ශ්‍රීලංකන් එයාර්ලන්ස් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳ ප්‍රියංකා නයෝමාලී විජේනායක මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුහ.
මොවුන් අද (6) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ බාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත.
ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා ගුවන් යානා මිලට ගැනීමේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 2 ක අල්ලස් ලබාගත්තැයි කියන සිද්ධීයට සම්බන්ධ සිදුකරන පරීක්ෂණ සඳහා මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 3 වැනිදා මුල්‍ය විශුද්ධිකරණ පනත යටතේ චෝදනාවට ලක්වූ මොවුනට එරෙහිව වරෙන්තුවක් ගෙන අත්අඩංගුවට ගන්නැයි නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියම කර තිබිණි.
( ඡායාරූප - ඉෂාන් සංජීව )
බන්ධනාගාර හිටපු අධිකාරිවරයකුට නාඳුනන තුවක්කුකරුවකු අද සවස එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මරණයට පත්ව ඇතැයි පොලිසිය කියයි.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සූදානම්ව නොපැමිණීම හේතුවෙන් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව( කෝපා කමිටුව) එම නිලධාරීන්ට දැඩි
අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කළ සැකකරු වහාම අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා අනුරාධප
අනුරාධපුර වෛද්‍යවරිය අතවරයට ලක් කළ සැකකරු මීට සුළු වේලාවකට පෙර ගල්නෑවේ දී අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා දුටු තැන අත්අඩංගුවට ගැනීම සදහා මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහත
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
කපිල චන්ද්‍රසේන - බිරිඳ අත්අඩංගුවට
sam Thursday, 06 February 2020 06:23 AM
රනිල්ව අගමැති කමින් ඉවත් කරලා මහින්දව අගමැති කරපු ගමන්ම මේ පුද්ගලයාව නැවත ශ්‍රී ලන්කන් එකට පත් කලේ මේ සල්ලි වල බලය නිසයි.
WasudewaThursday, 06 February 2020 08:56 AM
මේ තරම් ප්‍රකෝටි ගනම් හොරකම් කරලා ශ්‍රී ලන්කන් එයාර්ලන්ස් සමාගම අද වෙනකොට පොළොවට සමතලා කරලා ඉවරයි. නමුත් මේ අයට කිසිම දඩුවමක් මේ කිසිම රජයකින් ලැබෙන්නේ නැහැ. නමුත් මාධ්‍යට යුතුකමක් තියෙනවා මේ අයගේ වත්කම් සහ හත්මුතු පරම්පරාවම මහජනතාවට හෙළිකරලා මේ අයගේ හෙළුව රටට එලි කරන එක.
Bamunuarachchi Thursday, 06 February 2020 10:49 AM
රාජ්‍යය බලය සහ රාජපක්ෂ පවුලේ සමීප සබදතා මත ගෝඨාභය ජනාධිපතිගේ රජය මගින් මොවුන් දෙදෙනාම නිදොස් කොට නිදහස් කරාවී......
BamunuarachchiSaturday, 08 February 2020 03:07 PM
ඝෝඨාභය තුට්ටු දෙකේ වැඩ කරනවානම් ඔය ගණුදෙනුව සොයා බලන්න කියා අදාළ අංශවලට බල කරන්නේ නැත. නීතිය හරියට කෙරෙයි. සමහර අය බලාගෙන ඉන්නේ අරගොල්ලෝ බේරෙයි කියලා.
aselaThursday, 06 February 2020 09:19 AM
තුවක්කු පෙන්නන්වත් එක්කගෙන යන්න බෑනේ මෙයාලා.......
චන්ද්‍රසිරිThursday, 06 February 2020 10:22 AM
පුළුවන්.මේ ක්‍රමය දිගටම ගියොත් නඩුකාරයෝ,පොලිසිය රජය වැනි ආයතන ගැන රටේ මිනිස්සුන්ගේ කිසිම විශ්වාසයක් නැතිවෙනවා. දැන් ඒ තත්වය ඇතිවේගෙන එනවා. එතකොට අපි නන්නාදුනන තුවක්කුකරු මගින් ප්‍රශ්නය විසඳන්න බලමු. ඔහුට කොන්තරාත්තුව බාරදෙනවා. කෑලි කෑලි තමයි හොයාගන්න වෙන්නේ. පව් නැහැ. රටේ අහිංසක දුප්පත් මිනිස්සුන්ගේ බදු සල්ලි හොරාකෑවාට නියමම දඬුවම එයයි. ම්ලේච්ඡයින්ට සැලකිය යුත්තේ ම්ලේච්ඡ ආකාරයටමයි.
