IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


කාබනික පොහොර හා ස්වභාවික ඛනිජ ආනයනයට පියවර

(ඩයනා උදයංගනී)

ජාත්‍යන්තර තරඟකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් කාබනික පොහොර හා ස්වභාවික ඛනිජ ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

මහ කන්නයේදී වී වගා හෙක්ටයාර ලක්‍ෂ 5කට අවශ්‍ය කාබනික පොහොර රජයට අයත් පොහොර සමාගම් මගින් ආනයනය කර ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හරහා ගොවීන්ට බෙදාදීමටත්, අනෙකුත් බෝග හෙක්ටයාර ලක්‍ෂ 6කට මෙන්ම ආහාර නොවන විසිතුරු පැලෑටි, කැපුම් මල් වගාව හා නිර්පාංශු වගාවට අවශ්‍ය කාබනික පොහොර අදාළ පර්යේෂණ ආයතනවල නිර්දේශ අනුව ආනයනය කර බලපත්‍ර ක්‍රමවේදයක් යටතේ ගොවීන්ට බෙදාදීමටත් මෙහිදී අනුමැතිය හිමිව තිබේ.

මීට අමතරව මහ කන්නයේදී හෙක්ටයාර 2,24,000කට අවශ්‍ය කාබනික පොහොර දේශීය නිෂ්පාදකයින් හරහා සපයා ගැනීමට ද අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.

සම කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසුවේ ආනයනය කරනු ලබන පොහොරවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් පර්යේෂණ ආයතන තුනක් හරහා සොයා බැලෙන බවය. සෞඛ්‍ය ගැටලු රැසකට හේතු වී ඇති රසායනික පොහොර ආනයනය තහනම් කර කාබනික පොහොර ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙල යටතේ මෙම තීරණ ගත් බව ද ඇමතිවරයා කීවේය.

 



අදහස් (8)

කාබනික පොහොර හා ස්වභාවික ඛනිජ ආනයනයට පියවර

siri Tuesday, 01 June 2021 07:56 AM

චීනයේ එකතුවෙන ඇති විශාල අපද්‍රව්‍ය ආනයනය කර ඒවා අපේ රටේදී කාබනික පොහොර ලෙසට නිෂ්පාදනය කිරීමේ උත්සාහයක් තියෙනවා කියලා වාර්තාවක් මම දැක්කා.

:       3       29

Aruna Tuesday, 01 June 2021 08:11 AM

අමන වැඩක් ...!!!

:       3       23

kamal Tuesday, 01 June 2021 09:06 AM

ආනයනය තමයි අපේ ජාතික ක්‍රීඩාව.. අපි ඒකෙන් ලෝක පූජිත ලෝක ශූරයෝ... පිටරටවලින් එන කාබනික පොහොරවල තිබිය හැකි විෂබිජ, බැක්ටීරියා, වෙනත් වල්පැළ, ඇටවර්ග ගැන දැනගැනීමක් නැතිව කරන සංදර්ශන තමයි.

:       2       23

SL Tuesday, 01 June 2021 09:36 AM

මේවත් එක්ක පොළවට ලෙඩ එන්න බැරිද? අපේ රටේ හැම බිම් අඟලකම පොහොර තියෙනවා. ඒවා වඩාත් දියුණු කරන්න බැරිද?. ලංකාවෙන් පොහොර පිට රට යවන කොට ඒ රටවලින් බලන ප්‍රමිතිය අපේ රටට ගෙන්වනකොට බලනවද? ඊස්‍රායලයෙන් ඉගෙන ගන්න පාඩමක් නැතිද?.

:       2       19

pradeep Tuesday, 01 June 2021 09:59 AM

මේක ඉතා භයානක වැඩක්... මේවල ප්‍රමිතිය කොහොමද සොයා බලන්නේ...?

:       1       10

Rata Perata Tuesday, 01 June 2021 10:01 AM

මේ චීන අසූචි යූරියා මිශ්‍ර කරලා මෙහාට ගෙන්වන තවත් අමන වැඩක්.. මේ ගෙන්වන ආයතනයේ ඉන්න කට්ටිය ගැන දන්නවා නම් ඒක තේරේවි.

:       1       13

Banuka Tuesday, 01 June 2021 11:48 AM

කටින් බතල හිටවනවා කියන්නේ මේකට තමයි. ඔහොම පෙන්නන්නේ නැතුව කෙලින්ම කුඹුරට ගිහිල්ලා ඒ කාබනික පෝර භාවිතා කරනවා පෙන්නුවා නම් නේද හොඳ...? අක්කරයක් කරලත් පොහොර තුන් පාරක් ගැහුවේ නැත්තම් ගොයම් ගස් ටික තමයි කපන් එන්න වෙන්නේ... රසායනික පොහොර 100%ක් තහනම් කිරීම තුළ අස්වැන්න අඩුවීම ස්ථිරයි..

:       0       4

ranji Tuesday, 01 June 2021 01:19 PM

අන්තිමට කැරකිලා එන්නේ ඔතනට තමයි. ආනයනයට...!!! පිටරට මොන ජරාවක් ඒවිද කවුද දන්නේ..? අනේ රට පත්වූ ඉරණමක්..

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 467 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 149 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 159 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 634 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 213 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 670 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 774 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 745 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site