ඉන්දිකා රාමනායක
නාවික හමුදාව විසින් කන්කසන්තුරේ වරාය පරිශ්‍ර මුහුදු ප්‍රදේශයෙන් නව කොරල් පරයක් සොයා ගත් බව නාවික හමුදාව කියයි.
මෙම කොරල් පරය දියකඩනයේ මුහුදු දෙසින් මීටර් 400 ක් පමණ දිගට විහිදී ඇති බවත් මෙය මෙතෙක් සොයාගෙන නොතිබූ ඉතා දැකුම්කළු කොරල් පරයක් බව නාවික හමුදාව සඳහන් කරයි.
උතුරු නාවික විධානයට අයත් නාවික කිමිදුම් කණ්ඩායමක් විසින් පසුගිය සතිය පුරා කන්කසන්තුරේ මුහුදු ප්‍රදේශයේ සිදුකළ කිමිදුම් මෙහෙයුමකින් මෙම කොරල් පරය සොයා ගත් බවද නාවික හමුදාව කියයි.
උතුරු නාවික විධාන බාර ආඥාපති රියර් අද්මිරාල් කපිල සමරවීර මහතාගේ අධික්ෂණය යටතේ විධාන කිමිදුම් නිලධාරි සහ කිමිදුම් කාර්ය මණ්ඩලය විසින් මෙතෙක් නොදුටු මෙම කොරල් පරයක් සොයා ගෙන ඇති බව නාවික හමුදා සඳහන් කරයි.
සාගරයේ ජෛව විවිධත්වය සමතුලිත කිරීම සඳහා අත්‍යවශ්‍ය අංගයක් ලෙස කොරපර හඳුන්වා දිය හැකි අතර ස්වාභාවික හේතූන් නිසා හෝ හානිකර මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඒවා දිරාපත් වී ඇත.
මෙම තත්වය සැළකිල්ලට ගනිමින් නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ උපදෙස් මත උතුරු මුහුදේ දිය යට ස්ථාන සංරක්ෂණය කර මෙම කොරල්පර ආරක්ෂා කිරීමට උතුරු නාවික විධානය කටයුතු කරමින් සිටින බවද නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කරයි.
බදුල්ල නගරය ආශ්රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාකර දී.ඇති හෙයින් මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකර
ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි රුවන්ඩා මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ රුවන්ඩා ජනරජයේ මහ කොමසාරිස් ජැක්කුලින් මුකන්රියා මහත්මිය අග්‍රාම
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය අකිකෝ ඉකුයිනා මහත්මිය අතර හමුවක් අරලියගහ මන්දිරය
මාතර පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
හැටන් දික්ඔය නගර සභා සිමාවේ ව්‍යාපාරිකයන්ට, පදිංචිකරුවන්ට, නගරයට පිවිසෙන පාරිභෝගිකයන්ට හැටන් පොලිසිය සහ හැටන් දික්ඔය නගර සභාව එක්ව අද (05) රතු නිවේදනය ස
බුද්ධිමය දේපළ පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
කන්කසන්තුරෙන් නව කොරල්පරයක් සොයා ගනී
Sagara Friday, 05 July 2019 04:14 PM
මේක ඉතා වැදගත් සොයා ගැනීමක්, මෙය අලුත් කොරල්පරයක් නම් එය අති විශේෂ ආරංචියක්... මොකද වර්තමානයේ සාගර උෂ්ණත්වය ඉහළ යාම නිසා කොරල්පර මත වර්ධනය වන ඇල්ගී ඉවත් වීමෙන් ඒවා බ්ලිචින් වීමක්, අවර්ණ වීමක් වෙනවා. ඒ නිසා කොරල් ජීවින් මියගොස් කොරල් පර මරණයට පත් වෙනවා. මෙය ලෝකය පුරාම සිදුවන සංසිද්ධියක්, ලෝකයේ විශාලම කොරල් පරය වන ඕස්ට්‍රේලියානු මහබාධක පරය මිය යාම නිවේදනය කලෙත් මේ වසරේදීයි. සාගර විද්‍යාඥයින් සතුව මේ විනාශය වළක්වා ගැනීමට කිසිම විසඳුමක් තිබුනේ නැහැ. ඔවුන් බලා සිටියේ ස්වාභවිකවම ඉහළ උෂ්ණත්වවලට ප්‍රතිරෝධී කොරල් පර කොහේ හෝ ස්වාභාවිකවම ඇතිවන තෙක්. ඉතින් දැන් ලංකාවේ එබඳු අලුත් කොරල් පරයක් තිබෙනවා නම් එය ලෝකයට ම ඉතා වැදගත් ආරංචියක්... මෙයින් අලුත් කොරල්පර වවා ගැනීමට හැකියාව ලැබේවි...!!!
