IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


කෙන්යා - ශ්‍රී ලංකා සබඳතා සවිමත් කිරිමට නායකයෝ එක්වෙති

කෙන්යාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබදතා නව ක්ෂේත්‍ර ඔස්සේ ශක්තිමත් කර ගැනීමට දෙරටේ නායකයෝ එකඟවෙති.
 
කෙන්යාවේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා මහතා අතර නිල හමුව අද (15) දහවල් සිදු වූ අතර එහි දී නායකයෝ මේ පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කළහ. 
 
කෙන්යා ජනාධිපති මන්දිරය වෙත ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා මහතා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
 
සුහද කතාබහකින් පසුව රාජ්‍ය නායක දෙපළ ද්විපාර්ශ්වික සාකච්ඡාවලට එක් වූහ.

 



අදහස් (7)

කෙන්යා - ශ්‍රී ලංකා සබඳතා සවිමත් කිරිමට නායකයෝ එක්වෙති

sirimal Friday, 15 March 2019 01:54 PM

කෙන්යාවේ පිළිගත් උදාර නායකව සිටි ජෝමෝ කෙන්යාටා මහතාගේ පුතා වන උහුරු කෙන්යාටා මහතා බලය අවභාවිතා කිරීම සහ අයථා ගනුදෙනු වැනි කටයුතු නිසා ඒ රටේ පොදු ජනතාව අතර අප්‍රසාදයට පත්වූ දේශපාලඥයෙක් කියලයි තතු දත් අය කියන්නේ. ඒ රටෙත් දැන් දැන් ඉතියෝපියානු ත්‍රස්තවාදීන් ද ප්‍රහාර එල්ල කිරීමට පටන් ගැනීම නිසා සංචාරක ආදි ව්‍යාපාර වලට බලවත් පහරක් එල්ලවී ඇති බවත් දැනගන්නට තිබෙනවා. ලෝකයේ වැදගත්ම වන ජීවී සංචාරක කලාපයක් වන කෙන්යාවේ අලි සහ අනෙකුත් විශාල වන ජීවීන් සහ මිනිසුන් අතර ඇතිවන ගැටුම් වැළැක්වීම සඳහා යොදා ගෙන ඇති සාර්ථක වැඩ පිළිවෙලවල් ගැන මේ ගමනේදී දැනුවත් වීමක් කරගන්නට ලැබුනොත් අපටත් ප්‍රයෝජනයක් වේවි... වනාන්තරයේ ජීවත් වන මසායි ගෝත්‍රයේ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා කටයුතු කර ඇති ආකාරය සොයා බැලුවොත් වටිනවා. ඒවා ගැන දැනුවත් වීම කෙසේ වෙතත් සංචාරයට එක්වී ඇති ගෝල බාලයින් නම් සත්තු බලන්න යනවා ෂුවර්...

:       0       246

RaveendraFriday, 15 March 2019 03:39 PM

sirimal මයා වෙත, ඔබ විසින් හිටපු නායකයාගේ පුත්‍ර රත්නය පිළිබඳව සඳහන් කර ඇත්තේ නිවැරදි අදහස්ය. සතා සිව්පාවා, ගහකොළ ගැන සහ සහජීවනය පිළිබඳව සොයා බැලීම කෙසේවෙතත් අපේ ගොයියෝ ටික " පිං අතේ හාදයෝ නිසා ඒ ගොල්ලන්ගේ සම්පූර්ණ වියදමින්.." වට කීපයක්ම ගිහින් එයි...

