IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


කෘතිම වැසි ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවයි

( රංජිත් රාජපක්ෂ)                                                                          
 
කාසල්රී සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවල කෘතිම වැසි ඇති කිරිමේ නියමු ව්‍යපෘතිය තාවකාලිකව නතර කළ බව ලංකා විදුලි බල මණ්ඩලයේ උසස් නිලධාරියෙකු පැවසිය.
 
කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට ඉහළ  අහසේ වලාකුළු සහ ජල වාෂ්ප නොමැති නිසා කෘතිම වැසි ඇති කිරිමේ ව්‍යපෘතිය තාවකාලිකව නතර කළ බව  විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.
 
කෘතිම වැසි ඇති කිරිමේ ව්‍යපෘතිය කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවල ඉකුත් 22 සහ 23 යන දෙදින තුළ  ගුවන් හමුදාව විසින් සාර්ථකව සිදු කරනු ලැබුහ.
 
මවුස්සාකැලේ ජලාශයේ ජල ධාරිතාව අද වන විට පිටාර මට්ටමේ සිට අඩි 62.6 දක්වා පහල බැස ඇති අතර එහි දැනට තිබෙන ජල ධාරිතාවෙන් අඩි 6 පමණක් විදුලි උත්පාදනයට ජලය  ලබා ගත හැකි බවත්, කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 48 දක්වා පහළ  බැස ඇති බවත්, එහි දැනට තිබෙන ජල ධාරිතාවෙන් අඩි 10 පමණක් විදුලි උත්පාදනය සදහා ලබා ගත හැකි බව විදුලි බල මණ්ඩලය පවසයි.
 
 මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ට්ම සිඝ්‍රයෙන් පහල බැසිම නිසා  එම ජලාශයේ ඉදි කිරිමේදි යට වු ශ්‍රි සම්මුගනාදන් හින්දු ඝන දෙවි කෝවිලේ පුජා කටයුතු ප්‍රදේශවාසින් විසින් දිනපතා සිදු කරන අතර 1917 දි ඉදි කරන ලද එම කෝවිල සම්පුර්ණයෙන්ම කළු ගලෙන් ඉදි කර ඇත.
 
 එම හින්දු කොවිලේ අලංකාරය සදහා කුළුණු වල ගල් කැටයම් සිදු කර ඇති අතර එම ගල් කැටයම් තවදුරටත් ආරක්ෂිතව පවති.
 
මේ අතර කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහල බැසි නිසා 1979 වර්ෂයේ  කොත්මලේ ජලාශය ඉදි කිරිමේ දි ජලාශයට යට වු කඩදොර රජ මහ විහාරය සහ තිස්පනේ විහාරය මේ වන විට මතු වෙමින් පවති. එම ජලාශයේ  34% ජල ධාරිතාවක් පවතින බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පවසයි.

 



අදහස් (12)

කෘතිම වැසි ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවයි

චමින්ද Tuesday, 26 March 2019 11:16 AM

ඉහළ අහසේ ජලවාෂ්ප හා වැහි වලාකුලු නොමැති නිසා කෘතිම වැසි ව්‍යාපෘතිය නවතා ඇත. සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉහල අධ්‍යාපනයක් නොලත් මට අහසේ වැහි වලා සහ ජලවාෂ්ප නොමැති වීමට හේතු ලෙස පෙනෙන්නේ වනාන්තර එළිපෙහෙලි කිරීමත් භූමිය ගස්වැල් වලින් තොරකිරීමත් කියල හිතෙනවා. මම අධිවේගී මාර්ග සඳහා අකමැති නැතත් ඒවායින් භූමිය ගස්වැල් වලින් තොරව වියලී යන බවක් පේනවා.අධික හිරු රැසින් භූමිය (අධිවේගී මාර්ග හා මහා මාර්ග)රත්වීමෙන් අහසේ තිබෙන ජලවාෂ්ප තවතවත් ඉහලට ගමන් කරනවා. දුම්රිය මාර්ග ඇතිකලොත් මෙවැනිදේ නොවේවි කියලත් හිතෙනවා.

:       204       415

kuleTuesday, 26 March 2019 12:58 PM

හිතවත, අධිවේගී මාර්ග ලංකාවට වඩා පිටරටවල් වල තිබෙනවා එහි ගමන්කරන වාහනද අපේ අධිවේගී මාර්ගවල ගමන්කරන වාහනලට වඩා බොහෝ වැඩයි වැඩිවෙන ජනගහනය අනුව ඉදිවෙන යටිතල පහසුකම් අනුව පරිසරහානියක් සිදුවෙනවා තමයි.එම ප්‍රමාණය අවම කිරීමට තමයි උනන්දුවිය යුත්තේ මේ කාලගුණ විපර්යාසය ලෝකෙටම බලපානවා අපේ රටෙනම් තුරු ලතා විශාල ලෙස කපා විනාශකිරීමෙන් මේ ව්‍යසනය ඇතිවෙලා තියෙන්නේ අද වනසන්හාරය ඉතා ප්‍රබලව සිදුවෙනවා නීතිය දුර්වලයි. දඩුවම් දෙන්නේ සුලු වශයෙනුයි රජයට සම්බන්ද බලවතුනුත් මර බලය ඇති බලවතුනුත් වන විනාශය සිදුකරනකොට මෙයට වඩා දරුණු ව්‍යසනයන් ස්වභාවික ව්පත් ඉදිරියේදී ඇති වීමට පුළුවන් වගකිවයුත්තන්ගේ නිහැඩියාවෙන් ඒ ව්‍යසනයන් ඉක්මන් වීමටත් පුළුවන්.