ase Saturday, 06 July 2019 05:04 AM
"යමන් බණ්ඩෝ කොරල් බලන්න" අයියෝ මේකෙත් අවසානයද මේ?
Chanak los angeles Saturday, 06 July 2019 06:14 AM
අපොයි එහෙනම් සාටක පවුලෙන් ඕක ආරක්ෂා කරගන්න වහාම..
saliyaSaturday, 06 July 2019 10:33 AM
සාගර කියනවා ලෝකයේ විශාලම කොරල්පරය වන ඕස්ට්‍රේලියානු මහබාධක පරය මියයාම නිවේදනය කලෙත් මේ වසරේදීයි කියලා මිට වසර කීපයකට පෙර ඔයා ඔය ඉඳුල් ලෙවකන රටේ හැරියර් වර්ගයේ ජෙට් යානා දෙකකින් ඔය මහබාධක කොරල් පරවලට බෝම්බ දැම්මා... අද වනවිට තියෙන්නේ ඒකේ ප්‍රතිඵලය වන්න ඇති. හැබැයි එදා සාටක පවුලේ කවුරුත් ඒ ප්‍රහාරක යානා පැදෙව්වේ නෑ..
Chanak los angelesSaturday, 06 July 2019 04:40 PM
මේ කතා කරලා තිබෙන්නේ ලංකාවේ කොරල් පරයක් ගැනයි. කියවලා තේරුම් අරගෙන ලියන්න. ඔබත් කාටවත් ඊර්ෂ්‍යා නොකර සුන්දර රටක ජීවත්වෙන්න බලන්න. බමුණු මත පලකරන්න එපා .
SamanSaturday, 06 July 2019 08:23 PM
'හැරියර් 'ජෙට් ඇමෙරිකාවේ නැත. නමුත් 'සාටකයන්' ඇමෙරිකාවේ පුරවැසියන්ය. ඔබට 'හැරියර් ' සහ 'ලොස් ඇන්ජලස්' පැටලී ඇත.
kamal Saturday, 06 July 2019 11:44 PM
අනේ තියෙන තැන මුහුණු පොතට දාන්න. බුරුතු පිටින් ගිහින් විනාශ කරන්න අපි හරි දක්ෂයි. හික්කඩුවේ අපි වැඩ දැක්කා නේද? භූමිතෙල් බෝට්ටු දාලා බෝට්ටු කොරල් උඩ පාර්ක් කරලා, මැරිච්ච කොරල් පෙන්නලා ගාණක් කඩාගන්න...
nimal perera Sunday, 07 July 2019 01:58 AM
සාලිය, ලෝකේ පුරාම හිඟාකකා අන්තර්ජාතික යාචක අතමාරුවෙන් ජීවිතේ ගැට ගහගන්න ඔබට මුදලින් පමණක් නොවෙයි බුද්ධියෙනුත් අගහිඟකම අඩුනැති බව පෙන්නුම් කරයි. මේ කොරල් පරය තම්බා කන්න වලිකන්නේ ඔබ වැන්නවුන් තමයි...