( බන්ධුල ඉලේපෙරුම)
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටු සැසි වාරයේ පළමු වැනි වාර්තාව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා විසින් අද(10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබේ.
එම වාර්තාවට කෝප් කාරක සභාව විසින් විමර්ශනය කරන ලද විගණකාධිපති විශේෂ වාර්තා 06 ක් ඇතුළත් වනු ඇත.
2009 වසරේ සිට 2016 ජූනි දක්වා නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා සිමාසහිත ලංකා ගල් අගුරු සමාගම මඟින් සිදු කරන ලද ගල් අගුරු ප්‍රසම්පාදන සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ බලශක්ති පිළිබඳ ආංශික අධික්ෂණ කමිටුවේ ඉල්ලීම පරිදි විගණකාධිපති විසින් ඉදිරිපත් කරනු ලබන විශේෂ විගණන වාර්තාව, මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ ශක්‍යතා අධ්‍යයනය සහ එම ව්‍යාපෘතිය සඳහා වන ප්‍රසම්පාදන කටයුතු පිළිබඳ විශේෂ විගණන වාර්තාව ඊට ඇතුළත්ය.
මෙයට අමතරව ලක්විජය බලාගාරයේ මෙහෙයුම් කටයුතු හා එහි පාරිසරික බලපෑම සම්බන්ධ විගණකාධිපති විශේෂ වාර්තාව, කැළණි ගඟේ දූෂණය සම්බන්ධ විශේෂ විගණන වාර්තාව, 2016 වර්ෂය තුලදී ජාතික ලොතරැයි මණ්ඩලයට පරිගණකාශ්‍රිත දිනුම් ඇඳීම සඳහා වූ ලොතරැයිපත් මුද්‍රණය හා බාරදීම පිළිබඳ ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් සිදු කරන ලද විශේෂ විගණන වාර්තාව සහ රාජ්‍ය සේවයේ ඩිජිටල්කරණය කිරීමට අදාළව සීමාසහිත ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය ඉටුකර ඇති කාර්‍යභාරය පිළිබඳ විශේෂ විගණන වාර්තාව ඊට ඇතුළත් ය.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
කෝප් කමිටු සැසිවාරයේ පළමු වාර්තාව අද පාර්ලිමේන්තුවට