(නිමල කොඩිතුවක්කු)
කාබනික පොහොරවලට ජනතාව හුරුවන තුරු කාබනික සහ රසායනික පොහොර දෙවර්ගයම භාවිතා කිරීම සඳහා අවස්ථාව සලසා දෙන ලෙස ආණ්ඩුවෙන් යළිත් වරක් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ක්‍රමවත් සහ නිශ්චිත සැලැස්මකට අනුව ගත යුතු තීන්දු පටු අරමුණු වෙනුවෙන් ගැනීම හේතුවෙන් මෙරට ගොවි ජනතාවත් සමස්ත රට වැසියනුත් බරපතල අනතුරක අභිමුව සිටින බවද විපක්ෂ නායකවරයා සදහන් කළේය.
ලුණුගම්වෙහෙර බෙරලිහෙල ප්‍රදේශයේ ජනතාව හමු වෙමින් ඔහු මේ බව පැවසීය. එහිදී ප්‍රදේශයේ ජනතාව මුහුණ දෙන විශේෂ ප්‍රශ්න කිහිපයක් පිළිබඳව විපක්ෂ නායකවරයා සිය අවධානය යොමු කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයාව කටයුතු කරන අවධියේ දී ප්‍රදේශයේ ජල ගැටලුව විසඳීම වෙනුවෙන් ලුණුගම්වෙහෙර ජල යෝජනා ක්‍රමය වැඩි දියුණු කිරීම සඳහා වූ ව්‍යාපෘතිය ආරම්භ කළ අතර නව ආණ්ඩුව විසින් එම ව්‍යාපෘතිය අතරමඟ නවතා දැමීම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව බලවත් ජල ගැටලුවකට මුහුණ දී සිටින බවද එහිදී හෙළි විය.
මේ පිළිබඳව විපක්ෂ නායකවරයා සිය අවධානය යොමු කළ අතර ලුණුගම්වෙහෙර ජල යෝජනා ක්‍රමය වැඩි දියුණු කිරීම සහ ජල ගැටලුවට ස්ථිරසාර විසඳුමක් ලබාදීමේ අවශ්‍යතාවය එහිදී අවධාරණය කරනු ලැබීය.
අනුරාධපුර වෛද්‍යවරිය අතවරයට ලක් කළ සැකකරු මීට සුළු වේලාවකට පෙර ගල්නෑවේ දී අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.
පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ
උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.
රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
කාබනික පොහොරවලට හුරුකරන හැටි සජිත් කියයි
Bamunuarachchi Monday, 02 August 2021 11:48 AM
කොරෝනා වලට බෙහෙත් නියම කළා වගේද?
RaveendraTuesday, 03 August 2021 06:54 AM
ඒකනේ මිනිසුන් කියන්නේ අපේ සජිපුතා හරි හපනා ඕනෑම විෂයක් පිලිබදව කෙල පැමිණි දරුවෙක් කියල.....හැබැයි පොඩි අවුලක් තියෙනවා තමන් කිසි දෙයක් නොදන්නා බව තමන් නොදැන සිටීම. එකනේ කව්රුහරි කියන දෙයක් ඔහේ ඇවිත් පාට පාට කැට ඉදිරියට ඇවිත් කියවන්නේ....
Ruhunu Monday, 02 August 2021 01:12 PM
උසනම් කාබනික... මිටි නම් රසායනික....
Cisco Monday, 02 August 2021 01:13 PM
ඇයි පෙළපාලි ගිහිනුත් කාබනික පොහොරට හුරුවෙන්න පුළුවන්...
Shantha Qatar Monday, 02 August 2021 01:43 PM
බොත්තම තද කරලා බලන්න මොනවද පාවිච්චි කරපු පෝර කියලා...
වාසුදේව Monday, 02 August 2021 02:39 PM
සජිත්ගේ කතාව සහතික ඇත්ත.. කොච්චර කෘෂිකාර්මික විශේෂඥයින් කීවද මේක අවුරුදු 5 ක විතර කාලයක් අරගෙන රසායනික පොහොර ක්‍රමයෙන් අඩුකරන්න කියලා. වැඩක් සාර්ථක වෙන්න නම් ඒ සඳහා වැඩපිළිවෙලක් තිබිය යුතුයි.. එසේ තිබුණි නම් මිනිස්සු පොහොර ඉල්ලා මහා පාරට එ්මට අවශ්‍ය නොවේ. ගොවියන් පොහොර නැතුව පොළවේ පස් කනවා. ගොවියා රජකරනවා කිව්ව පාලකයින්ට ගොවියා අද සාප කරනවා...
BamunuarachchiTuesday, 03 August 2021 10:39 AM
ඉතින් ඒ ගොල්ලන්ගේ කාලේ නොකලේ ඇයි.
මුණසිංහ Monday, 02 August 2021 02:42 PM
දෙකම කවලම් කරලා වැඩක් නැහැ. පස සාමාන්‍යකරණය එතකොට වෙන්නේ නැහැ. රසායනික ද්‍රව්‍ය වලට පාංශු ජීවීන් විනාශ වන බව දන්නේ නැතිද?
Sri Lanka Monday, 02 August 2021 03:45 PM
ඔය විදිහට තමයි සුද්දන් අපිට අරක්කු, සිගරට්, බෙහෙත්, කිරිපිටි පුරුදු කළේ...
Nihal Monday, 02 August 2021 03:52 PM
අද තාත්තයි, රංජන් විජේරත්නයි හිටියා නම් මේවා සුළු දේවල්නේ...
RaveendraTuesday, 03 August 2021 06:49 AM
ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය. ඒ නිසාමනේ තමන් වපුරපු විදියටම වැලිගම් බලා ගියේ අස්වැන්න එලෙසම නෙලාගෙන.