IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


කන්නියා දාගැබේ වැඩ දිසාපති අණින් නවතී

ත්‍රිකුණාමලය, කන්නියා උණුවතුර ළිං පිහිටි පුරාවිද්‍යා භූමියේ ඇති පෞරාණික දාගැබ් සංරක්ෂණ කටයුතු දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු ඇතුළු පිරිසක් කඩාවැදීමෙන් ඇතිවූ නොසන්සුන්කාරී සිද්ධියෙන් පසුව පුරාවිද්‍යා නිලධාරීන් විසින් තාවකාලිකව නතර කරනු ලැබ ඇත. 

ත්‍රිකුණාමලය දිසාපති එස්.ඒ.ඒ. පුෂ්පකුමාර මහතා ප්‍රදේශයේ පුරාවිද්‍යා ප්‍රධානීන්ට දුන් උපදෙස් අනුව දාගැබේ සංරක්ෂණ කටයුතු මෙසේ නතර කෙරුණු බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ ත්‍රිකුණාමලය දිසාපති එස්.ඒ.ඒ. පුෂ්ප කුමාර මහතා පැවසුවේ ප්‍රදේශයේ පවතින ආරවුල සමනය කිරීමේ මූලික පියවරක් ලෙස දැගැබේ සංරක්ෂණ කටයුතු තාවකාලිකව නතර කිරීමට පුරාවිද්‍යා නිලධාරීන්ට උපදෙස් දුන් බවයි. 

මේ ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා තම නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් දුන් බවත් කන්නියා දාගැබේ සංරක්ෂණ කටයුතු ඉතාම ඉක්මනින්ම යළි ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී. මණ්ඩාවල මහතා පැවසීය. 

යම් කැණීමකින් මතුකර ගන්නා දේ පුරාවිද්‍යා  නීතිය අනුව අනිවාර්යෙන්ම සංරක්ෂණය කළ යුතු බව කී පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා සොයාගෙන ඇති මෙම දාගැබ අනුරාධපුර යුගයට අයත් ඉපැරණි එකකැයිද ප්‍රකාශ කළේය. 

තමා මේ ප්‍රදේශයට මෙයට පෙරදී ගොස් සියලු  පාර්ශ්වලට පුළුල් කරුණු පැහැදිලි කිරීමක් කළ බවත් එහෙත් යම් යම් පුද්ගලයින්ගේ උසිගැන්වීම් මත මෙවැනි ආරවුල් ඇතිවුණු බවත් මණ්ඩාවල මහතා කීවේය. 

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ඩබ්ලිව්.එම්.ඒ. සුමනදාස මහතා පැවසුවේ පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයාගේ උපදෙස් අනුව මේ පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බවයි. 

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු ඇතුළු එම සන්ධානයේ ක්‍රියාකාරිකයන් පිරිසක් ඒ උණුදිය ළිං ආශ්‍රිත ප්‍රදේශයට කඩා වැදීමට උත්සාහ දැරීම හේතුවෙන් එහි දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය. මේ සිද්ධිය වූයේ ඉකුත් 16 වැනිදාය. 
සංරක්ෂණය කෙරෙමින් පැවැති දාගැබ පිහිටි ස්ථානයේ ශිව කෝවිලක් ඇති බව කියමින් මෙම පිරිස දාගැබ් සංරක්ෂණ කටයුතුවලට විරෝධය පළ කළහ.

එස්. යෝගේෂ්වරන් හා එස්. සිරිතරන් දාගැබේ සංරක්ෂණ කටයුතුවලට බාධා කළ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනායි. 

කන්නියා උණුවතුර  ළිං ආශ්‍රිතව ඇතිවුණු මෙම නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් ඒ ස්ථානයට පැමිණි ඇතැම් සංචාරකයින්ට ආපසු හැරී යෑමට සිදුවූ අතර එහි ඇතුළුවී සිටි සංචාරකයන්ට පැය කිහිපයක් යනතුරු පිටතට යෑමට නොහැකිවීමෙන් ඔවුහු දැඩි අපහසුතාවට පත්වූහ. 

ප්‍රදේශයේ ඇතිවුණු මෙම නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකායේ හා 221 බල සේනාවේ සෙබළුන්ද සූදානම් කර දැඩි ආරක්ෂාවක් සලසා තිබිණි. 

උණුදිය ළිං හා ඒ අවට ඇති පිළිම ගෙය ඇතුළු පෞරාණික ස්ථාන පුරාවිද්‍යා ස්මාරක ලෙස 2011 සැප්තැම්බර් මස 9 වැනිදා නිකුත් කෙරුණු රජයේ ගැසට් පත්‍රයක් මගින්ද ප්‍රකාශයට පත් කරනු ලැබ තිබිණි. 



අදහස් (9)

කන්නියා දාගැබේ වැඩ දිසාපති අණින් නවතී

Asanka Friday, 19 July 2019 06:15 AM

දැන් සතුටද?

