(මනෝප්‍රිය ගුණසේකර)
ජීවානුහරණය කළ කාබනික පොහොර ගෙන්වීමට ටෙන්ඩර් ලබාගෙන බැක්ටීරියා ඇතුළු අහිතකර ජීවීන් සිටින පොහොර තොගයක් ලංකාවට ගෙනා බව කියන චීන සමාගමට එහි ශ්‍රී ලංකා නියෝජිතවරයාට සහ මහජන බැංකුවට එරෙහිව කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා අද වාරණ නියෝගයක් නිකුත් කළේය.
වානිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විසින් ද අදාළ චීන සමාගම ඇතුළු වගඋත්තරකරුවන්ට එරෙහිව මීට පෙර අවස්ථාවක වාරණ නියෝගයක් නිකුත් කොට තිබූ අතර අද දෙවැනි වරටත් මෙලෙස වර්ණ නියෝගයක් නිකුත් කෙරිණි.
"කුවින්ඩාඔ' නමැති චීන සමාගම විසින් ආරම්භ කරන ලද ණයවර ලිපියට අනුව එම සමාගම වෙනුවෙන් මුදල් ගෙවීම හෝ මුදල් ලබාගැනීම වළකාලමින් වාණිජ මහාධිකරණය මෙලෙස වාරණ නියෝගයක් නිකුත් කරනු ලැබූයේ ලංකා පොහොර සමාගම ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවය.
ලංකා පොහොර සමාගම විසින් කුවින්ඩාඔ සිවින් බයොටෙක් ගාප් කොම්පනි නමැති චීන සමාගම එහි දේශීය නියෝජිතවරයා සහ මහජන බැංකුව වගඋත්තරකරුවන් කරමින් මෙම පෙත්සම ඉදිරිපත් කොට තිබිණි.
පෙත්සම්කරු වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් අතිරේක සොලිස්ටර් ජනරාල් සුසන්ත බාලපටබැඳි මහතා කරුණු ඉදිරිපත් කරමින් රුපියල් බිලියනයකට වඩා වැඩි වටිනාකමකින් යුත් ජීවානුහරණය කළ කාබනික පොහොර ලංකාවට ගෙන්වීමේ ටෙන්ඩරය ලබා ගත් වගඋත්තරකාර කුවින්ඩාඔ සිවින් බයොටෙක් ගාප් කොම්පනි නමැති චීන සමාගම එම ටෙන්ඩරය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පොහොර තොගයක් ලංකාවට එවීමට පියවර ගත් බව දැනුම් දුන්නේය.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
කාබනික පොහොර ගෙන් වූ මෙරට නියෝජිතට - මහජන බැංකුවට වාරණයක්
WCA Tuesday, 26 October 2021 09:37 PM
අර කතාවක් තියෙනවනේ බල්ලොත් එක්ක නිදියගත්තොත් මැක්කොත් එක්ක නැගිටින්න වෙන්නෙ කියල.අපේ පැරැන්නෝ කට කහනවට නෙවෙයි ඕවා කියල තියෙන්නේ.
ravin Wednesday, 27 October 2021 07:49 AM
මගේ කොමිස් එක දෙනවනම් අපි ඔය ඔක්කොම වෙනස් කරලා දෙන්නම් .ඔවද අපි කල වැඩ ?
Perera Wednesday, 27 October 2021 12:18 PM
කාබනික පොහොර කොහොමද ජීවානුහරණය කරපුවා වෙන්නේ..?
ජනතා Saturday, 30 October 2021 04:46 PM
නීතිය කාටත් එක වගේ නම් මෙවැනි දේ දිගින් දිගටම වෙන්න විදියක් නැහැනේ... රටේ සම්පත් කොල්ල කාලා දඬුවම් විඳපු අය කොයි ආණ්ඩුවේවත් නෑ.