IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


කාදිනල්තුමෝ ශ්‍රේෂ්ඨාධිකරණයට

(තිළිණි  ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

මුතුරාජවෙල තෙත් බිම්වලට අයත් මීගමුව, වත්තල සහ ජා ඇළ ප්‍රදේශවලට අයත් ඉඩම් අක්කර 3,000කට අධික ප්‍රමාණයක් ගැසට් නිවේදනයක් මගින් නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරා ගැනීමට ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර ඇත.

 අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, නාගරික සංවර්ධන  රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර,  නාගරික සංවර්ධන අධිකාරිය, එහි සභාපතිවරයා, මධ්‍යම පරිසර අධිකාරිය, වත්තල, මීගමුව සහ ජා ඇළ ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කරනු ලැබ සිටිති.

කාදිනල්තුමන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ රිට් පෙත්සමෙන් පෙන්වා දී ඇත්තේ  ඉකුත් ඔක්තෝම්බර් මස 07 වනදා නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් මගින් මුතුරාජවෙල තෙත්බිම් ප්‍රදේශවලට අයත් වන අත්කර 3,000කට අධික බිම් ප්‍රමාණයක් නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරා ගැනීමට තීරණය කර ඇති බවය.

මේ හේතුවෙන් අදාළ ප්‍රදේශයේ පදිංචි ජනතාවගේ ජීවනෝපායට දැඩි බලපෑම් එල්ල වන බවත් ,  ඔවුන්ගේ පදිංචියටද දැඩි අභියෝගයට ලක්වන බව කාදිනල්තුමන් සිය පෙත්සමෙන් කියා සිටිති.

ඒ අනුව අදාළ භූමි ප්‍රමාණය නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරා ගැනීමට ගෙන ඇති තීරණය අඩංගු ගැසට් නිවේදනය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන්නැයි කාදිනල්තුමන්  පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.

 



අදහස් (18)

කාදිනල්තුමෝ ශ්‍රේෂ්ඨාධිකරණයට

aka Saturday, 06 November 2021 06:12 PM

මහජනතාවගේ ජීවනෝපායට දැඩි බලපෑම් එල්ල වෙනවා කියන්නේ හොරෙන් ගෙවල් හදන් ඉන්න අයට යන්න වෙනවා කියන එකද?

:       72       170

SanthikaranSaturday, 06 November 2021 10:41 PM

ජීවනෝපාය හොර කරවල වාඩි සහ ඉස්සො කො‍ටු. දුප්පත් මිනිස්සු නෙමේ කෝටිපතියන්, යන්නේ ප්‍රාඩෝ වලින්. මේක අද ඊයේ නෙමේ... දැන් අවුරුදු 20ක් 30ක් ඉඳල වෙන දෙයක්. අද වෙනකොට මුතුරාජවෙල කියන්නෙ තනිකර ජාවාරම් කාරයින්ගේ ‍තෝතැන්නක්...

:       0       0

somepalaSunday, 07 November 2021 04:11 AM

පක්ෂවලට බෙදුනු අං, වලිග නැති ගොන් පරපුරක ලින් මැඩියෙක්.

:       0       0

Suren FernandoSunday, 07 November 2021 10:18 AM

අන්න ඒකයි. මුතුරාජවෙල අමුතුවෙන් ආණ්ඩුවට ගොඩ කරන්න ඕන නෑ. මෙයාලගේ කට්ටිය ඒක දැනටමත් කරලා තියෙන්නේ... අනවසර ඉදිකිරීම් ඉවත් කරන්න විතරයි තියෙන්නේ...

:       0       0

Jude Saturday, 06 November 2021 06:47 PM

මුතුරාජවෙල විනාශ වීම මහ අපරාධයක්. ඒත් ඔය විරෝධතා වලින් වෙන්නේ ආණ්ඩුවේ සංවර්ධන කටයුතු නැවතිලා, වෙන වෙන ව්‍යාපාරිකයින් හිමීට ඕක ගොඩ කර ගන්න එක. ඕක කොහොමත් තව අවුරුදු 6ක් විතර යනකොට නැති වෙලාම යයි. දැනටත් හොර ව්‍යාපාරිකයො රෑට රෑට ඕක ගොඩ දානවා.

