IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


කැබිනට් ඇමැතිවරු මේ මස වැටුප ප්‍රදානය කරති

(අජන්ත කුමාර අගලකඩ)

සියලු කැබිනට් ඇමැතිවරුගේ අගෝස්තු මස වැටුප කෝවිඩ් අරමුදලට ලබා දීමට අද පැවැති කැබිනට් රැස්වීමේ දී තිරණය කර ඇත.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ බව කැබිනට් මණ්ඩල රැස්වීමේදි ප්‍රකාශයට පත් කර ඇත.

කොවිඩ් 19 නිසා පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කිරීමට සිදුවුවහොත් කැපවීම් කිරීමට සියලු ජනතාව සූදානම් වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීම අනුව සියලු අමාත්‍යවරුන් අගෝස්තු මාස වැටුප කෝවිඩ් අරමුදලට පිරිනමන බව අගමැතිවරයා පවසා ඇත.

 



අදහස් (17)

කැබිනට් ඇමැතිවරු මේ මස වැටුප ප්‍රදානය කරති

sugath Monday, 23 August 2021 05:57 PM

ඔන්න ඔහොමනෙ වැඩ කරන්ට ඕනේ.

:       9       11

දාසMonday, 23 August 2021 06:46 PM

කෝටි ගනන් දේශපාලනෙන් හම්බ කරල මේ වගෙ සොච්චමක් දෙන එකට ,ඔගොල්ලන්ගෙ පැටිකිරිය දන්න අපිට ප්‍රසස්ථි ගායනා කරන්න ,අපට නම් ශක්තියක් නැහැ මහත්තයො.

:       5       52

sisiraMonday, 23 August 2021 07:11 PM

අර කොහේද කාල්ටන් නිවස 2012 අත්පිට මුදලට ගන්නට හැකිනම් වැටුප ප්‍රදානය මොන කජ්ජක්ද?

:       4       26

lakshman nanayakkara Monday, 23 August 2021 06:14 PM

මාසෙක වැටුප නෙමෙයි, කොරෝනා ඉවර වෙනකම් දුන්නත් මොකද? මෙයාලගේ අම්මගේ අප්පගේ සල්ලි නෙමෙයිනේ. පරිප්පුවලින්, සීනිවලින්.., අපිටම ගහන බදුමුදල්නේ... අපි වෙනුවෙන් කොරෝනා ඉවර වෙනකම් වැටුප් නොගෙන හිටපල්ලා... නියම ජනනායකයෝ එහෙමයි.

:       3       40

Koka Monday, 23 August 2021 06:24 PM

ඉන්ධන දීමනාව දුරකථන දීමනාව නිල නිවාස දීමනාව වගේ දීමනා ලැබෙනවා මේ ඔක්කොම එකතු වෙත කොට වැටුප වගේ 10 ගුනයක් විතර ලැබෙනවා

:       3       45

aruna shantha Monday, 23 August 2021 06:26 PM

ඕවා මොනවාද, කොමිස්, අල්ලස්, ජරාව කෝටි ගණන් හම්බකරද්දී.

:       2       46

විපරමා Monday, 23 August 2021 06:34 PM

දෙනවානම් හෙල්පින්ග් හම්බන්තොට වගේ පවුලේ අනික් අයගේ ගිණුම් වලටත් ලැබුණු ආදාරත් ඇතිනේ?

:       6       35

Ratne Monday, 23 August 2021 06:39 PM

සීනි සඳහා රු. 49.75 ක විශේෂ සහනයක් ලබා ගත් සමාගමෙන් ද, අවම වශයෙන් ලැබුණු සහනයෙන් කිලෝග්රැමයට රු. 24.75 ක් වත් මෙම අරමුදලට ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවනම් වඩාත් කාලෝචිතවේ.

:       2       36

fairoos Monday, 23 August 2021 06:48 PM

දැන්වත් මොලේ පෑදුන එක හොඳයි.

:       13       10

පප්පMonday, 23 August 2021 07:04 PM

මොලේ පෑදෙන්න මේ ගොල්ලන්ගෙ, අනේ ලමයො මේ බොරු ෂෝ අපිව අන්දන්න. මෙ යාට ලංකාව අපිත් එක්ක ගන්න සල්ලි තියෙනව.

:       3       36

ganegoga Monday, 23 August 2021 07:15 PM

හැම දාම උදේට පොල්ගෙඩියක් ගහලා දෙවියන්ගෙන් ඉල්ලන්නේ, පෙරළියන්කෝ බරකරත්තේ..., පෙරළියන් කියලා...!

:       3       14

ගමේ එකාලා Monday, 23 August 2021 08:31 PM

පවුල් පාලනේ අයව නඩත්තු කරන්නම විතරක් අපේ රටේ බදුගෙවන මහජනතාව කොයිතරම් මුදලක් වියදම් කරනවා ඇත්ද? මේ වෙනකොට නූපන් දරුවන් පවා ලෝකෙටම ණය කාරයින් කරලා තියෙන්නේ..

:       4       23

sam Monday, 23 August 2021 08:54 PM

මේ විපත් අවස්ථාවේ කැපවීමෙන් වැඩකරන සෞඛ්‍ය සේවකයන් ඇතුළු වෙනත් අංශවල සේවකයන්ට තව කීයක් හරි වැඩියෙන් ගෙවනවා මිසක ඔවුන්ගේ වැටුපෙන් කොටසක් ඉල්ලන යෝජනාව කවුරුත් නොකරනවා නම් හොඳයි නේද?

:       0       0

Perera Tuesday, 24 August 2021 05:59 AM

ඇමැතිගෙ වැටුප රු 65000 ක් .ඉට වඩා මාසික දීමනා මේ අයට හිමි වෙනවා

:       0       0

මාම Tuesday, 24 August 2021 06:23 AM

අර සරත් එන් සිල්වා කියපු විදියට ගහපු සුනාමි සල්ලි ටික හොඳ කොල්ලා වගේ..., දුප්පත් අයට දෙන්න මගේ පුතේ... දරුවන්ට ඇතිතරම් හම්බ කරලා දීලා තියෙනවානේ පරම්පරා ගාණකට. මුලු පරපුරම රටේ සාරය උරාගෙන බොනවනේ අවුරුදු ගාණක් තිස්සේ. දැන්වත් ඕක නවත්තන්න කිරි පුතේ...

:       0       3

Nuwan Tuesday, 24 August 2021 11:08 AM

ලෝක පූජිත ෆොර්බ්ස් සඟරාවට අනුව අගමැතිතුමාගේ වත්කම ඩොලර් බිලියන 15ට වැඩි. අවුරුදු 50 දේශපාලනේ කරලා වැටුප සම්පුර්ණයෙන්ම ඉතිරි කරලා

:       0       2

gamini Tuesday, 24 August 2021 11:42 AM

ගිණුම් පවත්වාගෙන යන්නේ නැති නිසා, ලෙඩුන්ට කෙළින්ම උදව් කරන්න වෙන්නෙ

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 635 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 176 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 526 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 133 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1777 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 184 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site