(එම් .සුසිල් ප්‍රියන්ත සහ චන්ද්‍රසිරි ගුණසේකර)
කරන්දෙණිය යක්කටුව තවාන ප්‍රදේශයේ කාන්තාවක එල්ල කළ කැති පහරින් ඇගේ නිවසේ ජීවත්වූ ඥාතී පුද්ගලයකු මියගොස් ඇගේ සැමියා බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව ඇල්පිටිය පොලීසිය කියයි.
මියගොස් ඇත්තේ, කරන්දෙණිය යක්කටුව තවාන ප්‍රදේශයේ පදිංචි ඉලන්දාරිදේව ප්‍රේමසිරි නමැති 75 හැවිරිදි සිව් දරු පියෙකි. බරපතල තුවාල ලබා ඇත්තේ කැතිපහර එල්ල කළ කාන්තාවගේ සැමියා වන 58 හැවිරිදි තිදරු පියෙකු වන ඉලන්දාරිදේව ගුණරත්න නමැත්තෙකි.
මියගිය තැනැත්තා අංශබාග රෝගයට ගොදුරුව සිටි අයෙකි. ඔහුට දරුවන් නොසලකන නිසා ඔහුව මෙම නිවසේ රදවාගෙන රැකබලාගෙන ඇත්තේ මෙම කාන්තාවගේ සැමියා විසිනි.මෙම කාන්තාව වසර ගණනාවක සිට මානසික ආබාධයකින් පෙළෙන අතර ඊට ප්‍රතිකාර ලබමින් නිවසේ සිට ඇත.
ඊයේ (31)රාත්‍රියේ ඇතිවූ පවුල් ආරවුලක් මත මේ කාන්තාව සිය සැමියාට හා ඥාතියාට නිවසේ තිබු කැත්ත ගෙන පහරදි ඇති බව පොලීසිය කියයි. ඇයගේ කැති පහරින් ඇවිදගෙන යාමට නොහැකිව සිටි රෝගී තැවැත්තා එතැනම මියගොස් ඇති අතර, සැමියා කැති පහර කාගෙන දිව ගොස් ඇති බවත් පොලීසිය කියයි.
තුවාල ලැබු සැමියා පළමුව ඇල්පිටිය මූලික රෝහලටත් ඔහුගේ තත්ත්වය බරපතල හෙයින් කරාපිටිය ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇති අතර, ඔහුගේ තත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
සැකකාර කාන්තාව සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බවද පොලීසිය කියයි. සැකකාරිය සිය මානසික ආබාධයකට දීර්ඝ කාලීනව බෙහෙත් පාවිච්චි කරන තැනැත්තියක බව මූලික පරීක්ෂණවලදි අනාවරණය වූ බවද පොලීසිය කියයි.
ඝාතනයවූ තැනැත්තාගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට ඊයේ (31 )රාත්‍රියේදීම ඇල්පිටිය වැඩබලන මහේස්ත්‍රාත් ජනක රුවන්පුර මහතා සිද්ධියවූ ස්ථානයට ගියේය. මෘත දේහය ඇල්පිටිය මූලික රෝහලට ගෙන ගොස් අධිකරණ විශේෂඥ වෛදවරයකු ලවා පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙසත් වැඩබලන මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කළේය .
ඇල්පිටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
කාන්තාවගේ කැති පහරින් ඥාතියා මරුට-සැමියා රෝහලේ