IMG-LOGO

2025 මාර්තු මස 16 වන ඉරිදා


කොත්මලාඔය ඉවුරේ ගල්බෙනයකින් පුපුරණ ද්‍රව්‍ය රැසක් සොයාගනී

(රංජිත් රාජපක්ෂ)
                       
නාවලපිටිය පොලිස් වසමට අයත් මාවතුර දඹගල්ල ප්‍රදේශයේ කොත්මලාඔයේ ඉවුරේ ගල් බෙනයක  තිබී පුපුරන ද්‍රව්‍ය රැසක් සොයාගත් බව නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.එච්.පි.කළුගම්පිටිය මහතා පැවසීය.
 
කොත්මලා ඔයේ දියනෑමට ගිය තරුණයන් පිරිසක් ගල් බෙනයේ වූ පුපුරන ද්‍රව්‍ය දැක ඒ බව නාවලපිටිය පොලිසියට දැනුම්දී ඇත.
 
ගල් බෙනයේ තිබී ඩෙටනේටර් 99 ක්, සි 4 වර්ගයේ පුපුරන ද්‍රව්‍යය කිලෝ 1 කට ආසන්න ප්‍රමාණයක් සහ යුද හමුදාව විසින් උත්සව අවස්ථාවල භාවිත කරනු ලබන දුම්බෝම්බ 8ක්ද  සොයාගත් බව පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේය.
 
ඩෙටනේටර් 99,  මහනුවර පොලිස් විශේෂ කාර්යය බලකා කඳවුරේ නිලධාරීන් විසින් ආරක්ෂිත හේතු මත එම ස්ථානයේදී ම පුපුරවා විනාශ කර ඇත. සි 4 වර්ගයේ පුපුරන ද්‍රව්‍ය සහ දුම්බෝම්බ වැඩිදුර පරීක්ෂණ සඳහා නාවලපිටිය පොලිසියට භාර දී ඇත.
 
ගල් බෙනයේ තිබූ පුපුරන ද්‍රව්‍යයකිසියම් පිරිසක් රැගෙනවිත් සඟවන්නට ඇති බවට සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන නාවලපිටිය පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරීහු සැකකරති.
 
සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 



අදහස් (8)

කොත්මලාඔය ඉවුරේ ගල්බෙනයකින් පුපුරණ ද්‍රව්‍ය රැසක් සොයාගනී

SANJEEWA Tuesday, 07 July 2020 02:25 PM

ඡන්දෙ නැගිටින කොට කොටි නැගිටිනවා. රාජපක්ෂ ලොජික්...

:       116       353

samare Tuesday, 07 July 2020 02:35 PM

ඡන්ද කාලේදී දාන මේ සංදර්ශනවලට ලංකාවේ මිනිස්සු දැන් අහුවෙන්නේ නැත...!!! ඔය පුපුරන ද්‍රව්‍ය සොයාගත් තරුණයින් කියන අයට කීයක් දුන්නද? ඕවා ඔතන තියලා පසුව පොලිසියට කෝල් කරන්න. ලැජ්ජයි මහින්ද ...මේ පාර ඔහේගේ ආගමනයක් නැත.

:       166       252

Pinaa Tuesday, 07 July 2020 03:51 PM

අයියෝ මෙව්වා යල් පැනගිය නාඩගම්... චන්දයක් කිට්ටු වෙද්දී සිදුවෙන... දුක මිනිස්සු තවමත් මේවට රැවටේනවනේ

:       141       205

janahitha Thursday, 09 July 2020 08:56 AM

පල්ලිවලට බෝම්බ ගහන්න පෙරත් ලැබුණු තොරතුරුවලට ඔහේලා ඔහොම තමයි කිව්වේ... අන්තිමට කෑවා. දේශපාලනය වඩා අගයන මිනිස්සු ඡන්දෙ ගන්න බෝම්බ එකතු කරලා නම් බැහැ... ඒක ඇත්ත.

:       0       0

fairoos Wednesday, 08 July 2020 08:01 AM

යහපාලනය කාලේ බුද්ධි අංශය නැහැ... දැන් සර් ඇවිල්ලා බලන්න ඔක්කොම අහුවෙනවා...

:       0       32

සරත් Wednesday, 08 July 2020 08:07 AM

එක දිගට පලවෙන, මේවාගේ පුවත් දකිනකොට අපට සිතෙන්නේම මේවා ප්ලෑන් කරලා කරන වැඩ කියලාමයි..

:       95       124

janahitha Thursday, 09 July 2020 08:59 AM

අප්‍රේල් මාසයේ ප්‍රහාරයත් එහෙම තමයි වුණේ... සිංහලයින්ට පහර දෙන එක ඉතාම පහසුයි. ඔවුන් දේශපාලනය තමන් අදහන ආගමට වඩා අගය කරන අන්ධ භක්තිකයින් නිසා..

:       0       0

දර්ශන හෙට්ටිආරච්චි - ලන්ඩන් Wednesday, 08 July 2020 11:58 AM

නාවලපිටියෙන් හමුවුනා නම් බඩුම තමා. යාලුවා මේවට බොහොම දක්ෂයි. පාර්ලිමේන්තුවේ රණේට මිරිස්කුඩු දුන්නෙත් මෙයානේ..

:       54       158

ඔබේ අදහස් එවන්න

 

දියත

ඥාතී සහෝදරයෝ ඝාතනයට සිව් දෙනෙක් අල්ලති
2025 මාර්තු මස 15 791 0

ගෑන්ඩ්පාස් කැලණිතිස්සගම දුම්රිය මාර්ගයේදී අද (15) ඥාති සහෝදරයන් දෙදෙනෙකු තියුණු ආයුධ වලින් කපා කොටා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් පුද්ගලයන් සිව් ද


කුඩු අල්ලන්න ගිය පී.සීට වෙලේ සුදාගේ සහෝදරයාගෙන් පිහි පහර
2025 මාර්තු මස 15 1013 0

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටින වෙළේ සුදාගේ සහෝදරයා බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරු පොලිස් කොස්තාපල්වරයකුට තියුණු ආ


අපුර රෝහලේ ආරක්ෂාව ගැන බලන්න ත්‍රිපුද්ගල කමිටුවක්
2025 මාර්තු මස 15 823 4

අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය සඳහා නිසි ආරක්ෂාව සහ පහසුකම් සැපයීම පිළිබඳ විමර්ශනය කර වාර්තාවක් සැපයීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේක


ජීඑස්පී ප්ලස් කණ්ඩායම අප්‍රේල් දිවයිනට
2025 මාර්තු මස 15 725 0

පොදු වරණීය බදු පහසුකම නොහොත් ජීඑස්පී ප්ලස් සමාලෝචනය කිරීමට එහි කණ්ඩායමක් අප්‍රේල් මාසයේදී ලංකාවට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පා


මන්ත්‍රීවරු කෑමට පස්ස ගහලා
2025 මාර්තු මස 15 6248 6

දෛනික ආහාර මිල රුපියල් දෙදහසක් දක්වා වැඩි කිරීමෙන් පසු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ භෝජනාගාරයෙන් ආහාර ගැනීම යම් මට්ටමකට අඩු වී ඇතැයි වාර්තාවේ.


සේදවත්තේ දෙදෙනකු කපා කොටා ඝාතනය කරලා
2025 මාර්තු මස 15 1264 1

පුද්ගලයන් දෙපිරිසක් ඇතුව ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් පුද්ගලයන් දෙදෙනෙකු කපා කොටා ඝාතනය කර ඇති බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 290 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 677 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 276 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site