:       0       32

priyalal Friday, 19 July 2019 06:50 AM

උතුර නැගෙනහිර ප්‍රදේශවල පවතින පුරාවිද්‍යා බිම් ලේඛන ගතකර, ඡායාරුප ගතකර නිසි අයුරින් ආරක්ෂණ අංශ වෙත භාර කලයුතුය නැතිනම් සෑම තැනම මේවා විනාශ කරනු ඇත. මෙයට අමතරව ස්වෙච්චා සංවිධාන වලට භාර කිරීම් කල හැකිය. වැඩි වැඩියෙන් සංචාරකයින් අප්‍රසිද්ධ ස්ථාන වල ඇති පුරාවිද්‍යා බිම් නරබන්නේ නම් විනාශයන් අවම වේ. වනාන්තර වල ඇති පුරාවිද්‍යා බිම් නැරඹීම සමහරක් සංචාරකයින් වඩාත් කැමැතිවනු ඇත. සංචාරක මණ්ඩලය හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එක්ව රජයෙන් හෝ පෞද්ගලික අංශ මගින් මේ සඳහා අනුග්‍රාහක පැකේජයන් හදුන්වා දිය හැකිය. මෙයින් අමතර ආදායම්ද ලැබිය හැකිය. වර්ගවාදී කොටස් මේවට මේවාට යොමුවීමට පෙර ක්‍රියා කල යුතුය.

:       0       94

sharm warn Friday, 19 July 2019 07:12 AM

එතකොට දේශපාලකයන්ට රටේ වැදගත් දෙපාර්තමේන්තුවක වැඩ නවත්වන්නත් පුළුවන් .. කාට බයෙන් ද මේ හිගන තීරණ ගන්නේ ? දිසාපති කෙනෙක් කියන්නේ මෙහෙම කොන්දක් නැති තනතුරක්ද ? මේ ටික වෙන මිනිහෙක් කළා නම් මෙහෙම පියවරක් ගන්නවද ??

:       0       18

Nimal Friday, 19 July 2019 07:41 AM

මහත්තයෝ ඔබතුමන්ලා ඔලුවෙන් හිටගෙන නැහැ කිව්වත්, මේක මේක බෞද්ධ උරුමය තියෙන රටක්.

:       0       4

susantha Friday, 19 July 2019 07:43 AM

මේක තමයි මොවුන්ගේ අලුත්ම සෙල්ලම. වත්මන් ආණ්ඩුවේ සංහිඳියාවට උතුරු, නැගෙනහිර අදාල නැති අතර දකුණේ සංහිඳියාව සිංහලයාට පමණි. කොන්ද පණනැති උන් රට පාලනය කරනකොට ඕවා ඔහොම තමයි වෙන්නේ.

:       0       1

Hafeel Friday, 19 July 2019 08:19 AM

කල්මුනෙට වැඩම කලා වගේ රතන හාමුදුරුත් ඥානසාර හාමුදුරුත් මෙතන්ට වැඩම කරලා නැද්ද?

:       17       4

දර්ශන Friday, 19 July 2019 08:29 AM

සංහිදියාවක තරම .......

:       0       4

Bamunuarachchi Friday, 19 July 2019 02:03 PM

කල්මුනේට වැඩම කරයි අපිත් බලාගෙන ඉන්නේ දිනේ කවදාද කියලා කට්ටියම එන්න.

:       1       0

Bamunuarachchi Saturday, 20 July 2019 10:39 AM

එදාට අපිත් කලේ සුද්ද කරන්න බලාගෙනම එන්නම් අපේ හාමුදුරුවනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

විපක්ෂයේ හැමෝම සජිත්ගේ නිවෙසට
2025 පෙබරවාරි මස 05 36 0

පාර්ලිමේන්තුවේත් ඉන්පිටතත් සාමූහිකව කටයුතු කිරීම වෙනුවෙන් විපක්ෂයේ පක්ෂ අතර එකඟතාවක් ඇති කර ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත


ලසන්ත ඝාතනය ගැන නීතිපති මතය අධ්‍යනයට
2025 පෙබරවාරි මස 05 306 0

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සම්බන්ධයෙන් නීතිපතිවරයා දී ඇති තීන්දුව සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය


USAID සේවකයන්ට අනිවාර්ය නිවාඩු
2025 පෙබරවාරි මස 05 162 0

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ ශ්‍රී ලංකා කාර්යාලයට කොන්ත්‍රාත් පදනම මත බඳවා ගනු ලැබූ සේවකයන් හෙට (07) රාත්‍රී 11.59 සිට පඩි සහිත අන


ගම් - නගර එකට සංවර්ධනය කරන්න ව්‍යාපෘතියක්
2025 පෙබරවාරි මස 05 202 0

ඒකාබද්ධ ග්‍රාම - නගර සංවර්ධන සහ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සුකර උණෙන් ඌරන් 1600ක් මැරිලා
2025 පෙබරවාරි මස 05 173 0

රටපුරා පැතිරි යමින් ඇති සූකර ඌණට ලක්ව ඌරන් 1600 ක් මේ වන විට මිය ගොස් ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ


බදුල්ලේ විස දුමක්: මුඛ ආවරණ පළදින්න
2025 පෙබරවාරි මස 05 376 1

බදුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාකර දී.ඇති හෙයින් මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකර


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 88 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 769 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site