මෙරට හිටපු විදේශ අමාත්‍යවරයෙකු වන ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ ඝාතනයට සම්බන්ධ යැයි කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ජර්මානු බලධාරිහු කියති. වසර 2005 දී හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනයට සම්බන්ධ බව කියන එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජිකයකු එලෙස අත්අඩංගුවට ගෙන ඇත.ජර්මානු බලධාරීන් උපුටා දක්වමින් ඒ.පී. පුවත් සේවය ඒ බව වාර්තා කර තිබිණි.
නවනීතන් ජී නැමැති 39 හැවිරිදි එම පුද්ගලයා අත්අඩංගුවට පත්ව ඇත්තේ බටහිර ජර්මනියේ පිහිටි ඔහුගේ නිවසේදීය. ජර්මානු පොලිසිය සහ එරට බලධාරීන් ඊයේ (16) ඔහුගේ නිවස පරීක්ෂා කර තිබෙන අතර ඒ අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
ජර්මනියේ පෞද්ගලික නීති හේතුවෙන් එම පුද්ගලයාගේ වාසගම හෙළිදරවු කර නැති අතර විදෙස් ත්‍රස්ත සංවිධානයක සාමාජිකත්වය, ඝාතනය සහ ඝාතනය කිරීමට උත්සාහ කිරීම යන චෝදනා එල්ල කරමින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පුද්ගලයා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ රහස් පොලිසියේ සාමාජිකයකු ලෙස කටයුතු කර ඇති බවත් 2005 වසරේදී හිටපු විදේශ කටයුතු අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනයට කිරීමට සම්බන්ධ වී ඇති බවත් ඊ.පී.ඩී.පී.පක්ෂයේ නායක ඩග්ලස් දේවානන්දා මහතා ඝාතනය කිරීමට උත්සාහ කර ඇති බවත් ජර්මානු බලධාරිහු කියති.
මෙම සැකකරු ජර්මනියට පැමිණ ඇත්තේ කෙසේ ද යන්න පිළිබඳ නිශ්චිත තොරතුරු කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැත.
ලක්ෂ්මන් කදිරගාමර් මහතා 1994 වසරේ සිට 2001 වසර දක්වාත් 2004 වසරේ සිට ඝාතනය වන අවස්ථාව දක්වාත් මෙරට විදේශ අමාත්‍ය ධුරය හෙබවීය.
අභාවයෙන් පසු ශ්‍රී ලාංකිකයකුට පිරිනැමෙන ඉහළම ගෞරව සම්මානය වන ‘ශ්‍රී ලංකාභිමාන්‍ය’ ගෞරව නාමය ලක්ෂ්මන් කදිරගාමර් මහතාට පිරිනැමීට රජය පියවර ගත්තේය. ඒ මහතා මෙරටින් බිහි වූ විශිෂ්ටතම රාජ්‍ය තාන්ත්‍රිකයකු ලෙස පිළිගැනේ.
055
වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.
ශ්රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.
බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .
රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා
පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප
රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
කදිරගාමර්ගේ ඝාතන සැකකරුවකු ජර්මනියේදී අත්අඩංගුවට
Bamunuarachchi Friday, 18 January 2019 12:07 AM
තාම ජර්මනියේ ගෑස් කාමර තිබෙනවාද? තිබෙනවානම් ඉතින් මොනවාටද සුනංගුවෙන්නේ?
Bamunuarachchi Friday, 18 January 2019 12:13 AM
හිට්ලර් ඒකාලේ දෙමල්ලු කියා ජනවර්ගයක් ඉන්නාබව දැනගෙන සිට නැහැ. එහෙම උනානම් යුදෙව්වන්ට ඔය ඉරණම අත්වෙන්නේ නැත.
krishantha Friday, 18 January 2019 03:10 AM
ලංකාවට එවන්න. ජනාධිපති සමාවක් ඉල්ලලා දෙන්නම් .
de silva Friday, 18 January 2019 06:16 AM
අපි අධිකරණය මාර්ගයෙන් නිසි පරිදි ඉල්ලීමක් කළහොත් ඔවුන් මොහුව ලංකාවට භාරදෙවී , නැත්නම් නිදහස් කරවී, අර කොස්ගොඩ නදුන් ඉතාලියේදී අල්ලගත්ත වෙලාවෙත් අපේ බලධාරීන් මුනිවත රැක්කා
rasika Friday, 18 January 2019 10:00 AM
අතුරුදහන් කීවට ඔය ඉන්නේ ...
Athula Friday, 18 January 2019 10:58 AM
මේ නම් නවනීදන් පිල්ලේ වෙන්න ඇති.. අර අපිට යුද අපරාධ කළා කියලා කියපු ජා. සංවිධානයේ හිටපු මානව හිමිකම් කොමසාරිස්...
Chandima Friday, 18 January 2019 11:01 AM
බොරුබයිලා තමයි. ඒ කාලේ ඒ අයට ආධාර දීලා රටම විනාශ කරන්න, දැන් මේ එකෙක් අල්ලලා අපිව රවට්ටනවා. කොටින්ගෙන් භාගයක් තවම එහෙ නිදැල්ලේ.