RanjithThursday, 06 February 2020 11:13 AM
දැන් මෙයාලා කියයි ඒ සල්ලි ඔක්කොම වියදම් කියලා. පාටි දැම්මා. සංචාරයේ යෙදුනා. දනට පිනට ගොඩාක් දුන්නා. දැන් ප්ලේන්ටියක් බොන්නවත් අතේ සල්ලි නැහැ කියලා ණයට නිශාන්තගෙනුත් ගත්තා කියයි. පව් අනේ !
Hemantha Thursday, 06 February 2020 06:26 AM
කනකොට රස උනාට දිරවන්න ටිකක් අපහසුයි වගේ නේද මැඩම් ?
Vita Raanata Chikka Thursday, 06 February 2020 06:33 AM
ඔය ගත්ත සල්ලි බෑ නොකියා අදාළ අයට දුන්නනම් ඉවරනේ. අපරාදේ තණ්හාවට තියාගන හිටියේ. ඕක එහෙම පිටින් අදාළ කණ්ඩායමට දීලා දැම්මනම් ඉවරනේ.
De Thursday, 06 February 2020 06:48 AM
වේදිකා නාටකයක්ද ? ෆිල්ම් එකක්ද ? කොටස් කියියක එකක්ද ? රටක් හැටියට අපි කොහෙද ඉන්නේ ? අනෙක් රටවල් මොනා හිතනවා ඇතිද ලංකාවේ දුෂණ ගැන ? අපි ඉස්සර ලෝකෙට ආදර්ශමත් රටක් අද ? මගේ රට විනාශ කල සියලු පාලකයින්ට ලබන ආත්මෙදිවත් දඩුවම් ලැබනු ඇත.
Champa Thursday, 06 February 2020 07:21 AM
මුලින් අත්අඩංගුවට අරන් ඊළඟට හිරේ දාලා පස්සේ පරීක්ෂණ පටන් අරන් ඊටත් පස්සේ නඩුව අහන වහල් ආණ්ඩුව හඳුන්වා දීපු ක්‍රමය තාම වෙනස් වෙලා නැත්ද?
Nimal Thursday, 06 February 2020 08:30 AM
ඔක්කොම හොරුන් මේ විදියට නීතිය හමුවට පමුණුවන්න මේ වගේ හදිස්සියක් නැත්තේ ඇයි කියන එකයි අපිට තියෙන ප්‍රස්නේ.
ගරසරප Thursday, 06 February 2020 08:40 AM
රට පැන්න කෙනාද මේ.
Hema Thursday, 06 February 2020 08:41 AM
චම්පා මේ ආණ්ඩුවත් ඔයා කියන වහල් ආණ්ඩුවේම දිගුවක්. වෙනසක් බලාපොරොත්තු වෙනවානම් අපි මෝඩයෝ. .
රවින් Thursday, 06 February 2020 08:45 AM
ආයුබෝවන් !! දැන් දවස් දෙක තුනක් කොහෙද හැංගිලා හිටියේ? කමක් නැහැ එලියට ආවනේ. හැබැයි ටික දවසකින් නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ වෙයිද දන්නේ නැහැ.
rasika Thursday, 06 February 2020 09:04 AM
හොඳ දෙය අගය කරන්න. මොවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වීම අගය කරන්න ඕනේ. මෙය තනිවම ජනපතිට කරන්න බැහැ. පාර්ලිමේන්තුවට දුෂිතයන් යැවීම දැන්වත් නවත්වමු. මීලග ජන්දෙදි හොද වැදගත් , උගත් මිනිසුන් හැකිතරම් පාර්ලිමේන්තුවට යවමු.
