(තිළිණි ද සිල්වා සහ හර්ෂණ තුෂාර සිල්වා)
නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ගවලට සහාය වීමක් ලෙස කොළඹ විදේශ සබඳතා අමාත්‍යාංශය මගින් සපයන සියලු කොන්සියුලර් සේවා 20 වැනිදා දක්වා නවතා දැමීමට එම අමාත්‍යාංශය තීරණය කර ඇත.
ඒ අනුව කොළඹ සෙලින්කෝ ගොඩනැගිල්ලේ විදේශ සබඳතා අමාත්‍යාංශයේ කොන්සියුලර් සේවා අංශය හෙට (17) සිට 20 වැනිදා දක්වා වසා දමන බවත් විදේශකයකදී සිදුවන ශ්‍රී ලාංකිකයකුගේ මරණයක් සම්බන්ධ සහ මරණවලට අදාළ ලියකියවිලි සකසා ගැනීමේ සහාය යනාදී ගැටලුවලට පමණක් ප්‍රමුඛතාව මත සේවා සපයන බව විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කරයි.
011 233 5942 සහ 011 233 8847 යන හදිසි දුරකතන අංකවලින් විස්තර ලබාගත හැකි බව ද එම අමාත්‍යාංශය කියයි.
මේ අතර කොරෝනා වයිරසය වේගයෙන් පැතිරයාම හේතුවෙන් යුරෝපයේ පිහිටි තවත් ශ්‍රී ලංකා තානාපති කාර්යාල තුනක කොන්සියුලර් සේවා සැපයීම අද (16) සිට යළි දැනුම් දෙනතුරු සීමා කිරිමට විදේශ සබඳතා අමාත්‍යාංශය තීරණය කර ඇත.
ඒ අනුව බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ,බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නොර්වේ ඔස්ලෝ නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වල කොන්සියුලර් කටයුතු මෙලෙස සීමා කර ඇත .
එම ශ්‍රී ලංකා තානාපති කාර්යාල ඉටු කරන කොන්සියුලර් සේවා, හදිසි සංචාරක ලේඛන නිකුත් කිරීම අද (16) සීමා කෙරුණු අතර ඒ අනුව මරණ ලියාපදිංචි කිරීම සම්බන්ධ සහතික නිකුත් කිරීම සහ වෙනත් අවශ්‍ය යැයි සැලකෙන හදිසි සේවා පමණක් සිදු කරනු ඇතැයි ද එම අමාත්‍යාංශය පවසයි.
අදාළ තානාපති කාර්යාල අවශ්‍යතාව සලකා මෙම සේවා සැපයීමට කටයුතු කරන බවත් , ශ්‍රී ලාංකිකයන් හෝ විදේශිකයන් එම තානාපති මණ්ඩල කාර්යාල පරිශ්‍රවල අනවශ්‍ය ලෙස එක්රැස් වීම වැළැක්වීම සඳහා එම කාර්යාල සමඟ සම්බන්ධීකරණය වෙමින් සේවා ලබා ගැනීම සඳහා පූර්ව අයැදුම් කිරීමකින් වේලාව වෙන් කර ගැනීම අනිවාර්ය යැයිද එම අමාත්‍යාංශය සඳහන් කරයි.
වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද
සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු
අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ
මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග
අක්මීමන ප්‍රදේශයේ සිට හිනිදුම ප්‍රදේශයේ නෑ ගෙදරක ගොස් ගිං ගඟේ දිය නෑමට ගිය දෙදෙනකු ගසාන ගොස් අතුරුදන්ව ඇතැයි පොලිසිය කියයි.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
කොන්සියුලර් සේවා 20 වැනිදා දක්වා නවතා දමයි