:       131       180

sirimalFriday, 15 March 2019 06:14 PM

ඔබට බොහොම ස්තුතියි. කෙන්යාවේ වන උයන් සියල්ලගේම වගේ මා සංචාරය කර තිබෙනවා. ඒවා ඉතාම උසස් මට්ටමකින් පවත්වාගෙන යන බවයි මා අත්දුටුවේ. විශාලත්වයේ දැවැන්ත ගස් ඒ හැම උයනකම පිහිටුවා ඇති සියලුම නවාතැන් පොළවල් ඉතාම ඉහල ප්‍රමිතියකින් පවත්වාගෙන යනවා. ඒ සියල්ලම වාගේ පෞද්ගලික ඒවා වීම මෙයට හේතුව වන්නට බැරි නැහැ. අපේ ලංකාව කවදා ඒ තැනට පැමිනේවිද කියා හිතන්නට වත් බැහැ. මා ගිය හැම වතාවකම මුණ ගැසුන සාමාන්‍ය මිනිසුන් කිවේ උහුරු කෙන්යාටා මහතාගේ පාලනය දුෂිත බවයි. මේ වන උයන් තුල පිහිටි නවාතැන් පළවල් සහ මසායි ගම්මාන වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම උදෙසා ඉහළ ප්‍රමිතියකින් යුතු විදුලි වැට සවිකර තිබෙනවා. ඒ වගේම ඒවා නිරන්තරයෙන් පරික්ෂාවට සහ අලුත් වැඩියාවට ලක්කෙරෙන බවයි අප දුටුවේ. රට පුරාම ස්ථාපිත විශාල දුම්රිය ජාලය නිසා වන සතුන් මිය යන කතාවක් අපි ඇසුවේ නැහැ. මහා මාර්ග මෙන්ම දුම්රිය මාර්ග දෙපසද ඉතා හොඳින් පවත්වාගෙන යනු ලබන විදුලි වැට සවිකර තිබෙනු අප දුටුවා. මේ රටවල් වලට දුත ගමන් යන අපේ අය එහිදී නිකම්ම නිකන් කාලා බීලා ජොලි කරලා එන්නේ නැත්නම් මේ රටවල් වලින් පවා අපේ රටේ අයට ඕනෑතරම් පාඩම් ඉගෙන ගන්න පුළුවන්.

:       0       91

jayasekaraSaturday, 16 March 2019 06:42 AM

සිරිමල් මහත්මා, ඔබ කියන කතාව සම්පුර්ණ ඇත්ත. මම හිටියා කෙන්යාවට අල්ලපු රටේ ටැන්සානියා අවුරුදු 10... මම අහලා තියනවා කෙන්යාවේ සංචාරක කර්මාන්තය හරි ඉහලින් පහසුකම් සිතව කරනවා කියල... කොච්චරද කිව්වොත් ටැන්සානියාවට අයිති කිලිමන්ජාරෝ කන්දෙන් වැඩිපුරම සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් භාවිතා කරන්නේ කෙන්යාව බව මොකද කිලිමන්ජාරෝ කන්ද මම දන්නා විදියට මායිම් වෙලා තියෙන්නේ කෙන්යාවට.. මොනවා උනත් හරිම සුන්දර කලාපයක්.. මමත් වන ජිවින් බහුලව ඉන්න ටැන්සානියාවේ වන උයන් සියල්ලගේම සංචාරය කරලා තියෙනවා...

:       0       93

Rata Perata Saturday, 16 March 2019 08:43 AM

අපේ රටේ මිනිසුන්ගෙන් ගන්නා බදු සල්ලි වලින් නිකම් රවුම් ගහගහ ඉන්නවා. සත 5ක වැඩක් තියෙන දෙයක්ද මේ? ව්‍යවස්ථාව ක‍ෙපු එකට අස්වෙන්නේ නැතුව අපේ සල්ලි කකා ඉන්නවා.

:       0       3

senaSaturday, 16 March 2019 12:58 PM

කියලා වැඩක් නැහැ. මෙයා මේ ඉන්න දවස් ටිකට වට වන්දනාවේ යනවා වගේ ලෝකේ වටේ රවුම් ගහනවා. කරුමේ කියන්නේ මේ යන්නේ මොකටද කියලා අහන්න කෙනෙක් නැහැනේ...

:       0       3

rocky Sunday, 17 March 2019 02:59 AM

අපි වගේ නොවෙයි, අප්‍රිකාවේ රටවල් අද බොහොම දියුණුයි. ඒවා දිළිඳු රටවල් බවට බටහිර රටවල් වල මාධ්‍යකාරයන් එක දිගටම කරන ප්‍රචාර වලට අපි රැවටෙන්න හොඳ නැහැ. විශේෂයෙන්ම ඉතියෝපියාව, සෝමාලියාව වගේ රටවල් මේ වන විට සෞභාග්‍යවත් සමුර්ධිමත් රටවල් බවට පත්ව තිබෙන්නේ ඒ රටවල නායකයන්ගේ දූරදර්ශී දේශපාලන දැක්ම නිසයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 619 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 174 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 504 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 123 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1742 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 183 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site