:       0       0

Ahmed Saturday, 06 November 2021 06:51 PM

ඕක ගොඩකරලා පල්ලි හැදුවාට කමක් නැද්ද මහත්තයෝ?. ඔය මහත්තුරු පොඩ්ඩක් මැප් එකේ බලන්නකො මුතුරාජවෙල ගොඩකරලා ගම්මාන හදාගෙන එන හැටි. ඒ ගම්මානවල රක්ෂිතය ආසන්නයේම තියෙන්නේ පල්ලි තමයි. එහෙනං ඒවත් හොඳ නෑ නේද?

:       70       149

ඇත්තටම පරිසරය බේරන්න නම්Saturday, 06 November 2021 10:34 PM

නිල්සිරිගම පොඩ්ඩක් බලන්න. තනිකරම වෙල මැද විශාල ජනපදයක්. මෙයාලා මේ හදන්නේ පරිසරය බේරගන්න නෙමේ, මෙයාලගේ දායක සභාවේ හොර බිස්නස් ටික බේරලා දෙන්න. හැමෝම තම තමන්ගේ පෞද්ගලික න්‍යායපත්‍ර වලට ගියොත් රට බේරගන්න හරිම අමාරු වෙනවා. එක්කො රජයටයි, හොර ගොඩකරන්නන්, ඉස්සොකො‍ටු කාරයන්ටයි දෙගොල්ලොන්ටම විරුද්ධ වෙන්න ඕනෑ. නැත්තන් රජයට සංවර්ධන කාර්යක් කරන්න දෙන්න ඕනෑ. ඒකෙන් අඩු ගානේ රටේ හැමෝටම සේවයක් වෙයි.

:       0       0

TiranSunday, 07 November 2021 07:37 AM

සැටලයිට් වීව් එකෙන් මැප් එක බැලුවම මුතුරාජවෙලක් කියල එකක් ඇත්තටම නෑ වගේ. බිල්ඩින් සෙට් එකක්, කුණු කඳු විතරනෙ තියෙන්නෙ. කට්ටිය හොඳටම පදිංචි වෙලා වගේ තියෙන්නෙ.

:       0       0

Peter Saturday, 06 November 2021 07:04 PM

ඕක රජය ගොඩ නොකරාට ඔයාලගේ අය තමයි ඕක ගොඩ කරන්නේ. එයාලා ඉස්සෙල්ලාම ඔය වෙල මැද්දේ පල්ලියක් අටවලා ඔයාලට බාර දෙනවා. ඊට පස්සේ ඔයාලා සද්ද නැතුව ඉන්නවා. එයාලා රෑට ගොඩකරනවා. හරිම සරලයි. අපි නොදන්න මොනරතැන්න....

:       71       120

Saman Saturday, 06 November 2021 08:00 PM

කාදිනල්තුමත් ඕනවට වැඩියි

:       0       0

බද්රානි Sunday, 07 November 2021 01:40 AM

කාදිනල් තුමෙනී, විනාශයේ අභිමුඛයේ සිටින ජාතියක් බේරාගන්නද මේ දඟලන්නේ? මේ ප්‍රදේශය විනාශ කිරීමේ බලපෑම කතෝලිකයින්ට පමණක් සිදුවේ යයි ඔබ තුමා විශ්වාස කරනවද? සමස්ත ජාතියේ අවසානය තමයි මේ. මනුස්සයින් විනාශ කිරීමට ප්‍රථම ඔවුන්ව දෙවියන් විසින් පිස්සන් කරන බව වත් අසා නැද්ද? තේරුමක්, පලක් නොමැති දෙයකට ඇයි වෙහෙසෙන්නේ? "ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලලා පලක් තියෙයිද" යක්ෂයින්ගේ පරම්පරාවෙන්ද ඔබ තුමා මේ යුක්තිය බලාපොරොත්තු වන්නේ? අනේ මන්දා ඔබ තුමත් ඉතින් පාප මිත්‍රයින් ඇසුරෙන් නොමග ගොස් දැන් මනස්ථාප වී පසුතැවී නාහෙන් හඬන බව තමයි මට නම් හැඟෙන්නේ?