sumith Thursday, 06 February 2020 10:17 AM
වැඩක් නැහැ. දැන් ඔය ලොකු ලොකු හොරකම් කරලා තියෙන මිනිස්සු නුගත්තුද ? උගත් කියන මිනිස්සු තමා බිලියන ගණන් වල හොරකම් කරන්නේ. ගමේ මිනිහෙක් ඕන නම් කුරුම්බාවක්, කෙසෙල් කැනක් හොරකම් කරාවි. පොලිසිය ඒ අයගේ හතර ගාතේ කුඩු කරාවී. ලොකු හොරුන්ට උසාවියට එන්න හොද හොද වාහන දේවී.
mahinda Thursday, 06 February 2020 09:46 AM
කිසිදෙයකට බියවිය යුතු නැත. සුනාමි හොරු, මිග් හොරු, සිරිලිය හොරු සේම ඔබ දෙපළද සමස්ත හොර නඩය විසින් ඉතා නිරුපද්‍රිතව බේරාගෙන ඇත. අද හෝ හෙට රටේ ඉහළම රෝහලක සියලු පහසුකම් සහිතව රක්ෂිත බන්ධනාගාරගත විය හැකිය. බොහෝ විට එම බිලද ජනාදිපති අරමුදලින් පියවනු ඇත.
LalThursday, 06 February 2020 10:37 AM
ඇත්තටම සුනාමි හොරු, මිග් හොරු, සිරිලිය හොරුන්ට මොකද වුනේ?
ravinThursday, 06 February 2020 02:48 PM
ඔක්කොම හැංගුනා දැන් ඉතින් තියෙන්නේ දඬුවම් දෙන්නයි...
janaka Thursday, 06 February 2020 09:52 AM
අපෝ මේවා රඟපෑම් විතරයි. මොන පක්ෂෙන් ආවත් හොරු ඔක්කොම එකම සමාගමක ඉන්නේ.
පිටිගල මිලානෝ Thursday, 06 February 2020 09:59 AM
මහා ලොකුවට නඩු ඇහුවට මේ සල්ලි කා අතරද බෙදුනේ කියලා රටේ වැඩි දෙනෙක් දන්නවා. අප්පච්චියි ලොකු පුතයි මෙයාව කොහොමහරි බේරනවා.
ලේක්කෝ ගලබඩ Thursday, 06 February 2020 10:11 AM
අපි අතේ තියෙන තුට්ටු දෙකත් සුනාමියෙන් විපතට පත් මිනිස්සුන්ට දෙනකොට කෙනෙක් ඒ අයට ලැබුන ආධාර මුදලත් හොරකම් කළා.
Shamal Thursday, 06 February 2020 10:20 AM
හොරුන්ගෙත් හොරා.... කම්බා හොරා තමයි සුනාමි හොරා.
karuThursday, 06 February 2020 11:40 AM
එහෙම නොකර බැරි වුනානේ හාමුදුරුවනේ. දැන් ලුණු ලාබයිනේ.
Manel Thursday, 06 February 2020 10:52 AM
ලංකා ඉතිහාසයේ කාන්තාවක් ලබාගත් ලොකුම අල්ල්ලස. ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටි මුළු මුදල ලක්ෂ 28,800. ලෝක වාර්තාවක්.
AIRCRAFT ENGINEER Thursday, 06 February 2020 11:31 AM
අපේ රටේ නුගත් දේශපාලුවෝ ඉන්නකම් රට විනාශ වෙනවා මිසක් දියුණුවක් වෙන්නේ කොහොමද ? ශ්‍රී ලංකාව නැති වෙන්නේ මාටියා ගහන නිසා. මේ ආයතනයේ සභාපති විය යුත්තේ උගත් aircraft ඉංජිනේරුවෙක්. ඔහුට තේරෙනවා ඇතුළේ අඩුපාඩු. මුලින්ම ඉන්න හොරු එළවන්න ඕනේ.
prasad Sunday, 09 February 2020 02:39 PM
දුප්පත් රටේ මහජන මුදල් හොරකම් කරලා මන්දිර කීපයක් මිලට අරන් සුර සැප විඳින්නේ අපායට යන්නට පෙරයි. මේ අය මාංචු දාගෙන ඉන්න හැටි බලන්න ආසා හිතෙනවා. ලංකාවට මහා පරිමාණ හොරුන්ගෙන් ගැලවීමක් නැහැ. ඔවුන් රටේ සියල්ල හූරාගෙන තමන්ගේ පවුල පෝසත් කරනවා. රට ඉවරයි...