(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන අගෝස්තු මස 6 වැනිදා පෙරවරු 11.00 සිට පස්වරු 4:30 දක්වා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.
එම විවාදය ලබන 6 වැනිදා පැවැත්වෙන්නේ දෙවෙනි දිනයටය. විවාදය පළමුවරට පැවැත්වුණේ පසුගිය 9වැනිදා සිකුරාදාය.
එම පනත් කෙටුම්පත ආරක්ෂක කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සලකා බැලීමෙන් අනතුරුව විවාදයට ගැනීමටද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව වැඩිදුරටත් තීරණය කර ඇත.
මේ අතර පාර්ලිමේන්තුව ලබන මස මුල් සතියේ දින හතරක් රැස්වීමටද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය .
මේ අනුව පාර්ලිමේන්තු රැස්වීම් අගෝස්තු මස 3 වැනිදා සිට 6 වෙනිදා දක්වා පැවැත්වෙනු ඇත.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඉකුත් 19 වැනිදා රැස් විය .
ශ්‍රී ලංකා මහ බැංකුවේ 2020 වසර සදහා වන වාර්ෂික වාර්තාව පිළිබඳ විවාදය ලබන මස 3 වැනිදා පැවැත්වෙන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය .
එම විවාදය සභාව කල් කල්තබන අවස්ථාවේ විවාදයක් ලෙස එදින පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වෙනු ඇත.
ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත සහ සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අගෝස්තු මස 4 වෙනිදා පෙරවරුවේ 12.00සිට පස්වරු 4:30 දක්වා පැවැත්වීමට නියමිතය.
මෙයට අමතරව සභාව කල්තබන අවස්ථාවේ විවාදයක්ද එදින පස්වරු 4:30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියමිත බව මහ ලේකම්වරයා කීය.
ඉන්පසු අගෝස්තු 05 වැනිදා පෙරවරු 11.00 සිට පස්වරු 4:30 දක්වා ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත් කෙටුම්පත සහ ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ වන නියමයන් සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ 2021 වර්ෂය සඳහා වන පරිපූරක ඇස්තමේන්තුව විවාදයට ගැනීමට නියමිතය.
සභාව කල් කල් තබන අවස්ථාවේ විවාදයක් ඉන්පසු එදින පස්වරු 4:30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වෙනු ඇත.
ආගාමික හා විගාමික පනත යටතේ වන නියෝග අගෝස්තු මස 6 වැනිදා විවාදයට ගැනීමට නියමිතය .
කල්තබන අවස්ථාවේ විවාදයක්ද එදින පස්වරු 4:30 සිට පස්වරු 5:30 දක්වා
මේ අතර පාර්ලිමේන්තුව පැවැත්වෙන දින හතරේම පෙරවරු 10.00 සිට 11.00 දක්වාවූ කාලය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇතැයි පාර්ලිමේන්තු මහලේකම්වරයා වැඩිදුරටත් කීය .
ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් එළැඹෙන 20 වැනිදා දිවුරුම් දීමට නියමිතව තිබියදී ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ බිරිඳ වන සුරූපී මෙලනියා ට්‍ර
තෙල්දෙණිය සිට මහනුවර බලා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් පාලනය කර ගැනීමට නොහැකිව කඩුගන්නාව ප්‍රදේශයේදී අඹ ගසක හැපී සිදුවූූ අනතුරක
පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වී මෙතෙක් අදායම් වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයින්ගේ ලැයිස්තු අද හෙටම පොලිසියට ලබා දීමට මැතිවරණ කොමිෂන් සභා
ලබන ජනවාරි මාසයේ මැද තමා චීනයේ සංචාරයක යෙදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
හැටන් සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද (21) මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් තිදෙනකු මිය ගොස් ඇති බව හැටන් පොලිසිය පවසය
හිටපු ඇමතිවරුන් 15 දෙනකු පසුගිය කාලයේදී විවිධ සංචාර සහ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ ගුවන් යානා යොදාගෙන තිබූ බව ශ්‍රී ලංකා ග
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
කොතලාවල සරසවි පනත ලබන 6 වැනිදා විවාදයට