:       0       1

ප්‍රේමසිරි Sunday, 07 November 2021 06:22 AM

පලකොට ඇති අදහස් වලට විරුද්ධව ඩිස්ලයික් ගොඩයි... ඇත්තටම මෙතුමා වැඩිපුර කථා කරන්නේ එයාගේ ආගමට සම්බන්ධ ප්‍රශ්න වලදී පමණක් කියලා පසුගිය වසර දෙකක් පමණ කාලයේ සිදුවීම් වලින් පැහැදිලි වෙනවා... ඇත්තටම මේ කලාපය ගැන කවුරු හෝ සත්‍ය විස්තරයක් දෙන්න..

:       0       0

Bamunuarachchi Sunday, 07 November 2021 08:24 AM

මුතුරාජවෙල රක්ෂිතයක් නම් අදාළ ප්‍රදේශයේ පදිංචි ජනතාවගේ ජීවනෝපායට රක්ෂිතයේ මොනවද කරන්නේ කාදිනල් තුමා? එතකොට රක්ෂිතය විනාස වෙන්නේ නැද්ද? ඔහෙලා සාම්පුර් විදුලිබලාගාරය ගොඩනැගීමට විරුද්දව දාපු ජාති මෙතනටත් දමන්න එපා.

:       1       1

Roni Sunday, 07 November 2021 10:33 AM

කතෝලික සභාවේ මිනිස්සු පවුල්පිටින් වෙනත් අගම් වෙත යොමුවෙමින් සිටිනවා. කාදිනල් තුමාට එ්වාට විසඳුම් හොයන්න කාලයක් නැහැ... ජ-ඇල, මීගමුව, වත්තල පැත්තේ ඉන්න දේශපාලුවන්ගේ වැඩකොටසක් ක්‍රියාත්මක කරමින් සිටිනවා. බොහොමත්ම හොඳායි...

:       0       0

Sam Sunday, 07 November 2021 12:14 PM

ඔබ වහන්සේගෙනුත් දැන් අහන්න තියෙන්නේ ‘‘දැන් සැපද‘‘ කියලා තමයි...!!!

:       15       1

BamunuarachchiSunday, 07 November 2021 02:54 PM

ඇයි ගිය ආණ්ඩුවෙන් සැප හම්බ වුනේ...?

:       3       20

Bamunuarachchi Sunday, 07 November 2021 09:12 PM

මුතුරාජවෙල රක්ෂිතයක් නම් අදාළ ප්‍රදේශයේ පදිංචි ජනතාව රක්ෂිතයේ ජීවනෝපාය කරන්නේ කොහොමද? එතකොට රක්ෂිතයට හානිවෙන්නේ නැද්ද?

:       2       2

Deepani Kaluarachchi Sunday, 07 November 2021 10:24 PM

අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ තීරණයට මම එකඟ වුණා.. අපි අපේ මාතෘභූමිය ආරක්ෂා කළ යුත්තේ අපට පමණක් නොව අපේ අනාගත පරපුර ගැන සිතීම වඩාත් වැදගත් විය යුතුයි. ඇයි අපි අපේ ඉඩම වෙනත් විදේශ සමාගම්වලට විනාශ කරන්න දෙන්න හදන්නේ. අපි මේක නැවැත්විය යුත්තේ දේශපාලකයන්ගෙන්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

දියත

රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 445 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 144 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 156 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 617 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 207 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 652 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 774 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 745 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site