(ඩයනා උදයංගනී)
කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාල පනතෙහි කළ යුතු සංශෝධන ඇත්නම් ඒ සියලු සංශෝධන ගෙනඒමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පොරොන්දු වූ බව සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අද (3) පැවසීය.
ආණ්ඩු පක්‍ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව ද ඇමතිවරයා සඳහන් කළේය.
මෙම පනත හා සම්බන්ධ සියලු මතවාදවලට ප්‍රජාතන්ත්‍රවාදය හා මහජන මතය ගරු කරන ආණ්ඩුවක් ලෙස ඇහුම්කන් දෙන බව ද ඇමතිවරයා කීවේය.
ඇමති රමේෂ් පතිරණ මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (3) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කොතලාවල පනතට හවුල්කාර පක්ෂවල සහය ගැනීමේ වැඩපිළිවෙලක් තිබෙනවාද? යනුවෙන් මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලය 2007 වසරේ පිහිටවූ එකක් බව කී ඇමතිවරයා ඊට අදාළව ඇති පනත් කෙටුම්පත් සියල්ල එක්කර එක් පනතක් කිරීම මෙම නව පනත මගින් සිදුවන බවත් ඒ ගැන ඉතා ඵලදායී හා විධිමත් සාකච්ඡාවක් සිදුවන බවත් ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයට බාධාවක් නොවන ලෙස මෙම පනත සම්මත කිරීමට අප රජයක් ලෙස වගබලාගන්නා බව ද රමේෂ් පතිරණ මහතා පැවසීය.
පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ
උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.
රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න
මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියට පෙර ලබාදුන් අනුමැතීන්ට අනුව කටයුතු කිරීමට රජය කැමැත්තෙන් පසුවන්නේ නම් නැවතත් මෙගා වොට් 484 ක පුනර්ජනනීය බලශක්
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
කොතලාවල පනතට සංශෝධන ගේන්න ජනපති සූදානම්
මුණසිංහ Tuesday, 03 August 2021 04:00 PM
නම්‍යශීලී බව හොඳ ප්‍රවණතාවක්. එකම UGC එකක් යටතට මෙයත් එක්කර ගන්න...
විපුල Tuesday, 03 August 2021 04:57 PM
නිදහස අද්‍යාපනය වෙනුවෙන් බොහෝ දේ කල රිචට් පතිරණ මැතිතුමා ට ඔයා කරමින් ඉන්නේ ලොකු අපහාසයක්
Bamunuarachchi Tuesday, 03 August 2021 07:19 PM
සංසෝදන ගෙනෙන්න එපා. ඔය තියන විදිහ හොදයී . ජෙප්පෝ බලන්නේ උන්ට ඔලුව දාගන්න පුලුවන්ද කියලා.
Bamunuarachchi Tuesday, 03 August 2021 07:20 PM
සංසෝදන ඉල්ලන්න ඕනේ දරුවන් ඇතුලත් කිරීමට බලාපොරොත්තුවෙන දෙමාපියන්. නොමිලේ ඉගෙනගන්න අයට මේ පනත අදාළ නැහැ.