප්ලෑන් කරලා කරන වැඩ කියලාමයි..
janahitha Thursday, 09 July 2020 08:59 AM
අප්‍රේල් මාසයේ ප්‍රහාරයත් එහෙම තමයි වුණේ... සිංහලයින්ට පහර දෙන එක ඉතාම පහසුයි. ඔවුන් දේශපාලනය තමන් අදහන ආගමට වඩා අගය කරන අන්ධ භක්තිකයින් නිසා..
දර්ශන හෙට්ටිආරච්චි - ලන්ඩන් Wednesday, 08 July 2020 11:58 AM
නාවලපිටියෙන් හමුවුනා නම් බඩුම තමා. යාලුවා මේවට බොහොම දක්ෂයි. පාර්ලිමේන්තුවේ රණේට මිරිස්කුඩු දුන්නෙත් මෙයානේ..