( පුෂ්පකුමාර ජයරත්න )
අලව්ව හුම්බුළුව ප්‍රදේශයේ ජනතාවට කරදරකාරි ලෙස හැසිරෙමින් නීති විරොධි මත්පැන් ජාවාරමක නිරතවූ බව කියන එකම පවුලේ අයිය මලෝ දෙදෙනෙකු කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර අද අත්අඩංගුවට ගැනීමට සිදුවූ බව අලව්ව පොලීසිය පවසයි.
එකම පවුලේ වයස අවුරුදු 20 ක් සහ 23 ක්වූ සහෝදරයන් දෙදෙනෙකු මේ ආකාරයට අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරුවන් දෙදෙනා හුම්බුළුව පිහිටි තම නිවසේ නීති විරෝධි මත්පැන් ජාවාරමක යෙදෙමින් ඊට විරෝධය පළ කරන ප්‍රදේශවාසීන් සමග නිතරම ආරාවුල් ඇති කරගෙන ඔවුන්ට තර්ජනාත්මක ආකාරයට හැසිරෙන බවට අලව්ව පොලීසියට පැමිණිලි ලැබී තිබිණි. ඊයේ (11) රාත්‍රියේ මොවුන් දෙදෙනා බීමත්ව පැමිණ හුම්බුළුව ප්‍රදේශයේ නිවාස දෙකක ගේට්ටුවලට කඩු වලින් පහරදී අලාභ හානි සිදු කරන ආකාරය සහිත දර්ශන පහර දීමට ලක්වූ එක් නිවසක සවිකර තිබූ සීසීටීවී කැමරා පද්ධතියක සටහන්ව තිබී ඇත.
එම පහරදීම සමිබන්ධයෙන් සැකකාර සොයුරන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා අලව්ව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටියුඩර් අබේවික්‍රම මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් අද ගිය අවස්ථාවෙිදි තම නිවසේ සැඟවුනු සැකකරුවන් දෙදෙනා පොලිස් නිලධාරීන් වෙතට ගල්මුල් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
මේ හේතුවෙන් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන්ට දැඩි වෙහෙසක් දැරීමට සිදුව තිබූ අතර අවසානයේදී එම නිවසේ වහලේ සිවිලිමේ සැඟවී සිටි අයිය මලෝ දෙදෙනා එළියට ගැනීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කිරීමට සිදුවූ බව පොලීසිය සඳහන් කළේය.
කඳුළු ගෑස් ප්‍රහාරයෙන් මෙල්ලවූ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන එම නිවස සෝදිසි කිරීමේදී නිවසේ ඇතුළු කාමරයක ඔවුන් දෙදෙනා පවත්වාගෙන යමින් තිබූ නීති විරෝධි මත්පැන් ජාවාරමද පොලීසියට හසුවී තිබේ . එම අවස්ථාවේදි ගෝඩා බැරලයක්ද නිවසේ තිබී පොලීසියට හමුවී තිබෙි .
සැකකාර අයිය මලෝ දෙදෙනා මෙම නීති විරෝධි මත්පැන් ජාවාරමට අමතරව හෙරොයින් ජාවාරමට සම්බන්ධදැයි සෙවීම සඳහා පරීක්ෂණ සිදු කරන බවද අලව්ව පොලිසිය කියයි .
කුරුණෑගල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති බුද්ධික සිරිවර්ධන සහ කුරුණෑගල කොට්ඨාසය බාර පොලිස් අධිකාරි ක්‍රිශාන්ත මහත්වරුන්ගේ උපදෙස් අනුව අලව්ව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටියුඩර් අබේවික්‍රම මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති .
වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.
රටට ආර්ථික සමාජ නිදහස පූර්ණ ලෙස දිනා ගැනීම සඳහා ඔබ අප එකම අරගල බිමක අරගලකරුවන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික නිදහස් උළෙල අමතමින් පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පැමිණීමත් සමඟ 77 වන ජාතික නිදහස් උළෙල නිදහස් චතුරස්‍රයේදී ඇරැඹිණි.
නීති විරෝධීව වාහන එකලස් කරන ලද ස්ථාන තුනක් වටලා රුපියල් කෝටි හතකට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී වහන පහක් භාරයට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා
ලංකා ලුණු සමාගමේ බුන්දල සහ පලටුපාන ලුනු ලේවායන්හි නිෂ්පාදිත රුපියල් 93,269,919 ක වටිනාකමකින් යුත් මෙට්‍රික් ටොන් 2402 ක පමණ ලුණු තොගයක් වසර ගණනාවක් තිස්සේ තත්
වීදි වටිනාකම රුපියල් දහසක් වන කසිප්පු බෝතලයක් රු එක්දහස් පන්සියයකට විකිණීම පිළිබඳව ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් අම්බලන්තොට ,මාමඩල ,ඇලේගොඩ ප්‍රදේශයේ ප
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර මත්පැන් ජාවාරම්කරුවන් දෙදෙනෙකු අල්ලයි
Raveendra Tuesday, 12 May 2020 04:00 PM
සාමකාමී සමාජයට විනකරන්නේ කවුද? ඔහුගේ අඬු කඩාදැමීම කලයුතුයි. අර හිමිකම්, මේ හිමිකම්... සාමකාමී සමාජයට විරුද්ධ හිමිකම් බැවින් ඒවාට ඇහුම්කන් දිය යුතු නැති බව අපගේ අදහසයි. මේ කිසිවෙකු පුනරුත්ථාපනය කල නොහැකි තරමටම කුරුවල් වී ඇත.
samare Tuesday, 12 May 2020 06:58 PM
මේවගේ නරුමයින්ව අපහු එවන්න එපා. ආයුධ පෙන්වන්න එක්ක යන්න.. ප්‍රශ්නයක් නැහැ. මෙ අය සමාජයට අවශ්‍ය නැහැ.
mangala Wednesday, 13 May 2020 02:13 AM
සුරාසැල් වැසිම මෝඩ වැඩක්...
JayaWednesday, 13 May 2020 10:47 PM
තවත් බේබද්දෙක් ! ඒ මදිවට කමෙන්ට්ස් දානවා,
ravi Wednesday, 13 May 2020 06:08 AM
අපේ රට දැන් මුඩුක්කුවක් බවට පත්වෙලා...
sharm warn Wednesday, 13 May 2020 09:33 AM
මේ පවුලේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිහින් තිබිලා තියෙන්නේ.