(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත ඇතුළු පනත් කෙටුම්පත් හතරක් සහ කොරෝනා මර්දන කටයුතු වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට මුදල් ප්‍රතිපාදන වෙන් කෙරෙන පරිපූරක ඇස්තමේන්තුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට මේ සතියේ ඉදිරිපත් කෙරේ.
පාර්ලිමේන්තුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (3) පෙරවරු 10.00 ට රැස්වීමට නියමිතය.
පාර්ලිමේන්තු රැස්වීම් හෙට (3) සිට ලබන 6 වැනිදා සිකුරාදා දක්වා දින හතරක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව මෙයට ඉහතදී තීරණය කළේය.
පාර්ලිමේන්තුවේදී අද පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ 2020 වසර සදහා වන වාර්ෂික වාර්තාව පිළිබඳ විවාදයයි. සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් ලෙස මෙය පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වෙනු ඇත.
ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත සහ සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත් කෙටුම්පත අනිද්දා (4) පෙරවරු 11.00 සිට පස්වරු 4:30 දක්වා විවාදයට ගැනීමට නියමිතය.
එන් අනතුරුව සභාව කල් කල් තබන අවස්ථාවේ විවාදය පස්වරු 4:30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වේ.
ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත් කෙටුම්පත සහ ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේවන නියමයන් සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ 2021 වර්ෂය සඳහා වන පරිපූරක ඇස්තමේන්තුව 5 දා පෙරවරු 11 සිට පස්වරු 4.30 දක්වා විවාදයට ගැනීමට නියමිතය.
එමෙන්ම සභාව කල් තබන අවස්ථාවේ විවාදය එදින පස්වරු 4:30 සිට පස්වරු 5.30 දක්වා පවත්වන බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසයි.
ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත සහ ආගාමික හා විගාමික පනත යටතේ වන නියෝග ලබන 6 වැනිදා 11.00 සිට පස්වරු 4.30දක්වා විවාදය ගැනීමට නියමිතය.
එදින සභාව කල්තබන අවස්ථාවේ විවාදය පස්වරු 4:30 සිට පස්වරු 5:30 දක්වා පැවැත්වේ.
පාර්ලිමේන්තුව පැවැත්වෙන දින හතරේදීම පෙරවරු 10.00 සිට 11.00 දක්වා කාලය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කරනු ලැබ ඇත .
දූවා දරුවන් සමග පදිංචි වීමට ලෝකයේ සුදුසුම රටවල් 10 අතර පළමු ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.
මේ වසරේදී එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරුනට සුවිශේෂී වැඩ කොටසක් පැවරෙන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ආසන සංවිධායකවර
යුද හමුදාවේ සේවයෙන් පැන මහනුවර විවිධ පොලිස් වසම් තුළ රැඳී සිටිමින් විවිධ රැකියාවන්හී යෙදී සිටි හමුදා භටයන් විස්සක් අත්අඩංගුවට ගෙන යුද හමුදා පොලීසියට
කොළඹ මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව තරඟ කිරීම සඳහා සමගි ජන බලවේගයට ලබන 20 වැනිදා තෙක් කල් ලබා දීමට එජාපය තීරණය කර තිබේ.
වෛද්‍යවරියකට ලිංගික හිංසන සිදුවූ අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෙයට පෙරද යම් යම් අපරාධ ක්‍රියා සිදුවී තිබුණද රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ඒවා මැඩ පැවැත්වීම
ජනාධිපති අනුර කුමාර දිසානානයක මහතා සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (12) පැවැත්විණි.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
කොතලාවල පනත ඇතුළු පනත් 4ක් මේ සතියේ විවාදයට
Athula Monday, 02 August 2021 02:59 PM
මේ තක්කඩිකමට අත උස්සලා නම් එන්න එපා...
jagathMonday, 02 August 2021 04:12 PM
එහෙම කරලා ආවත් ඉතින් මොනවා කරන්නද?