:       0       9

weerakoonTuesday, 26 March 2019 01:32 PM

නැවතත් අපි ගල් යුගයට යමු... අල බතල කමු. ලයිට් එපා. පහට නිදා ගමු..... එවිට ඔබ කියන දේ නිවැරදි කල හැකිය.

:       0       14

chandimaTuesday, 26 March 2019 04:50 PM

වැඩක් නැහැ මල්ලියේ ඔයා සාමාන්‍ය පෙළ දක්වා ගිහින් ඔයටික තෙරුම්ගත්තට, අර පාර්ලිමේන්තුවේ ඉන්න චීන උෟරෝ වැඩි දෙනෙක් අටේ පන්තියට විතරයි ගිහින් තියෙන්නේ. ඒ යන කාලෙත් කසිප්පු පෙරාපු හොරපොල් කඩපු උන් තමයි ඉන්නේ...

:       0       53

සමන් ඔස්ට්‍රලියා Wednesday, 27 March 2019 08:51 PM

හරියට හරි චමින්ද මල්ලි . දැනුම තියෙන්නේ උපාදි වල නෙවෙයි . සකස් කඩ නොකී කට උගේ කට හුබස් කට කිව්වලු මේ ටියුෂන් අධ්‍යායාපනය නිසා හුගක් අයට පොතේ දැනුමත් සීමිතයි. මම අහගෙනයි අපේ විදුලි ඇමති කියනවා ලයිට් දෙකක් නිවන්න කියලා. දැන් හුගක් පාවිච්චි වෙන් ලයිට් වලට යන්නේ වොට් 5- 10. නමුත් රීමොට් එකෙන් ඔෆ් කල උපකරණයක් වොට් 10- 20 මුළු දවසෙම ගන්නවා. පොන් චාජර් දවසෙම ගහල තියෙනවා ඒවා වොට් 5- 10 ගන්නවා

:       0       50

d.upul Tuesday, 26 March 2019 11:40 AM

මේවා තමයි ශාප....

:       0       0

SAMPATH Tuesday, 26 March 2019 12:11 PM

සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවෙක් නැහැ.

:       0       0

du Tuesday, 26 March 2019 01:51 PM

පූර්ව අධ්‍යයනවලින් තොරවද මෙවැනි දේ කිරීම් අරඹන්නේ?

:       0       0

saman Wednesday, 27 March 2019 04:28 AM

මමත් ආදීවේගී මාර්ග වලට කැමති වගේම සිදුවෙන පරිසර හානිය නිසා එයට කොහෙත්ම කැමති නැත......

:       0       3

vipula Wednesday, 27 March 2019 06:20 AM

අද ලංකාවේ හැම තැනකම සිමෙන්ති වලින් හැදු පොඩි ගල් වලින් පොලොව වහගෙන යනවා. මිනිස්සු තේරුම් ගන්න ඕනේ පොලොව වහගෙන ජීවත් වෙන්න බැහැ

:       0       12

chaminda Wednesday, 27 March 2019 09:00 AM

රෑට රෑට කව්ද අහසට ෆ්ලෑෂ් ලයිට් හතරක් පහක් ගහනවා, මේවයින් වලාකුළු විසිරිලා වැස්ස නැති වෙනවා කියල තම කියවෙන්නේ, මේ දේවල් කාගේ උවමනාවට කවුරු කරනවා ද කියල හිත ගන්න අමාරුයි

:       3       0

DMS Friday, 29 March 2019 01:09 PM

කාලගුණ විපර්යාසවලට කාටවත් දොස් කියන්නවත් ඒවා වෙනස් කරන්නවත් කාටවත් බෑ. මිහිකත උණුසුම් වීම ප්‍රධාන හේතුව වන අතර මෙය වැළැක්වීමට දැනටමත් බොහෝ දේ සිදුවෙනවා. ගැටලුව මේ සියලු දේ දන්නා අනෙක් රටවල් විකල්පවලට හෝ තිබෙන විදුලිය නිෂ්පාදන ක්‍රම වැඩි දියුණුකර විදුලිය නොනවත්වා සපයනවා. ජල විදුලිය මත පමණක් බලාපොරොත්තු තබා ගැනීම අවදානම්. අපි සැවොම මිහිතලය උණුසුම් වීම නැවත්වීමට කටයුතු කරන අතරම නියඟයකදී විකල්ප සඳහා යා යුතු වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 14 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 38 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 245 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 112 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 330 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


නාමල් රාජපක්ෂට සිතාසි
2025 පෙබරවාරි මස 05 534 2

රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 742 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site